ජනවාරි, 2012

කපිල නන්ද සුලෝචන මන්තී‍්‍රවරයාට මාරාන්තික පිහි ප‍්‍රහාරයක්

Posted on 31 ජන 2012 at 5:07ප.ව.

 අද උදෑසන 8.20 ට පමණ මීගමුව අ`ගුරුකාරමුල්ල විහාරස්ථානය අසලදී මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ (එ.ජ.නි.ස* කපිල නන්ද සුලෝචන නාගරික මන්ති‍්‍රවරයාට මාරන්තික මන්නා පිහි ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. යතුරු පැදියකින් පැමිණි නා`දුනන පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ල`ග තිබූ අඩි 03 ක් පමන වන දිග මන්නා පිහියෙන් නාගරීක මංතී‍්‍රවරයාගේ බෙල්ල ප‍්‍රදේශයට එල්ල කල එම මන්නා පිහි ප‍්‍රහාරය වලකාලීමට උත්සහ ගත් අවස්ථාවේ එම පිහි ප‍්‍රහාරය එල්ල වී තිබුණේ මන්ති‍්‍රවරයාගේ දකුණු අතටයි. ඔහුව මීගමු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහුගේ දකුණතේ ඇගිලි ආශී‍්‍රත ප‍්‍රදේශයට මැහුම් 10 ක් පමණ දමා තිබේ. මන්තී‍්‍රවරයාගේ දියණියක මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර සුපුරුදු ලෙස උදෑසන එම දියණියව විද්‍යාලයට ඇරලවා තම මිතුරෙකු සමග කථා කරමින් සිට විහාරස්ථානයේ ගේට්ටුව අසලට පැමිණි විට පාන්කඩ හංදිය දෙසින් පැමිණි යතුරු පැදියේ සිටි ආරක්ෂික හිසු වැසුමක් හෝ පැළ`ද නොසිටි යතුරු පැදියේ පිටු පස ආසනයේ සිටි පුද්ගලයා තමාට මෙම මාරන්තික මන්නා පිහි ප‍්‍රහාරය එල්ල කල බව ඔහු පවසයි. තමාට මෙම මන්නා පිහි ප‍්‍රහාරය එල්ල කල පුද්ගලයන්ගෙන් යතුරු පැදිය පදවා ගෙන ආ පුද්ගලයා ආරක්ෂක හිස් වැසුමක් පැළ`ද සිටි නිසා ඔහු හ`දුනා ගත නොහැකි වූ බවද ඔහු පවසයි. යතුරු පැදියේ පිටු පස සිට තමාට මන්නා පිහියෙන් පහර දුන් පුද්ගලයා මීට ඉහත අවස්ථා කිහිපයකදීම තමන් ලූහුබ`දිමින් සහ තමන් යන ගමන් බිමන් පිලිබ`දව මහත් පරීක්ෂාවකින් පසු වූ බවත් පවසන මංතී‍්‍රවරයා ඒ පිලිබ`දව පසුගිය දිනෙක මීගමුව, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ද පැමිණිලි කර තිබේ. ඒ අවස්ථාවේ දින කිහිපයක් ඔහුට පොලිස් ආරක්ෂාව ද සපයා ති්බිණි. තමන් තිස් වසරක් තුළ මීගමුව ප‍්‍රදේශයේ දේශපාලන කටයුතු වල නියැලෙන බවත් මෙතෙක් මෙවැනි සිදු වීමකට මුහුණු නොදුන් බවද ඔහු අවධාරණය කරයි. එලෙසම තමන් මීගමුවේ පොදු ජනතාවගේ දේශපාලන මහජන නියෝජිතයෙකු ලෙස සෑම විටම නගර සභාවේ ¥ෂණ වංචා අක‍්‍රමිකතා සහ අසාධාරණ වලදී නොබියව ඒවා පෙන්වා දුන් බවද ඔහු ස`දහන් කරයි. ඒ අනුව 2012 වසර ස`දහා මීගමුව මහා නගර සභාවේ දේපල ටෙන්ඩර් නොකර පසුගිය ටෙන්ඩර් වලින්මීගමුව ආන්ඩු පක්ෂ , නගර සභා මංතී‍්‍ර කපිල නන්ද සුලෝචනට මාරාන්තික මන්නා පිහි ප‍්‍රහාරයක් අද උදෑසන 8.20 ට පමණ මීගමුව අ`ගුරුකාරමුල්ල විහාරස්ථානය අසලදී මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ (එ.ජ.නි.ස* කපිල නන්ද සුලෝචන නාගරික මන්ති‍්‍රවරයාට මාරන්තික මන්නා පිහි ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. යතුරු පැදියකින් පැමිණි නා`දුනන පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ල`ග තිබූ අඩි 03 ක් පමන වන දිග මන්නා පිහියෙන් නාගරීක මංතී‍්‍රවරයාගේ බෙල්ල ප‍්‍රදේශයට එල්ල කල එම මන්නා පිහි ප‍්‍රහාරය වලකාලීමට උත්සහ ගත් අවස්ථාවේ එම පිහි ප‍්‍රහාරය එල්ල වී තිබුණේ මංති‍්‍රවරයාගේ දකුණු අතටයි. ඔහුව මීගමු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහුගේ දකුණතේ ඇ`ගිලි ආශී‍්‍රත ප‍්‍රදේශයට මැහුම් 10 ක් පමණ දමා තිබේ. මන්තී‍්‍රවරයාගේ දියණියක මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර සුපුරුදු ලෙස උදෑසන එම දියණියව විද්‍යාලයට ඇරලවා තම මිතුරෙකු සම`ග කථා කරමින් සිට විහාරස්ථානයේ ගේට්ටුව අසලට පැමිණි විට පාන්කඩ හංදිය දෙසින් පැමිණි යතුරු පැදියේ සිටි ආරක්ෂික හිසු වැසුමක් හෝ පැළ`ද නොසිටි යතුරු පැදියේ පිටු පස ආසනයේ සිටි පුද්ගලයා තමාට මෙම මාරන්තික මන්නා පිහි ප‍්‍රහාරය එල්ල කල බව ඔහු පවසයි. තමාට මෙම මන්නා පිහි ප‍්‍රහාරය එල්ල කල පුද්ගලයන්ගෙන් යතුරු පැදිය පදවා ගෙන ආ පුද්ගලයා ආරක්ෂක හිස් වැසුමක් පැළ`ද සිටි නිසා ඔහු හ`දුනා ගත නොහැකි වූ බවද ඔහු පවසයි. යතුරු පැදියේ පිටු පස සිට තමාට මන්නා පිහියෙන් පහර දුන් පුද්ගලයා මීට ඉහත අවස්ථා කිහිපයකදීම තමන් ලූහුබ`දිමින් සහ තමන් යන ගමන් බිමන් පිලිබ`දව මහත් පරීක්ෂාවකින් පසු වූ බවත් පවසන මංතී‍්‍රවරයා ඒ පිලිබ`දව පසුගිය දිනෙක මීගමුව, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ද පැමිණිලි කර තිබේ. ඒ අවස්ථාවේ දින කිහිපයක් ඔහුට පොලිස් ආරක්ෂාව ද සපයා ති්බිණි. තමන් තිස් වසරක් තුළ මීගමුව ප‍්‍රදේශයේ දේශපාලන කටයුතු වල නියැලෙන බවත් මෙතෙක් මෙවැනි සිදු වීමකට මුහුණු නොදුන් බවද ඔහු

