spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බැසිල්ගෙන් කොන්ත්‍රාත්කරුවන්ට කෝටි 6800ක පොල්ලක්

Must read

Basil_Rajapaksha-1

මධ්‍යම ප්‍රමාණයේ කොන්ත්‍රාත්කරුවන්ට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ විසින් ලබා දුන් අවිධිමත් කොන්ත්‍රාත් නිසා රුපියල් බිලියන 68 කට (කෝටි 6800) අධික මුදලක් ඔවුන්ට අහිමි වී ඇත.

මාර්ග කොන්ත්‍රාත් ලබා දෙන රජයේ විධිමත් ක්‍රමවේදයට පිටින් යමින් මෙසේ අදාළ කොන්ත්‍රාත් ලබාදීම නිසා මේ වන විට එම මුදල් ගෙවීමට නොහැකි බව රජයේ බලධාරීන් විසින් දැනුම් දී ඇතැයි එම කොන්ත්‍රාත්කරුවෝ පවසති. 2014 වර්ෂයේ මැද භාගයේ දී මෙයින් කොන්ත්‍රාත් වැඩි ප්‍රතිශතයක් ලබා දී ඇති අතර, ඒවායින් සියයට 30ක කොමිස් මුදලක් ද කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී තිබේ. ඉන් පසු මැතිවරණ කටයුතුවලට යැයි කියමින් එයින් සියයට 20ක් නැවත ලබා ගැනීමට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ විසින් කටයුතු කර ඇති බවත්, මේ නිසා තමන් වැය කළ මුදල් පවා සොයා ගත නොහැකිව බලවත් අසීරුතාවකට පත්ව ඇතැයි ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

කොන්ත්‍රාත්කරුවන් අතර සිටින පළමු සහ දෙවැනි ශ්‍රේණිවල සමාගම්වලට මේ තත්ත්වය බලපා නැත. ඔවුන් භාරගෙන ඇත්තේ විධිමත් ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක විශාල ප්‍රමාණයේ කොන්ත්‍රාත් වීම ඊට හේතුව බවත් පෙන්වා දෙන අදාළ මධ්‍යම ප්‍රමාණයේ කොන්ත්‍රාත්කරුවෝ, මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති. එසේ නොවුණහොත් තමන් යටතේ සේවය කරන විශාල පිරිසකට රැකියා අවස්ථා අහිමි කිරීමට සිදු වන බව ද ඔවුහු අවධාරණය කරති. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව තමන් ද දන්නා බවයි. එහෙත් ඊට අදාළ ව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව විමසීමට එම අමාත්‍යාංශයේ ඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

පරාක්‍රම දිසානායක
www.sathhada.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article