spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නාමල් රාජපක්ෂගේ ලේකම් ඔනෙලා ගුවන් යානයේදීම අත්අඩංගුවට

Must read

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් සීමාසහිත ගවර්ස් කොපරේෂන් සර්විසස් පුද්ගලක සමාගමේ යෙදවීමෙන් මුදල් විශුද්ධි කිරීමේ චෝදනාවට ලක්ව සැකකාරියකව සිටින බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා නැමැති  ඔහුගේ ලේකම්වරිය අඩුඩාබිහිදී අත්අඩංගුවට ගෙන ලංකාවට එවීමට ජාත්‍යන්තර පොලීසිය විසින් කටයුතු කරන ලදී. ඒ අනුව අබුඩාබි සිට UL 208 ගුවන් යානයෙන් අද අලුයම 5.07ට ඇය කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබුණි. අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ගුවන් යානය තුලටම ගොස් ඇයව අත්අඩංගුවට ගෙන මේ වන විට කොළඹට රැගෙන විත් ඇතැයි වාර්තාවේ.අපරාධ දෙපාර්තමේන්තුවේ   අදාළ චෝදනාව සම්බන්ධ නඩුව  අද  (10)    මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.Ornella_001_copyඡායාරූප උපුටාගැනීම -http://sinhala.srilankamirror.com/

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article