අවධාරණය කරයි. එලෙසම තමන් මීගමුවේ පොදු ජනතාවගේ දේශපාලන මහජන නියෝජිතයෙකු ලෙස සෑම විටම නගර සභාවේ ¥ෂණ වංචා අක‍්‍රමිකතා සහ අසාධාරණ වලදී නොබියව ඒවා පෙන්වා දුන් බවද ඔහු ස`දහන් කරයි. ඒ අනුව 2012 වසර ස`දහා මීගමුව මහා නගර සභාවේ දේපල ටෙන්ඩර් නොකර පසුගිය ටෙන්ඩර් වලින් එම නගර සභා දේපල පවත්වා ගෙන ආ පුද්ගලයන්ටම යලි මේ වසරේද ඒවා පැවරීමට එරෙහිව තමන් පසුගිය මහා සභා රැුස්වීම්වලදීද එලෙසම කාරක සභා අවස්ථාවලදීද එම අසාධාරණ නීතිවිරෝධී ගනුදෙණු සහ කටයුතු පිලිබ`දව දැඩි ලෙස විරුද්ධත්වය ප‍්‍රකාශ කල බවද අවධාරනය කළේය. එදා පටන් මෙලෙස තමන්ට මරනීය තර්ජන එල්ල වන්නට වු බව ඔහුගේ අදහසයි. එම නගර සභා දේපල පවත්වා ගෙන ආ පුද්ගලයන්ටම යලි මේ වසරේද ඒවා පැවරීමට එරෙහිව තමන් පසුගිය මහා සභා රැුස්වීම්වලදීද එලෙසම කාරක සභා අවස්ථාවලදීද එම අසාධාරණ නීතිවිරෝධී ගනුදෙණු සහ කටයුතු පිලිබ`දව දැඩි ලෙස විරුද්ධත්වය ප‍්‍රකාශ කල බවද අවධාරනය කළේය. එදා පටන් මෙලෙස තමන්ට මරනීය තර්ජන එල්ල වන්නට වු බව ඔහුගේ අදහසයි.

 

මීගමුවේ සුළු ධීවරයන් වර්ජනයක.

Posted on 31 ජන 2012 at 12:20ප.ව.

මීගමුවේ  කොටුව පිට්ටනිය අසල වැල්ලේ කරවල අලෙවි කරන ව්‍යාපාරිකයන් සිය කරවල නිෂ්පාදන කටයුතු සදහා පිටපළාත් වලින් මාළු ගෙන ඒමට විරෝධය පළ කරමින් වැල්ලවිදිය සහ කුඩාපාඩුව යන ප්‍රදේශවල කුඩා බෝට්ටු ධීවරයන් අද මුහුද යෑමෙන් වලැකි සිය විරෝධය පළ කරන්නට කොටුව පිට්ටනිය වැල්ලට  රැස්ව සිටියහ.මෙම විරෝධය  සදහා ඔවුන් හේතු දැක්වූයේ  තමන්ගේ මත්ස්‍ය නිෂ්පාදන,  කරවල නිෂ්පාදනය සදහා නොගෙන කරවල ව්‍යාපාරිකයින් ඒ සදහා පිටින් මාලු ගෙන්විම තමන්ට බලපාන බවයි.
මේ සදහා විරෝධය දැක්වූ ධීවරයින්ට මීගමුව පොලීසිය විසින් බාධා කරමින්ප්‍රකාශ කර සිටියේ එම ස්ථානය අවට උසාවි කීපයක්  තිබෙන නිසා සාමය කඩවුවහොත් අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට සිදුවන බවයි. පසුව මෙම දෙපිරිස මේ ගැටළුව සාකච්ඡා කිරීම සදහා මීගමුව පොලිස් ස්ථානය වෙත ගිය අතර  ගැටලුව සදහා කිසිදු විසදුමක් තවමත් නොලැබුණ බව ධීවරයින් පවසති.

 

 

තෝප්පුව ඇල මායිමේ නව ඉදිකිරීමකට අවසර නැහැ

Posted on 30 ජන 2012 at 3:53ප.ව.

කොච්චිකඬේ නගරයේ  ඇති තෝප්පුව ඇල නමින් හදුන්වන ඇල මාර්ගය වසා දමා එම ඇල මාර්ගයට අයත් රක්ෂිතයද විනාශ කරමින් ඒ ඇල මාර්ගය වෙනුවට වෙනත් ඇල මාර්ගයක් කැපූ සිද්ධිය පිලිබදව පසුගිය 24 වනදා කොච්චිකඩේ පොලිස් සථානයට අලුතින් පත්ව ආ ස්ථානාධිපතිවරයා විසින් නැවත විමර්ශනය ආරම්භ කර තිබුණේ  එම ස්ථානයද පරීක්ෂාවට ලක් කරමිනි.  එසේ පරීක්ෂා කළ පසු එදිනම තුෂාර සුපර් මාර්කට්හි හිමිකරැ විසින් එම මායිමේ තාප්පයක් ගසා ඇත. එසේ තාප්පයක් ගසා ඇත්තේ ඔහු විසින් ඇල මාර්ගයෙහි කරන ලද  වෙනස්කිරීම තිබියදීම බව  වාර්තාවේ.
පසුව ජනවාරි 27 වනද කොච්චිකඩේ පොලීසියෙහි  මේ පිලිබදව  විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ සදහා පොලිස් සථානාධිපතිවරයා, මීගමුව නගරාධිපතිවරයා සහ අදාළ වසමේ ග්‍රාම නිලධාරිණිය,  සහභාගී වී ඇත.  මෙහිදී  නැවතත් එම ස්ථානයේ කිසිදු ඉදිකිරීමක්, ගොඩකිරීමක් කිරීම නැවැත්වීට යෝජනා වී ඇති අතර මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය කටයුතු කොච්චිකඩේ පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

http://www.meepura.com/news/%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80-%E0%B7%80%E0%B7%83%E0%B7%8F-%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96-%E0%B6%AD%E0%B7%9D%E0%B6%B4

.

ගී‍්‍රල් , ගේට්ටු හදන පොඩි වැඩ පළකින් තමයි මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ

Posted on 30 ජන 2012 at 2:21ප.ව.

 


‘‘ මීපුර ” ව්‍යාපාරික හමුව තුළින් මෙවර කෙටි සංවාදයක නිරත වන්නේ මීගමුව නගරයේ ස්ථාපිතව ඇති සුමුදු මාර්කටින් ප‍්‍රදර්ශනාගාර අලෙවි ආයතනයේ සහ රැුන්නිට් ඉංජිනියර්ස් යන කර්මාන්ත ආයතනයේ හිමිකරු වන ජී,එල්. සෝමසිරි මහතා සමගයි. ඉතා  සුඵවෙන් තම ව්‍යාපාරය ආරම්භ කර අද වන විට එම ව්‍යාපාරය මීගමුවේ දියුණු ව්‍යාපාර ආයතනයක් බවට පත් කරන්නට සෝමසිරි මහතා දැඩි කැපවීමෙන් කටයුතු කර ඇත. ඔහු සතු ව්‍යාපාර ඥානය, පළපුරුද්ද සහ අත්දැකීම් පිලිබදව දැනුවත්වීමට මෙම කෙටි සංවාදයට ඔහුව මෙලෙස එක්කර ගතිමු.

