ජපානයේ නගෝයා නගරයේ පැවති 20 වැනි ආසියානු ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් එක් කළ ලෝක ශූර රුමේෂ් තරංග පසුගිය 30 වැනි (30/09/2026) දින මධ්‍යම රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියේය.

ඔහු සමගින් ලොව අති විශිෂ්ඨතම හෙල්ල විසි කිරීමේ පුහුණුකරුවා ලෙස සැලකෙන මීගමුවේ, ටෝනි ප්‍රසන්න මහතාද, රුමේෂ්ගේ මව්පියන් සහ මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද දිවයිනට පැමිණියහ.
ගුවන් තොටුපළෙහි රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතූ රුමේෂ් තරංග, තමන් ජපානයට පිටත්ව ගියේ හෙල්ල විසි කිරීමේ පැවති ආසියානු වාර්තාව අලුත් කරමින් රන් පදක්කම දිනා ගැනීමේ අරමුණින් බවත්, එහෙත් එහි පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය ඊට බාධාවක් වූ බවත් පැවසීය.
ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිලෝ මීටර් හය හත්සියක් දුර ගෙවාගෙන තමන් දිරිමත් කිරීම සඳහා නගෝයා ක්‍රීඩාංගනයට පැමිණ සිටීම පිළිබඳව සිය කෘතඥතාව පුද කිරීමටද රුමේෂ් තරංග අමතක කළේ නැත.
රුමේෂ් තරංග ඇතුළු පිරිස හොංකොං නුවර සිට “කැතේ පැසිෆික්” ගුවන් සේවයේ සී.එක්ස්- 611 දරන ගුවන් යානයෙන් 30 වැනිදා රාත්‍රී 11.30 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු ඇතුළු අනෙකුත් පිරිස ද පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ, ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම රුමේෂ් තරංගගේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසක්ද ගුවන් තොටුපළට පැමිණ සිටියහ. රුමේෂ් තරංගගේ මෙම ජයග්‍රහණය මෙරට ක්‍රීඩා ඉතිහාසයට එක්වන තවත් රන් අකුරින් ලියැවුණු පිටුවක් බවට පත්වනු නොඅනුමානය.
මේ වසදෙී එනම්, 2026 වසරේදී රුමේෂ් තරංග ජාත්‍යන්තර හෙල්ල විසි කිරීමේ පිටියේ අති දැවැන්ත දස්කම් දක්වමින් ලොව අංක 1 ක්‍රීඩකයා බවට පත්ව ඇත. ආසියානු ක්‍රීඩා උළෙලේදී (ජපානයේ Aichi-Nagoya) මීටර් 88.55ක් විසි කරමින් ශ්‍රී ලංකාවට පළමු හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනා දුන් ඔහු ඉතිහාසය අලුතින් නිර්මාණය කළේය.
එමෙන්ම, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී (Glasgow) මීටර් 89.75ක් වාර්තා කරමින් ඉන්දියාවේ නීරාජ් චොප්රා වැනි ප්‍රබලයන් පරාජය කර රන් පදක්කමක් දිනා ගැනීමට රුමේෂ් සමත් විය. World Athletics Ultimate Championship තරගාවලියේදී මීටර් 91.09ක් විසි කරමින් රන් පදක්කම සහ ශූරතාව දිනා ගනිමින් ඔහු තම ආධිපත්‍යය තහවුරු කළේය.
ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේදී (ඉතාලියේ රෝමයේදී) මීටර් 92.62ක නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා, 2026 වසරේ ලොව හොඳම දක්ෂතාව ලෙස එය සනිටුහන් කරමින් සමස්ත ඳඩයමන්ඩ් ලීග් ශූරතාව දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් විය.
සටහන .-. තුෂාර රෝහන් ප්‍රනාන්දු
ඡායාරූප .-. ටී.කේ.ජී. කපිල (( කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ සිට ))




















