spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අද කටුනායකදි අත්අඩංගුවට ගත් නාමල්ගේ ලේකම්වරියට ඇප !

Must read

 

Ornella_001_copy

අධිකරණය මගහැර රටින් පලාගොස් සිටියදී ජාත්‍යන්තර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ශී‍්‍ර ලංකාවට එවනු ලැබූ ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නමැත්තිය අද (10) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී ඇයට රුපියල් ලක්ෂ 05ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 05ක ශරීර ඇප මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නමැත්තිය ඇතුළු මෙම නඩුවේ විත්තිකරුවන් තුන් දෙනෙකු රටින් පලාගොස් ඇති බවයි අධිකරණයේදී මීට පෙර ප‍්‍රකාශ කෙරුණේ.

——————————————————————–

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක ලෙස කටයුතු කල නීතිඥ බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් අද (10) උදැසන අත්අඩංගුවට ගෙන ඇත.

අද උදැසන පහට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණ අවස්ථාවේදී FCID නිලධාරීන්  ගුවන් යානයට ම ගොස් ඇයව අත්අඩංගුවට ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

අයථා ලෙස උපයාගත් මුදල් යොදවා ඇති බවට සැකකෙරෙන සීමාසහිත ගවර්ස් කොපරේෂන් සර්විසස් පුද්ගලක සමාගමට හා  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවක විත්තිකාරියක ලෙස ඔරනෙලා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබිණි.

එම නඩුව ( HC 129/ 17) අද (10) අළුත්කඩේ අංක 07 මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

නීතිඥ ඔරනෙලා සීමාසහිත ගවර්ස් කොපරේෂන් සර්විසස් පුද්ගලක සමාගමේ නාම මාත්‍රික අධ්‍යක්ෂවරියකි. ඇය අදාළ සමාගමේ නීති නිලධාරිනිය ද වේ.

රතු වරෙන්තුවේ කල් ඉකුත්වෙලා !

මේ අතර අද උදැසන ලංකාවට පැමිණි නීතිඥ ඔරනෙලා FCID බාරයට ගත් වහාම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීතිඥයින් පිරිසක් ඇය වෙනුවෙන් ඉදිරිපත්ව සිටි අතර, ඔවුන් පොලිසි නිලධාරීන්ට පවසා ඇත්තේ ඔරනෙලාව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය විසින් රතු වරෙන්තුවක් නිකුත් කර නොමැති බවයි.

ඇයට එරෙහිව දේශීය අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ද කල් ඉකුත් වී ඇති බව ඔවුන් පෙන්වා දී තිබිණ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇයගේ නීතිඥවරයෙක් කියා සිටියේ,  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ලේකම්වරියක් වූ බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා අබුඩාබියේ දී අත් අඩංගුවට ගත් බවට පළ වී ඇති ප්‍රවෘත්ති අසත්‍ය බවයි.

අද දිනයේ මහාධිකරණයෙහි විභාග වීමට නියමිත ගවර්ස් ගනුදෙනුව සම්බන්ධ නඩුවට සහභාගී වීම සඳහා ඇය ඩුබායි සිට සිය කැමැත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණී බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article