පළමුවෙන්ම කැමතියි ඔබේ පවුල් පසුබිම ගැන දැනගන්න ?.
අපේ ගම වුනේ දකුණේ, මාතර .මගේ පියා ගොවිතැන් කලේ .මව නම් රැුකියාවක් කලේ නැහැ. අපේ පවුලේ 07 දෙනයි. මම පවුලේ 02 වැනියා. මම ඉගෙන ගත්තේ ගල්කිස්සේ. උසස් පෙළට කලේ වානිජ විෂයන්. හැබැයි මාගේ පවුලේ කිසිවෙක් ඒ වෙද්දී ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා නම් සිටියේ නැනැ.
පාසල් අධ්‍යාපනයෙන් පසු අවධිය ?
පාසල් අධ්‍යාපනයෙන් පසු මම අපේ මාමා කෙනෙක් හිටියා වෑල්ඞීන් ෂොප් එකක් කරපු. මම එතැන රැකියාවට ගියා. ඒ අතරතුරේදී වෑල්ඩින් තාක්ෂනය ගැන පාඨමාලාවකුත් කළා. මාමාගේ වෑල්ඩින් ෂොප් එකෙන් මම හොදට ඒ කර්මාන්තය ගැන ප‍්‍රායෝගීක පුහුණුවක් ලැබූවා. ඊට පස්සේ 1981 විතර වාගේ මම මීගමුවේ ‘‘ නිල් මෑරීන් ’‘ ආයතනයේ රැුකියාවකට ආවා. එතැන මම වැල්ඩින් අංශයේ  රැුකියාවක් තමයි කළේ. ඉන් පස්සේ මම මීගමුවෙන්ම විවාහ වුණා. විවාහ වීමෙන් අනතුරුව  ඕමාන් රාජ්‍යයේ ඩිෆෙන්ස් එකේ රැකියාවකට ගියා. වසර 02 ක පමන කාලයක් මම එහි හිටියා. එහේ ඉදලා ආවාට පස්සේ මීගමුවේ මම අරගත්තු ඉඩම් කොටසක බොහෝම පොඩියට වැළ්ඞීන් වැඩපලක් දැම්මා. ඒ කියන්නේ ගී‍්‍රල් , ගේට්ටු හදන පොඩි වැඩ පලක්. එකේ හිටියේ මමයි තව එක සේවකයෙක් විතරයි. ඔය විදිහට තමයි මම මීගමුවේ මගේ මේ ව්‍යාපාර කටයුතු මුලින්ම පටන් ගත්තේ.

අද වෙද්දී ඔබේ ව්‍යාපාරය පවතින තත්වය සහ එහි ඇති සුවිශේෂී භාවය ගැන කෙටියෙන් පැහැදිලි කලොත් ?
අද වෙද්දි මගේ ව්‍යාපාරය තුලින් සුඵ පරිමාණ ,මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ හෝටල් , රෙස්ටුරන්ට්, කේට්රින් සේවා සදහා ආහාර පිසීමට අත්‍යාවශ්‍ය වන විශාල ප‍්‍රමාණයේ ගෑස් උදුන් සහ ඊට අවශ්‍ය අනෙකුත් මෙවලම් නිදෂ්පාදනය කෙරෙනවා. ඒ සදහා අවශ්‍ය නියම තාන්ෂණය සමග මුසුවුණ යන්ත‍්‍ර සූත‍්‍ර  ආදිය අප සතුයි.  ඊට අමතරව අපේ තියෙනවා හෝටල් රෙස්ටුරන්ට් කේටරින් සේවා සහ ගෘහස්තමය වශයෙන්  මුඵ තැනැගෙයකට අවශ්‍ය වන සියඵම දේ මිලදී ගත හැකි අංග සම්පුර්ණ ප‍්‍රදර්ශනාගාරයක්. මෙහිදී විදේශයන්ගෙන් ආනයනය කළ මෙවලම් ඇතුඵව අපේ කර්මාන්ත ශාලාවේ දී නිෂ්පාදනය කෙරෙන ගෑස් උදුන් ආදිය ද තියෙනවා. එමෙන්ම එම ප‍්‍රදර්ශනාගාරයේදීම ෂෙල් ගෑස් අලෙවිය ද සිදු වෙනවා. එලෙසම ජල හා විදුලි බිල්පත් ගෙවීමටද එම ප‍්‍රදර්ශනාගාරයේදී පහසුකම් සලසා තියෙනවා.
අප ව්‍යාපාරය සතු  විශේෂත්වය නම් අපි නිෂ්පාදනය කරන ගෑස් උදුන් සහ මෙවලම් සදහා අයකරන්නේ බොහෝම සාධාරණ මිළ ගණන්. ගෙවන මිලට ඉතාම හොද තත්වයෙන් යුත් ගැස් උදුන් සහ මෙවලම් තමයි අපි ලබා දෙන්නේ. අළෙවියෙන් පසු ලබා දෙන වගකීම් කාලය  අවසන් වුනත් ඉන් පසුව පවා අපි විසින් ලබා දෙන විශීෂ්ඨ සේවාව නිසා අමතර කොටස් සහ අඵත් වැඩියා කරදීම ආදී කටයුතු ඉතා සාධාරන අයකීරීම් යටතේ කෙටි කාලයක් තුලදී කර ගැනීමට පාරිභෝගීකයන්ට හැකියි. එමෙන්ම අපිට ලබා දෙන  ඕනෑම ප‍්‍රමාණයක,  ඕනෑම මෝස්තරයක ගෑස් උදුන් සහ අනෙකුත් මෙවලම් නිෂ්පාදනය කරන්න අපි සතුව අවශ්‍ය තාක්ෂනය තියෙනවා.
සුඵ පරිමාණයේ වෑල්ඩින් වැඩපලක් පටන් ගත් ඔබ අද අංග සම්පුර්ණ කර්මාන්ත ශාලාවක සහ ප‍්‍රදර්ශනාගාර අලෙවි සැලක හිමිකරුවෙක්.
මේ වාගේ ලොකු ගමනක් එන්න ඔබට අත්‍යාවශ්‍ය වෙන තාක්ෂනික ඥානය ලබා ගත්තේ කොහෙන්ද ,  ඒ වාගේ ම ඔබට උපකාර කල පුද්ගලයෝ සහ ආයතන තියෙනවාද ?

