spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඔහු ඉන්ද්‍රන්.

Must read

ඉන්ද්‍රන් 2ඔහු ඉන්ද්‍රන්.
ඔහුගේ උපන්ගම පුත්තලම මන්නාරම පාර.
ඉංදියානු දෙමල සම්භවයක් ඇති ඉන්ද්‍රන් කුඩා කාලයේ පටන්ම හැදුනේ අගනුවරට ආසන්නයේ පවත්වාගෙන යනු ලබන වජිර ලමා නිවාසයේ. ඉන්ද්‍රන් අධාපනය ලැබුවේ සිංහල භාෂාවෙන්. ඔහුට හොදට සිංහල කියවන්න, ලියන්න පුලුවන්.
වජිර ලමා නිවාසයේ ඉන්න කාලේ ඉන්ද්‍රන් විදුලි උපකරණ අලුත්වැඩියාව ඉගෙන ගත්තා. දැන් ඔහු වයස 25 පමණ තරුණයෙක්. ඉන්ද්‍රන් යතුරුපැදියක නැගී කුඩා ශබ්දවිකාශන යන්ත්‍රයකින් තමන් කරන වැඩ ගැන කියමින්, ප්‍රධාන සහ අතුරු පාරවල් වල ගමන් කරනවා.
අපි ඔහුට වැඩක් පැවරූවිට එය කුමක්ද යන්න නිරීක්ෂණය කර තමා මෙයට අය කරන ගාස්තු ව අපට කියනවා.
අපේ නිවස ඉදිරියෙන් ගමන් කරමින් සිටි ඉන්ද්‍රන් අපේ විදුලිපංකා දෙකක් අලුත්වැඩියා කෙරුවා…තමා ඒ සදහා අයකරන ගාස්තුවත් කලින්ම කිව්වා, වැඩේත් හොදට කෙරුවා.
ලමා වියේදී මව්පිය සෙනෙහස නොමැතිව ලමා නිවාසයක හැදුනු වැඩුනු ඉන්ද්‍රන් අද ස්වාධීන මිනිහෙක්.
හැම දෙයක්ම ආණ්ඩුවෙන් ලැබෙන කල් කට ඇරගෙන බලාගෙන ඉන්න තරුණ තරුණියන්ට ඉන්ද්‍රන් කදිම උදාහරණයක් !
මම ඉන්ද්‍රන්ට සුභ පතමි.
ඔබේ නිවසේ බෙල්න්ඩර්, අයන් බොක්ස්, හීටර් ජක්, විදුලි පංකා..නිවසට පැමිණ අලුත්වැඩියා කර දෙනු ලැබේ. ඉතා සාධාරණ අයකිරීම්.
අදම විමසන්න. ඉන්ද්‍රන්: 0763823759.
අරුණ ශාන්ත නෝනිස්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article