මිගමු රෝහලේ අද උදෑසන සිදුව ඇතැයි කියන මරණය ඩෙංගු ආසාදනය විම හේතුවෙන් සිදු වුවාද යන්න තවමත් තහවුරු වි නැතැයි මිපුර අමතා කථාකළ රෝහලේ වෛද්‍යවරියක ප්‍රකාශ කර තිබුණි.
ඇය එසේ ප්‍රතිචාර දක්වා තිබුනේ අප වෙබ් අඩවියේ මිගමු රෝහලේ ඩෙංගු මරණයක් යන පුවතට ප්‍රතිචාර වශයෙනි.
ඩෙංගුදැයි තවමත් නිශ්චිත නැතැයි මිගමු රෝහල් බලධාරින් විසින් ප්‍රකාශ කර ඇති මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු ව ඇත්තේ පන්නල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණියකි.
ඇය විශ්ව විද්‍යාල සිසුවියක් බවද සැලය.

