මම ගෑස් තාක්ෂනය ගැන ගොඩක්ම දැන ගත්තේ  ඕමාන් වල ඩිෆෙන්ස් එකේ රැුකියාවෙන් තමයි. ඊට අමතරව මම නිතරම මාගේ කර්මාන්ත ශාලාව තුල පරීක්ෂන සිදුකරමින් යම් යම් අත්හදා බැලීම් කරනවා. ඒකෙන් තමයි මේ තාක්ෂනය ගැන හොද ඥානයක් ලබා ගත්තේ. එලෙසම මම ගම්පහ දිස්තිං‍්‍රක්කයේ සහ මීගමුව බල ප‍්‍රදේශයේ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සමාජිකයෙක්. ඒ තුලිනුත් යම් අත්දැකීම් සමුදායක් මගේ ව්‍යාපාරයට ලැබෙනවා. ඒ වාගේම රජයේ සහ පෞද්ගලික ආයතන මගින් සංවිධානය කරන වැඩමුඵ වලටත් මම සභභාගී වෙනවා. ඒ තුලිනුත් යම් අත්දැකීම් ප‍්‍රමාණයක් මට ලැබෙනවා.
මට මේ ව්‍යාපාරය මේ තත්වයට ගේන්න ගොඩක්ම උදව් කලේ මගේ සේවක පිරිසයි. ඒ අය තමයි මට හුගක්ම සහයෝගය දෙන්නේ. ඒත් එක්කම අවශ්‍ය වෙලාවට ණය පහසුකම් සැලසීමෙන් සම්පත් බැංකුව මට උදව් කළා. ඒත් එක්කම මගේ කර්මාන්ත ශාලාවට සහ ප‍්‍රදර්ශනාගාරයට භාන්ඩ සහ අමුද්‍රව්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර සැපයීම් කරන ආයතන කිහිපයක් තියෙනවා. ඊට අමතව  ගම්පහ දිස්තී‍්‍රක්තයේ සහ මීගමුව බල ප‍්‍රදේශයේ කර්මාන්තකරුවන්ගේ සංගම් වලිනුත් මට සෑහෙන උදව් උපකාර ලැබෙනවා.

ඔබේ අනාගත ඉලක්කය කුමක්ද ?.
ලොකුවට අනාගත ඉලක්කයක් කියලා එහෙම දෙයක් නැහැ. කාලයෙන් කාලයට එන නවීන තාක්ෂනය මුසු වුණු වඩා හොද තත්වයේ භාන්ඩයක් නිෂ්පාදනය කරලා එය සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලබා දීම තමයි හැමදාම බලාපොරොත්තු වෙන්නේ. ඒවාගේම අලෙවියෙන් පසුව දැන් වාගේම  ඉතාම හො`ද සේවාවක් සැලසීම  එම ඉලක්ක අතර තියෙනවා. ඒවාගේම නුවර පාරේ කැළණිය,කඩවත,කිරිබත්ගොඩ වාගේ ප‍්‍රදේශයක මේ වාගේම කර්මාන්ත ශාලාවක් සහ ප‍්‍රදර්ශනාගාරයක් නව ශාඛාවක් ලෙස ආරම්භ කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

මීගමුව නගරයේ මේ ව්‍යාපාරය ආරම්භ කීරිම ගැන මොකද හිතෙන්නේ ?.

මීගමුව නගරය මේ වාගේ ව්‍යාපාරයකට බොහෝම හොද තැනක්. මොකද මීගමුව කියන්නේ තරු පංතියේ , මධ්‍යම පරිමාණයේ සහ සුඵ පරිමාණයේ හෝටල් රෙස්ටුරන්ට් කේටරින් සේවා බොහෝමයක්. ඒ වාගේම මීගමුවට ආසන්න තවත් ගම් සහ නගර රැුසක් තියෙනවා. ඒ අයත් නිතරම මීගමුවට එනවා. ඒ අය අප සමග ද සම්බන්ධතා තියෙනවා. ඒවාගේම මීගමුව හා ඊට ආසන්න ප‍්‍රදේශ වල දිනෙන් දිනම මේ හෝටල් රෙස්ටුරන්ට් සහ කේටරින් සේවා ක්ෂේත‍්‍රය වැඩි දියුණු වෙනවා, නව ව්‍යාපාර පටන් ගන්නවා. ඒ නිසා එහි යම් ආකාරයක වාසි සහගත තත්වයක් අපේ ව්‍යාපාරයටත් තියෙනවා.

පලපුරුදු සහ පරිණත ව්‍යාපාරිකයෙකු ලෙස ව්‍යාපාර ක්ෂේත‍්‍රයට පිවිසීමට සිටින නවකයෙකුට ඔබ දෙන උපදෙස් මොනවාද

තමන් නොදන්න දෙයකට අත ගැසීම එතරම් යහපත් නැහැ. එමෙන්ම ආරම්භ කළ ව්‍යාපාරය ඉතාම කැපීවීමෙන් පවත්වා ගෙන යා  යුතුයි. එමෙන්ම නිතරම අත්හදා බෑලීම් කළ යුතුයි. තමන් නිෂ්පානය කරන දේ හෝ ලබා දෙන සේවාව නියම තත්වයෙන් නිවැරදිව පාරිභෝගීකයාට ලබා දිය යුතුයි. යම් ව්‍යාපාරයක් මහා පරිමාණයෙන්ම ආරම්භ කීරීමට අවශ්‍ය නැහැ. උවමනාව තියෙනවා නම් පොඩියට ආරම්භ කර මහා පරිමාණයටම දියුණු විය හැකිය කියන මානසික තත්වය ඉහල රදවා ගෙන නොපසුබට උත්සහය සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව නිතරම කටයුතු කළ යුතුයි.
කතාබහ – තුෂාර රොහාන්

විශේෂඥවරයෙකුගේ ගණන්

Posted on 30 ජන 2012 at 12:07ප.ව.

මීගමුව  ප්‍රෙද්ශයට පැමණී  අලුත්  වි‍ෙශ්ෂඥවරයෙක්   තම සේවාදායකයිගෙන් අලුත්ම අලුත් තාලේ අය කිරමක්  සිදුකරන බව වාර්තා වේ. මෙම විශේෂඥවරයා ගේ විෂය ළමයින්ට සම්බන්ධ නිසා දෝ මේ තරම් විශේෂ  යැයි දෙමාපියන් සිතන්නට පුලුවන. පෙෘද්ගලික සේවාවේදී විශේෂඥවරයාව චැනල් කිරීමට රැ850 ගෙවන්නට  ඕනෑය. පසුව ඔහු එම රෝගියාව පරීක්ෂා කිරීමට (visit)එකකට පැමිනෙනවා නම් ගාස්තුව 2500කි.  ඔහු දුරකතනයෙන් අදාළ රෝගියා සම්බන්ධයෙන් උපදෙසක් දීමට රැ 500ක් අයකරයි. දවස් 3ක් පමණ පෙෘද්ගලික රෝහලක නැවතී  මොහුගෙන් ප්‍රතිකාර ගතහොත් අවම වශයෙන් රැ 30000 ට වඩා වැය කිරීමට සිදුවෙයි.ඉතින්  මේ ආකාරයෙන් ජනතාවගෙන් ප්‍රතිකාර සදහා අය කරන්නේ ජනතාවගේ මුදලින්ම වෛද්‍ය අධ්‍යාපනය ලබාගත් ලංකාවේම කුමරෙකු බව මතක් කර දිය යුතුය.

සාම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි

Posted on 30 ජන 2012 at 11:35පෙ.ව.

සියලු ජාතීන්ගේ  සමගි සංවිධානය විසින්  අවුරැදු 17ක කාලයක් පුරා පවත්වන කලාකරැවන් හා සමාජ හිතකාමී සේවකයන් අගයා පිරිනමන සම්මාන උළෙල  පසුගියදා රත්නපුරයේදී පවත්වන ලදී. එහිදී  මීගමුව වීර‍ෙක්සරී පුවත්පතේ මාධ්‍යෙව්දියෙකු වන  එම් ඉෂෙඩ්. සාජහාන් මහතා ද සාම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය.

