spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රී ලංකා ක්‍රිකට් බලාෙපාරොත්තු වන වේගපන්දු තුන්ඉරියව් ක්‍රීඩකයා දසුන් ශානකද?

Must read

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇදි වැටී ඇති තත්වයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වේගපන්දුයවන තුන්ඉරියව් ක්‍රීඩකයෙකුගේ අවශ්‍යතාවය දැඩි ලෙස ඇති බවයි ක්‍රිකට් විචාරකයින්ගේ අදහස වන්නේ.  එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්,ඉන්දියාවේ හර්ඩික් පාන්ඩ්‍යා, බටහිර ඉන්දීය කොදෙව්වේ ජේසන් හෝල්ඩර්,දකුණු අප්‍රිකාවේ ක්‍රිස් මොරිස් හා නවසීලන්තයේ කොරේ අන්ඩර්සන් එවැනි ක්‍රීඩකයන්ට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වන තුන්ඉරියව් ක්‍රීඩකයාට මුල් පිතිකරුවන් 7 තුල පන්දුවට පහර දීමට පැමිණීමටත් එසේ පැමිණ කණ්ඩායම බලාපොරොත්තු වන පිතිහරඹයක් දියත් කිරීමටත් අවශ්‍ය අවස්ථාවන් වලදී කණ්ඩායමට තමන්ගේ සේවය ලබාදෙමින් කඩුළු ලබාගැනීමටත් හැකියාව පැවතිය යුතු අතර එම කාර්යය  තරග ආකාර 3න්ම ලබාදීමටත් හැකියාව තිබිය යුතුයි.

මේ වන විට ක්‍රිකට් කණ්ඩායම් අතර වේගපන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩකයන් දුර්ලභ අතර එසේ ක්‍රීඩාකරන තුන්ඉරියව් ක්‍රීඩකයන් බොහෝවිට ක්‍රීඩාකරන්නේ සීමිත ඕවර තරග පමණයි.
මේ වන තෙක් ශ්‍රී ලංකාව බිහිකල ඒ කාණ්ඩයේ සාර්ථකම තුන් ඉරියව් ක්‍රීකඩයා ඇන්ජලෝ මැතිව්ස් වන නමුත් මේ වන විට ඔහු  දිගින් දිගටම ආබාධයන්ට ලක්වීම නිසා ටෙස්ට් තරගවලදී ඔහු පන්දු යැවීමේ නිරත වන්නේ නැහැ. එලෙසම තිසර පෙරේරා මෙරටින් බිහිවූ වේගයෙන් පන්දුවට පහර දීමේ හැකියාවක් ඇති වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන නමුත් මේ කාලයතුලදී ඔහුගෙන් කණ්ඩායම බලාපොරොත්තු වන සේවාව නොලැබෙන බවයි කාගේත් අදහස වන්නේ.

ඒ නිසාම කණ්ඩායමේ ඒ හිඩැස පිරවීමේ හැකියාවක් ඇති තරුණ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේ ලැයිස්තුවක් ආකාරයෙන් ඔබවෙත ඉදිරිපත් කිරීමට අප තීරණය කරා.

