spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අද ආසාදිතයෝ 1800 පසු කරති -ගතවූ දින 05 තුළ 54% ක වර්ධනයක්

Must read

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,843 ක් වේ.     ඒ අනුව, දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් ගණන මෙය වේ.   කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 111,705 ක් දක්වා ඉහළගොස් තිබේ.  

514

     මෙරට තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ගතවූ දින 05 තුළ සියයට 54ක වර්ධනයක් පෙන්නුම් කරයි.   දිනෙන් දින ඉහළ යන මෙරට කොවිඩ් අවදානම තවදුරටත් තීව්‍ර කරමින් තුන්වන දිනටත් මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (01) 1,500 සීමාව ඉක්මවා ගියේය. ‍

ආසාදිතයින් 1,716 දෙනෙකු ඊයේ හඳුනාගත්තේ දෛනික වැඩිම ආසාදිතයින්ගේ වාර්තාව පස්වන දිනටත් අලුත් කරමිනි.   පළමුවරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1,000 සීමාව ඉක්මවා ගියේ පසුගිය අප්‍රේල් 27 වනදාය.   එම දිනයට සාපේක්ෂව මේ දක්වා දෛනික ආසාදිතයින්ගේ වැඩිවීමේ ප්‍රතිශතයන් පිළිබඳව විමසා බැලීමේදී අප්‍රේල් 27 වනදාට සාපේක්ෂව 28 වනදා ආසාදිතයින් වාර්තාවීමේ වර්ධනීය ප්‍රතිශතය සියයට 31.9කි.  

එමෙන්ම අප්‍රේල් 27 වනදාට සාපේක්ෂව 29 වනදා වනවිට වර්ධන ප්‍රතිශතය සියයට 37.8ක් වෙද්දී 30 වනදා එම ප්‍රතිශතය සියයට 49.5 දක්වා වර්ධනය වී තිබුණි.   කෙසේවෙතත් ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වීම අප්‍රේල් 27 වනදාට සාපේක්ෂව සියයට 54.4ක් දක්වා ඉහළ යාම ඉතාම බියකරු තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.”ඉදිරි සති දෙක ඉන්දියාවට සමාන විය හැකියි.”   ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ, කඩිනමින් රෝග පාලන වැඩපිළිවෙළකට යොමු නොවුනහොත් ඉන්දියාවේ පවතින ඛේදනීය තත්ත්වයට ශ්‍රී ලංකාවටද මුහුණදීමට සිදුවන බවය.   එම සංගමයේ සභාපතිනි, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න  මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ට මෙලෙස අදහස් දැක්වීය.  

  “මේ අපිට අඩුම ගානේ තව සුමාන දෙකක් ඊටත් වැඩිවෙන්නත් පුළුවන්. අපි මේ ජීවන රටාවට අනුගත නොවුනහොත් රටක් විදියට අපිට ඉන්දියාවට වගේ ඉතාමත් ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ගෙදර ඇතුළේම රෝගියෙක් ඉන්නවා නම් ගෙදර අනිත් අයත් රෝගියා ත් මුව ආවරණයක් පැළඳ සිටීම ඉතාමත් වැදගත්. සම්පූර්ණයෙන් ම ඉදිරි සුමාන දෙක තුන ඇතුළත ඉන්දියාවේ තත්ත්වයට අනිවාර්යයෙන් ම යන්න වෙනවා අපි මේ සම්බන්ධව සමාජයක් විදියට එක පිළිවෙතකට අනුගත වෙලා රෝගය පාලනය කිරීමට තීරණය කළේ නැත්නම්. “  

මේ අතර අද දිනයේ දී ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 22 දෙනෙකු සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අද සිදුකෙරුණි.   ඒ අතරින් 17 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර එය සමස්ත නියැදියෙන් සියයට 77ක ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයකි.   එප්පාවල ප්‍රදේශය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 23 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කළේය.   මේ අතර හොරණ, නාගලකන්ද ප්‍රදේශයේ කාන්තාවක් කොවිඩ් ආසාදිතයෙකු වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණු පසු ඇගේ දරුවන් දෙදෙනා PCR පරීක්ෂණයට ලක්කෙරුණ ද ස්වාමිපුරුෂයා එම පරීක්ෂණය මඟහැර තිබේ.   එසේ සිටියදී අද ඔහුගේ නිවස අසල වෙල්යායක මියගොස් සිටියදී මෘත දේහය සොයාගැණුනි.   මෘත දේහය PCR පරීක්ෂණයක සඳහා අද පස්වරුවේ හොරණ මූලික රෝහල වෙත රැගෙන යනු ලැබීය. 

    (මුලාශ්‍රය – දෙරණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article