මිතුරන් සමග රයිස් ගැනීමට ගිය ජීසස්ට අන්සර් හෝටලයෙන් මාරාන්තික ප්‍රහාරයක්

Posted on 28 ජන 2012 at 3:55ප.ව.


කේ. ජීසස් ඩෙනීෂියස් ප‍්‍රනාන්දුගේ වයස අවු 15 කි. මීගමුව ඔහු ජීවත්වූයේ  අසරප්පා වත්තේ කුඩා නිවසකය. ඔහු අධ්‍යාපනය ලැබූවේ මීගමුව සාන්ත පීතර විදුහලේ 10 වසරෙය්ය. ඔහුගේ පියා ධීවර කම්රුවෙක් වන අතර නම කේ. අයිවන් ප‍්‍රනාන්දු වේ. මව පී. ආනන්දිය.  ඔහුට පවුලේ වැඩිමහල් සහෝදරයක් සහ බාල නැගණියක් සිටියි. ජීසස් ජෙනීසියස්ගේ ජීවිතයට අභාග්‍යසම්පන්න සිදුවීම උදාකළ මෙම දවස 2011 වසරේ අගෝස්තු මස 25.    මෙම සිදුවීම ගැන ඔහුගේ මවත් පියාත් පැවසූ තොරතුරු අනුව එය මෙසේ සිදුවී ඇත.
එදින රාත‍්‍රී 8 .00 ට පමණ ජීසස් මිතුරන් සමග පෙරියමුල්ල අන්සාර් හෝටලය  ට  ගොස් තිබුණේ මිතුරෙකුට ප‍්‍රයිඞ් රයිස් එකක් ගැනීම සදහායි.
ජීසස් යාලූවෝ හතර පස්දෙනෙක් එක්ක  අන්සර් හෝටලයට ගියේ  යාලූවෙකුට ප‍්‍රයිඞ් රයිස් එකක් ගැනීමටයි.  බයිසිකල් වලින් ගොස්  බයිසිකල් ටික එම හෝටලය අසල  නවත්තලා හෝටලය ඇතුලට යද්දී හෝටලයේ  වැඩකරන දෙන්නෙක් කෑ ගහලා තියෙනවා, මෙතන බයිසිකල් ගහපුහම වාහන පාක් කරන්ඩ ඉඩ මදි වෙනවා  කියලා. එතන හිටපු ජීසස්ගේ යාලූවෙක් කියලා තියෙනවා මම හැමදාම මෙතනට එනවා රයිස් ගන්ඩ , ගත්ත ගමන්ම අපි යනවා. කියලා.’’ ඒ වනවිට ජීසස් ඉදලා තියෙන්නේ අන්සාර් හෝටලයට තරමක් නුදුරින් තම යහලූවන් එන තෙක්ය. යහලූවන් හෝටලයෙන් එලියට  එන විට වාහන  පාක් කර තිබූ නිසා  බයිසිකල් එලියට ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා  ඒ නිසා මිතුරන් අපහසුවට පත්වි  ඇත.  නමුත් හෝටලයේ  වැඩකරන  පුද්ගලයින් දෙන්නෙක් පැමිණ බයිසිකල් ගන්නා මෙන් කරදර කරද්දී ඔවුන් කියා ඇත්තේ වාහන ගත් පසු අපි බයිසිකල් අරන් යන්නම් කියායි. එතකොට ඒ පුද්ගලයින් ‘‘ තමුසෙලාගේ කට වැඩියි‘‘ කියා පහරදෙන්නට සූදානම් වී ඇත.  ඒතකොට හෝටලයේ මුදලාලි  ‘උන්ට  ගහපල්ලා යැයි පවසා ඇත. ඉන් පසු සේවකයින් කීපදෙනෙක් ඇවිත් ජීස්සගේ  මිතුරන්ට පොලූ රැුගෙන විත් පහර දී තිබේ.  එතනදී එක් මිතුරෙක් බිම වැටී සිටි නිසා ඔහුව නැගිටවීමට ජීසස් එතනට ගොස් ඇත.. ඒ අවස්ථාවේදී අර සේවකයින් නැවතත් පොලූ රැුගෙන ජීසස්ටත් පහර දෙන්නට පහර දී ඇති අතර  පසුව ප‍්‍රයිඞ් රයිස් හදන හැන්ද රැුගෙන විත් ජීසසගේ ඔලූවට වැරෙන් පහර දී තිබෙනවා. පසුව ඔහුව බිම ඇද වැටී තිබෙනවා. මේ බව දැනගත් ඔහුගේ ඥාති සහෝදර යුවලක් එතනට පැමිණ ජීසස්ව මීගමුව රෝහලට ගෙනවිත් තිබේ. ඒ වන විට රාත‍්‍රී 09 ට පමණ වී ඇත.

එතැන් පටන් සිදුවීම
මීගමුව රෝහලට ගෙන ගිය ජීසස් ව පැයක් පමණ කාලයක් රදවා ගෙන සිට කොළඹ  මහ රෝහලට ඇතුලත් කරන ලදී. එහිදී ජීසස්ව විශේෂ සැත්කම් කීපයකට භාජනය කරන ලදී. එහිදී ඔහුගේ හිස්කබලෙන් කොටසක් ඉවත් කිරිමට සිදුවී ඇත.ශෛල්‍යකර්මයෙන් පසු ශල්‍යකර්මයට ලක් කරන රෝගීන් පමණක් සිටින විශේෂ ඒකකයට :ීෂක්‍ඹ * ඔහුව ඇතුල් කර, එහිදී ඔහුට ස්වභාවිකව හුස්ම ගැනීමට නොහැකි නිසා යන්ත‍්‍රයක් මාර්ගයෙන් හුස්ම ගැනීමට සලසා  තිබේ. ඉන් පසු උගුරට බටයක් සම්බන්ධ කර හුසුම ගැනීමට ආධාරයක් සපයන ලදී. ජීසස් කොළඹ මහා රෝහලේ  ීෂක්‍ඹ අංශයේ සති 3ක ප‍්‍රතිකාර ලබා  දැඩි සත්කාර ඒකකයේ ( ෂක්‍ඹ *  තවත් සතියක්  පමණ ප‍්‍රතිකාර ලබා මීගමුව රෝහලට ගෙනෙන ලදී.  ඒ සැප්තැම්බර් මස 18 වනදායි.  ඒ වනවිටත් ඔහුට ආහාර දුන්නේ බට මාර්ගෙයෙනි. මුත‍්‍රා පිටවීමට ද වෙනම බටයක් යොදා තිබුණි. ඔහුගේ මළ පහ  පිට කිරීමටවත් බාහිර උපකරණයක් යොදවීමට බැරි තරමට ඔහු සිහි සුන්ව ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවිය.
මීගමුව රෝහලේ දී  විශේෂඥ වෛi පනංගල මහත්මියගේ උපදෙස් මත ජීසස්ව නැවතත් භෞත චිකිත්සක ව්‍යායාම සදහා රාගම රණවිරු සෙවනට යොමු කරන ලදී.   දැනට මාස 3කට ආසන්න කාලයක් සිට කාලයක් තිස්සේ ඔහු රාගම රණවිරු සේවනේ සිටින අතර ව්‍යායාම වල යෙදී සිටියි. එම නිසා  ඔහුට තරමක ප‍්‍රකෘති තත්ත්වයක් ලැබී තිබේ. දැන් ඔහුට ගොත ගසමින් කතා කිරීමට හැකියාව ලැබී අතර වම් අත සහ වම් කකුල පණ නැතිවී ඇත. ආහාර ගැනීමේදී  ඔහු ඉතා අසීරුතාවයට පත්වේ. ඒ ඔහුගේ මුවින් කෙල අධික ප‍්‍රමාණයක් පිටතට පැමිණීම නිසායි.

