මීගමුව පුරවරයේ වීදි පහන් සම්බන්ධයෙන් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කර, ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා සැප්තැම්බර් 16 වන දින විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා LECO ආයතනයේ නිලධාරීන්, මීගමුව මහ නගර සභාවේ වීදි පහන් නඩත්තු අංශය, නාගරික කොමසාරිස්තුමා සහ කාර්මාන්ත කමිටුවේ සභාපතිතුමා සහභාගී වූහ.
මීගමුව පුරවරයේ වීදි පහන් සම්බන්ධ ගැටලු හඳුනාගෙන, ඒවා කඩිනමින් විසඳීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.




















