Sunday, May 19, 2013
Breaking News
You are here: Home » News » මීගමුව නගර සභාවේ ගැලරියට පොලීසියෙන් පනියි

මීගමුව නගර සභාවේ ගැලරියට පොලීසියෙන් පනියි

ඊයේ පැවති මහ නගර සභා රැස්වීමට සවන් දීමට විශාල පිරිසක් මීගමුව මහ නගර සභාවේ ගැලරිය වෙත රැස්වී සිට ඇත. මහ නගර සභා රැස්වීම ආරම්භයේදීම පොලීසියේ ඉහළ නිලධාරියෙක් ඇතුළු තවත් නිලධාරීන් කීපදෙනෙක්ම නගර සභා භූමියට පැමිණ සිට ඇත.  නගර සභා රැස්වීමට ආරම්භ වී ටික වේලාවකින් එය නරඹිමින් ගැලරියේ සිටි මහජනතාව වෙත ගිය පොලීස් නිලධාරීන් ඔවුන්ව එළවා දමා ඇත. එම අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු මහතා නගරාධිපතිවරයාගෙන් ඒ පිළිබදව විමසා ඇතත්  ඔහු ඒ පිළිබදව පිළිතුරැ දී නොමැති  බව වාර්තාවේ. ඊයේ දිනයේ   නගර සභාව රැස්වීමේදී  සාකච්ඡාවීම සදහා  නගරයට ඉතා වැදගත් යෝජනා කීපයක්ම න්‍යාය පත්‍රයේ  තිබීම මේ තරම් මහජන උනන්දුවක් ඇතිවීමට හේතුවක් විය හැකි බව  විපක්ෂයේ  නියෝජිතයින්ගේ අදහසයි. නගරයේ ඇති ප්‍රධාන ක්‍රීඩා පිටි දෙකක් සම්බන්ධයෙන් ඊයේ නගර සභාව රැස්වීමේදී  ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් විය.