පහරදීම සම්බන්ධයෙන් නීතිමය පියවර
ජීසස්ගේ දෙමාපියන් පවසන පරිදි සිද්ධිය වූ දවස් කීපයකින්  ඔහුගේ පියා මීගමුව පොලීසියට මේ පහරදීම ගොස්් පැමිණිලි කර ඇත.. එවිට පොලීසියෙන් පවසා තිබුණේ අනෙක් මිතුරන් පැමිණිලි කළ නිසා කටඋත්තරයක් පමණක් සටහන් කිරීම ප‍්‍රමාණවත් බවයි. ඔවුන් ඒ පිළිබඳව විමර්ශනයක් කරන බව ද පවසා ඇති නමුත් පොලීසියෙන් මේ වනතෙක් කිසිදු විමර්ශනයක් සිදු කර නොමැති අතර , සිද්ධියට සම්බන්ධවූ හෝටල් සේවකයින් 3 දෙනෙක් අත්අඩංගුවට ගෙන සති දෙකක් රිමාන්ඞ් කර ඇප මත මුදා හැර තිබේ. නමුත් මේ වනතෙක්  එම හෝටලයේ මුදලාලිව  අත්අඩංගුවට ගෙන හෝ ප‍්‍රශ්න කිරීමක් කර නොමැත. මේ සම්බන්ධව නඩු වාරයක් පැවත්වී ඇති ඇතර ඒ පිළිබද කිසිදු දැනුම්දීමක් ජීසස්ගේ දෙමව්පියන් වෙත මීගමුවෙ පොලීසියෙන් දැනුම් දී නොමැත.

ප‍්‍රමාණවත් වන්දියක් ලැබී නොමැත

ඔහුගේ මව ඒ පිළිබඳ පවසා සිටියේ මෙවැනි දෙයකි
මීගමුව  රෝහලේදී ජීසස්ට අවශ්‍ය තිබූ බෙහෙත් ඔෂධ ගැනීම සදහා රු 65 000ක් අවශ්‍ය වුණා. එබැවින් අපි  සිද්ධියට මුහුණ පෑ ළමයින් කීපදෙනෙක් සමග අන්සර් හෝටලයේ මුදලාලි මුණ ගැසීමට ගියා. එතනදී ඔහු පැවසුවා මේ සිදුවීමට මාව සම්බන්ධ කරගන්ඩ එපා කියලා,
පසුව තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරියේ මේ දරුවාට වන්දියක් වශයෙන් එක් ලක්ෂ පනස්දාහක් දීමට පොරොන්දු වුණා. නමුත් අපට ලැබුණේ රු 30000ක් පමණයි. ඒ 2011 ඔකතෙෝම්බර් මාසයේදී. නමුත් අද වනතෙක් ඉතිරි මුදල ලෙස කීයක්වත් ලැබුණේ නෑ. නමුත් ඔහු ප‍්‍රචාරය කර තිබෙනවා පොරොන්දු වූ මුලූ මුදලම දුන්නා කියා.

කේ. ජීසස් ජෙනීසියස් ප‍්‍රනාන්දු  මේ සිදුවීම වන විට සාන්ත පීතර විදුහලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දක්ෂ සිසුවෙකි. ඔහු වොලිබෝල්,චෙස් ,මැරතන් ඇතුලූ මළල ක‍්‍රීඩා වලටද  දක්ෂයෙක්ි. විද්‍යාලීය පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකු සේම මීගමුව ජුපිටර් පාපන්දු ක‍්‍රිඩා සමාජයේ විශේෂ හැකියාවක් දක්වන ක‍්‍රිඩයෙකි. ඔහු සිය වයසටත් වඩා වැඩිමහල් ක‍්‍රීඩකයින් සමග පවා පාපන්දු තරග වලට ඉදිරිපත්වන අතර එම ක‍්‍රීඩා සමාජය විසින් ඔහුට විශේෂ ගෙවීමක් ද කර ඇත. තමන්ට අනපේක්ෂිත ලෙස මුහුණපෑමට සිදුවූ මෙම අනතුරින් ඔහුගේ ජීවිතයට යළි යථාතත්ත්වයට පත්වීම කවදා හෝ සිදුවනතෙක් ඔහුට කාගේ හෝ අධාරයෙන් ජීවත්වීමට සිදුව ඇත. එමෙන්ම ධිවර කම්කරුවෙක් වන ඔහුගේ පියාට අනෙක් දරුවන් දෙදෙනාගේත් සියලූ වියදම් මෙන්ම ජීසස් වෙනුවෙන් දරන්නට සිදුව ඇති ආරථික වැයත් මහත් බරකි. එමෙන්ම මෙම සිදුවීම නිසා සිය 2011 වසරේ අගොස්තු මස සිට ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය වෙනස් වී ජීසස් සුවකර ගැනීම වෙනුවෙන් විශාල කැපවිමක් කරන්නට වෙහෙස කාරී දිවි පෙවෙතක් ගත කරන්නට සිදුවිය. ඉතින් ඒ සියලූ කැපකිරීම් අවසන ඔවුන්ට සිනාසීමට හැකිවන්නේ ජීසස් සම්පූර්ණ සුවය ලැබ යළි ගෙදර පැමිණියහොත් පමණි. ඒ සතුට උදාකරගන්නට ඔවුන්ට නීතිමය සාධාරණයත් ඉටුවිය යුතයි.

සටහන – තුෂාර රොහාන්

නීති විරෝධී ගබ්සා සිදුකිරීමට ජංගම සේවයක් ?

Posted on 27 ජන 2012 at 2:16ප.ව.

පසුගිය සති කිහිපයකට පෙර  ඉතා ශෝකජනක ලෙස වෙන්නප්පුව – සිරිගම්පල  ප‍්‍රදේශයේ තරැණියක් සිය ජීවිතයෙන් සමුගත්තේ සමාජයට කතා බහ කිරීමට ද මාතෘකාවක් ඉතිරි කරමිනි. ඇය අවු 18 නොඉක්මවූ අවිවාහක තරැණියකි. ඇගේ මරණය සිදුවී තිබු ණෞ්    දරැවෙකු පිළිසිදගැනීමක් ඉවත් කිරීමට දැරෑ උත්සායකදී බව අනාවරණයවූ අතර  මීගමුව රෝහලට ඇතුල් කිරීමෙන් පසු  ඇය මිය ගියාය. මේ සම්බන්ධයෙන් ඇය සමග සම්බන්ධතා පැවත්වූ විවාහක පුද්ගලයෙකු සැක පිට පොලිස් අත්අඩංගුවට ගත් අතර  ඇයගේ මවද මෙම කාර්ය සදහා සම්බන්ධ වූ බව ද තොරතුරැ වාර්තා විය.

