spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ අඩුවක්.

Must read

 මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 2.3% ප්‍රමාණයකින් පහත බැස තිබෙනවා. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් පිරිස 148,499 ලෙස වාර්ථා වී ඇති අතර මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 145,077 බවයි සංඛ්‍යාලේඛන සදහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ වසරේ පළමු මාස 9 තුල මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 1,551,931 වන අතර එය පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වන 1,508,832 සමග සැසදීමේදී 2.9%ක වැඩිවීමක්.

මේ වසරතුලදී මෙරටට මිලියන 2.5ක සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වා ගැනීම රජයේ ඉලක්කය වන බව සදහන් කල අතර එම ඉලක්කය සපුරා ගැනීමට නම් ඉදිරි මාස 3ක කාලය තුල මෙරටට සංචාරකයින් 950,000 පමණ පැමිණිය යුතු වෙනවා. නමුත් මේ වන විට පවතින තත්වය අනුව එම ඉල්ක්කය සපුරා ගැනීම අපහසුවනු ඇති බවයි පෙනී යන්නේ.

1

2

3

www.adaderana.lk ඇසුරිණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article