මෙම ගබ්සාව  සිදුකිරීම කර ඇත්තේ ජංගම රථයක බවට සැකයක් තොරතුරැ අනුව  මීගමුව හා අවට සොඛ්‍ය ක්ෂෞ්ත්‍රෙය් සමහර වාත්තිකයන් අතර  මතුවී ඇත. මෙම මරණය සදහා හේතුවූ මෙම දරැගැබ ඉවත්කිරීම සදහා සම්බන්ධවූ පුද්ගලයා හෝ පුද්ගලයන්  අත්අඩංගුවට ගෙන නොමැති වුවත්  ඔවුන් වෙනත් ආකාරයකට හදුනාගෙන ඇති බවද වාර්තා වෙයි.  ඇයගේ මව පොලීසියට කළ ප්‍රකාශයේ සදහන් වන්නේ  ජාඇල ප‍්‍රදේශයේ  එවැනි මධ්‍යස්ථානයක පුද්ගලයෙකු පැමිණ ඇයට යම් පෙති වර්ගයක් දුන් බවයි.
එමෙන්ම එම ගබ්සාවෙන් පසු අසාධ්‍යවු පසු ඇයව මීගමුව රෝහලට ගෙනවිත් තිබේ. මවගේ කටඋත්තරය අනුව  ගබ්සාව සදහා පිටතට නොගිය බවත් පුද්ගලයෙකු පැමිණිය බවත් පැහැදිලිය.
දැනට මාස දෙකකට පමණ පෙර  ඇවරිවත්ත ප‍්‍රදේශයේ විවාහක ගැබිණි කාන්තාවක්  සිය දරැ ප්‍රසූතිය රහසේ සිදුකර එදිනම ගෙදර පැමිණි බව ප්‍රෙද්ශයේ පවුල් සෙෘක්‍ය ක්ෂේත්‍රෙය් තොරතුරැ හරහා වාර්තා විය. එය හෙළිදරව් වූයේ එකම දිනයකවත් සායනයකට සහභාගී වී නොතිබීමත් දරැ ප්‍රසූතිය සදහා කිසිම රෝහලකට ඇතුල්වී නොතීබීමත් යන කාරණා තහවුරැ වූ හේතුවෙනි. පසුව ඇය මීගමුව රෝහලට පැමිණ  ඇඩ්මිට් වූ අතර ඒ වන විට ඇය සතුව රෝහල් වල දරැ ප්‍රසූතියෙන් පසු දෙන සටහන් පත්‍රිකාවක් ද තිබී ඇති අතර එය මේ වන එය ෙරා්හල් වල භාවිතා නොකරන පරණ පොතකින් කැඩූ කොලයක් බව ද වාර්තා විය.  ඇයගෙන්  අදාළ සොඛ්‍ය වගකිවයුත්තන්  විමසූ විට ඇය පවසා තිබුණේ ඇය මේ  ප‍්‍රදේශයේ පොල් වත්තක තිබූ ගොඩනැගිලලකට ගෙන ගිය බවත් දරැ ප්‍රසූතියෙන් පසු ඇය දරැවා කුරැනෑගල ප්‍රෙ‍ෙද්ශයේ  සිය ඥාතියෙකුට දරැවා දුන් බවය.

ඉහත සිදුවීම් දෙකේදීම ඔප්පුවන ප්‍රධාන කරැණ වන්නේ  නීතියෙන් සම්මත නොකර ඇති ගබ්සා මධ්‍යස්තාන සහ දරැ ප්‍රසූතින් සදහා එවැනි මධ්‍යස්ථාන පවත්වන්නන් හෝ  පුද්ගලයින් සිය සේවය ජංගමව සිදුකරන බවයි. මේවාට  වෛද්‍ය දැනුමක් ඇති වෘත්තිකයන්ද සහභාගී වන බවද  පැහැදිලි වී ඇති කරැණකි.  ගබ්සා මධ්‍යස්ථාන වෙත යාම  අනාරක්ෂිත නිසා මෙම ජංගම සේවය වෙත යොමුවීම විසදුමක් ලෙස  කාන්තාවන්  පෙළඹිය හැක.

ගබ්සාව සහ  නීති විරෝධී ලෙස දරැ උපත්  සිදුකිරීමට  සදහා කාන්තාවන් යොමුකරවන  ඕනා තරම් සංස්කෘතික-සාමාජික හා ආර්ථික හේතු පවතින සමාජයකදී සත්‍රීයට මෙම ගැටළු  මගහැරිය හැකි වෙනත් විකල්පයක් හමු නොවීමත් යන කාරනා නිසා අද මෙවැනි නීති වරෝධී ගබ්සා   මධ්‍යස්ථාන වල පිහිට පැතීම එක්තරා සමාජ යතාර්තයකි.  විවාහක පවුලක වුවත් දරැවන් සීමා කිරීමේ ස්වභාවික පාලන ක්‍රම වලින් හැරෙන්නට ඒ සදහා අදාළ සැත්කම් සදහා නීතිමය අවසර ලැබෙන්නේ 3 වැනි දරැවාගෙන් පසුවයි.   අද පවතින ආර්ථික සීමාවන් හමුවේ දී දරැවන් පිළිබදව තීන්දු ගැනීමට දෙමාපියන්ට  අයිතියක් තිබුණද ඒ සදහා යොමුවීම සදහා නීත්‍යානුකූල  අවසරයක් හෝ සංස්කෘතික නිදහසක් හෝ ස්ත්‍රීයකට නොමැත. එම නිසා   මේ සියල්ල රහසිගතව කිරීමට කාන්තාවන් පෙළඹේ.  එමෙන්ම  ලංකාව යනු ස්ත්‍රී දූෂණ, ළමයින් දුෂණය කිරීම් හා ළමා අපචාර බහුලව සිදුවන රටකි.
මේ සියලු කාරණා නිසා අවශ්‍යතාවය පරිදි සීමාසහිතව ආචාර ධාර්මික පදනමක් උඩ   යම් නීත්‍යානුකූල රාමුවක් තුළ ගබ්සාවන් සදහා පහසුකමක් ලැබෙනවා නම් කාන්තාවන් මුහුණ දෙන අනතුරැ වලට යම්  නැවතීමක් වැටෙුනු ඇත.

නීති විරෝධී ගබ්සාවන් කරන ස්ථාන අත්හිටුවීම හෝ තහනම් කරීම් අවශ්‍ය වන්නේ  ඒවායේ සේවය වගකීම ක් නොමැති මෙන්ම මුදල් මත පමණක් කිසිම කොන්දෙසියකින් තොරව මෙන්ම අනාරක්ෂිතව සිදුකරන  බැවිනි. එවැනි ස්ථාන වැටලුවා කියා හෝ නැවැත්වීමෙන්  ස්ත්‍රීයකට ගබ්සාවක් සිදුකර ගැනීම සදහා ඇති සමාජ හේතු පහව යන්නේ නැත. විෂම සමාජයක් තුළ  දී  විශේෂයෙන් අද වගේ සමාජයකදී  කාන්තාවන්  ඒ සදහා හේතු ඕනෑ තරම් ඇති විය හැ ක.

උදාහරණයක් ලෙස 2011 වසරේ  ජාඇල ගබ්සා මධ්‍යස්ථානයක් වැටලූ අවස්ථාවේ දී එම ස්ථානයේ වහලට නැග පලායාමට තැත් කළ කාන්තාවන්  පිරිසක් තුවාල ලබා  මීගමුව රෝහලට ගෙන එන ලැබ ඔවුන්ගෙන් පොලීසිය කටඋත්තර ගත්තේ එම කාන්තාවන් ඇදන් මත ප්‍රතිකාර ලබන විටදීය. ඔවුන් අතර සිය සැමියා  බන්ධනාගාරගතවූ කාන්තාවක්  සිටියේය. මාධ්‍යෙව්දියෙකු හට ඇය පවසා තිබුණේ තමන්ගේ තුන්වෙනි දරැවා ගැබ්ගත් පසු සැමියා සිරගතවූ බවත් දැන් යැපීමට මාර්ගයක් නැති නිසා තවත් දරැවෙකු හදා වඩා ගැනීමට තමන්ට හැකියාව නැති නිසා මෙම ස්ථානයට පැමිණ ගබ්සාවකට යොමුවූ බවයි. එමෙන්ම ඒ දරැවා සිය නීත්‍යානුකූල සැමියාගේ බවද ඇය පවසා තිබුණි.
එසේ අත්අඩංගුවට ගත් කාන්තාවන්  ගබ්සාවට භාජනය කළාද යන්න වෛද්‍යවරැන් විසින් පරීක්ෂා කර තිබූ අතර සමහර කාන්තාවන් පලා යාමේදී ලත් තුවාල පිටින්ම ඔවුන්ව පරීක්ෂාවට  ලක් කිරීමට සිදුවිය.
ගබ්සාවක් නීත්‍යානුකූලව සිදුකර ගැනීමට නොලැබීම නිසා කාන්තාවක් මුහුණ දෙන ශාරීරික අවධානම,ජීවත අවධානම මෙන්ම ආත්ම ගෞරවය පිළිබද ගැටළු ඉහත සදහන් කළ සෑම සිදුවීමක් හරහාම  සංව්දනය කරවයි.
ගබ්සාව සදහා නීතියෙන් කිසිදු ඉඩකඩක් නොදීමෙන් සිදුවන්නේ සිතේ හැටියට නීති විරෝධී ගබ්සාවන් සදහා අවස්ථාවන් ඇති වීමට ඉඩ කඩ හැදීමකි.  අද එය ඕනෑවටත් වඩ ා සිචදුවෙයි. එහි  වගකීම ගතයුතු වන්නේද  ගබ්සාව නීතිගත කිරීමට විරෝධය දක්වන කොටස් විසින්මය.
‘ගබ්සා මධ්‍යස්ථානයක්  වට ලයි “ යන සිරස්තල යටතේ මාධ්‍ය වල පළවූ ප්‍රවෘත්තියක් බලා කෙනෙකුට  අපේ  සමාජය හා අපේ සදාචාරය  ආරක්ෂා වනවා යයි හිත හදාගන්නට හැක. නමුත් ඒ ප්‍රවෘත්තිය මගින් අනාවරණය නොකරන සදාචාරයෙන් හෝ වෙනත් සීමාවලින් වැසුණ , ගබ්සාව නීතිගත නොකීරීම නිසා අපේ කාන්තාවන් මුහුන දෙන ඛේදවාචකයේ ඒක් පැතිකඩක්  ඒවාට මුහුණ දෙන ස්ත්‍රියගේ ජීවිතයට එබී බැලුවහොත් අපට හ මුවේ. එම නිසා  කාන්තාවන් සදහා ලැබිය යුතු අයිතිවාසිකම් සකස් වන අදාළ ප්‍රතිපත්ති සැක‍ෙසන ව්‍යුහයන් වෙත මේ සමබන්ධයෙන් අවධානය යොමුකරවීම අප හමුවේ   අද ඇති  සමාජ වගකීමක් බව  අවධාරණය කරමු.

කුමාරි  ප්‍රනාන්දු

ලසන්ත මරපු ජනවාරිය -ප්‍රගීත් ගිලපු ජනවාරිය

Posted on 26 ජන 2012 at 8:12පෙ.ව.

ජේ්‍යෂ්ඨ මාධ්‍යෙව්දී  ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට වසර 3ක් සපිරෙන්නේ ජනවාරි මාසයේදීය. කෘෘර ලෙස ඝාතනය කළ ලසන්තගේ ඝෘතනකයන් කවුරැන්දැයි සෙවීමට ලංකාවේ රජයට හෝ නීති ආයතන වලට මේ වන තෙක හැකියාවක්  ලැබී නොමැත. ජේයෂ්ඨ මාධ්‍ය‍ෙව්දී  ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන්කර වසර 2කක් මේ ජනවාරියට සපිරෙයි. මේ රටේ පසුගිය  කාලය තුල   තවත් මාධ්‍ය‍ෙව්දීන් මරා දමා අතර තවත් මාධ්‍යව්දීන්ට ජීවිත තර්ජන එල්ල විය. ඔවුන් මරණ තර්ජන හේතුවෙන් ලංකාවෙන් බැහැරව ජීවත්වෙති. ඊයේ ලිප්ටන් වටරවුමේදී  ලංකාවේ සිටින  නිදහස් මාධ්‍යෙව්දීන් හා සිවිල් සංවිධාන හා විපක්ෂ ක්‍රියාධරයින් එක්ව   විරෝධතාවය දැක්වූයේ  මාධ්‍යෙව්දීන්ට ලංකාව තුළ මුහුණදෙන්නට සිදුවී ඇකි බේදනීය තත්වයටයි.

කලු ජනවාරියේ දසුන්

 

 

 

අන්දමන් දූපතේ සිරගතව සිටි ධීවරයින් ලංකාවට

Posted on 25 ජන 2012 at 10:35ප.ව.

අන්දමන් දූපතේ  අවුරැදු දෙකාහමාරක්  සිරගතව සිට පසුගියදා නිදහස ලැබූ  ධීවරයින් 06 දෙනා අද පෙරවරැවේ ශ්‍රී ලංකාවට පැමිණියහ.  එම අවස්ථාව ඉතා සංවේගශීලී අවස්ථාවක් වුයේ එම ධීවරයින් පිළිගැනීමට ඔවුන්ගේ පවුල්වල ඥාතීන් පැමිණ ඔවුන් හමුවූ අවස්ථාවේයි.
මෙම ධීවරයින් නිදහස් කර ගැනීම සදහා බැදිවැව දියසේන ස්වාමීන් වහන්සේ ඇතුලු තවත් හිමිවරැ හා ඥාතීන් දෙවතාවක් උපවාසයක නිරත විය. එහි ප්‍රතිපළ ලෙස මෙම ධීවරයින්ට මේ අකාරයෙන් නිදහස ලබාගැනීමට හැකිවිය.

 

 

 

 

 

 

 

 

 

More Posts

News Archive

ජනවාරි 2012
සඳුදා අඟ බදාදා බ්‍රහස් සිකු සෙන ඉරිදා
« දෙසැ   පෙබ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031