  1. දසුන් ශානක
    දසු
    දසුන් සැලකෙන්නේ කිසිදු ආයාසයකින් තොරව හතරේ සීමාව පසුකර යන ලෙස පන්දුට පහර දිය හැකි ක්‍රීඩකයෙකු ලෙසටයි. මේ වන විට අවුරුදු 26ක් වන දසුන් මීගමුව ශා.පීතර හා මාරිස්ටෙල්ලා විදුහල් කණ්ඩායමේ ක්‍රීඩාකරන කාලයේදී වේගපන්දු යවන්නෙකු කැපී පෙනෙන ආකාරයෙන් ක්‍රීඩාකල අතර පසුකාලීනව එස්එස්සී ක්‍රීඩා සමාජයට එක්වීමෙන් පසු සාර්ථක තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වශයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට පටන්ගත්තා.
    මේ වන විට දසුන් තරග අංශ තුනෙන්ම ජතික කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඔහු දක්ෂ පන්දු රකින්නෙක් ලෙසත් සැලකෙනවා. දේශීය තරගවලදී ඔහු කැපීපෙනන ක්‍රීඩකයෙකු වන අතර එම දස්කම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩාය දිනවන දස්කම් බවට පත්කිරීමට ඔහුට තවත් අවස්ථාවන් ලබාදිය යුතු අතර එම අවස්ථාවන් සීමිත ඕවර තරගවලින් ආරම්භවී දීර්ඝතරග රටාවන්ට ගමන් කල යුතුයි.
  2. ලහිරු මදුශංක
    ලහි
    මේ වන විට අවුරුදු 25ක් වන ලහිරු මාතලේ ශා.තෝමස් විද්‍යාලයෙන් බිහිවූ දක්ශ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. පසුගිය දේශීය තරගවාරයේදී බ්ලූම්ෆීල්ඩ්,ඒසී හා සීසීසී යන කණ්ඩායම් අතර පැවැති තරගවලදී පිතිකරණ සාමාන්‍ය 30කට වැඩියෙන් පැවැති අතර පන්දු යැවීමේ සාමාන්‍ය 40කට ආසන්න අගයක පවත්වා ගැනීමට ඔහු සමත් වුණා.
    දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයකදී ශ්‍රී ලංකාවේ 179 වන එක්දින ක්‍රීඩකයා ලෙස ජාතික කණ්ඩායමට එක්වූ ලහිරු පසුගියදා සිම්බාබ්වේ සමග පැවති තරගයේදීත් කණඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුණත් කණ්ඩායම බලාපොරොත්තු වන ආකාරයේ කැපීපෙනන දක්ෂතාවයක් දැක්වීමට ලහිරුට හැකි වූයේ නැහැ.
  3. චාමික කරුණාරත්න
    චාමි

    රාජකීය විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් ක්‍රීඩාකල චාමික පාසල් තරගවාරයන්ගේ කැපීනෙන ක්‍රීඩකයෙකු වන අතර එම දස්කම් නිසාම ශ්‍රී ලංකා 19න් පහළ,23න් පහළ හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ක්‍රීඩාකිරීමට හැකියාව ලබාගත් දක්ෂ ක්‍රීඩකයෙක්. මේ වන විට ඔහු බටහිර ඉන්දීය කොදෙව් දූපත්වන පැවැත්වෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ සංචාරය සදහාද එක්වා සිටිනවා.
    ඔහු පළමු පෙල තරග 12කට හා ඒ ශ්‍රේණියේ තරග 11කට සහභාගී වී ලකුණු 500කට වැඩියෙන් ලබාගෙන ඇති අතර කඩුළු 40කට ආසන්න ප්‍රමාණයක් දවා ගැනීමට සමත්වී තිබෙනවා. ඔහු නියමාකාරයෙන් ගොඩනැගුණහොත් අනිවාර්‍යයෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගදිනවන්නෙක් බවට පත්විය හැකි බව ඔහු මේ වන විටත් ඔප්පු කර අවසන්.
  4. ජනිත් ලියනගේ
    ජනි
    කොළඹ ශා.පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර මේ වන විට ඔහු පලමු පෙල තරග 12කදී හා ඒ තරග 13කදී පිලිවෙලින් 37ක හා 58ක පිතිකරන සාමාන්‍යයක් රදවාගෙන ක්‍රීඩකයෙකි. ඔහු දක්ෂ පිතිකරුවෙකු වන අතර කණ්ඩායමට අවශ්‍ය අවස්ථාවන් වලදී පන්දුයැවීම මගින් වැදගත් කඩුළු දවාගැනීමේ හැකියාවද ඇති ක්‍රීඩකයෙක් බැවින් මේ වන විට 22වියැති ජනිත් ඔහු පිලිබදව  අවධානයෙන් සිටිමින් කණ්ඩායම අවශ්‍යවන පරිදි ඔහුය ගොඩනැගිය යුතු බවයි ක්‍රීඩා විචාරකයින්ගේ අදහස වන්නේ.
  5. තික්ෂිල ද සිල්වා
    තික්ෂි
    ඔහු සැලකෙන්නේ ප්‍රවේගකාරී වමත් පිතිකරුවෙකු ලෙසටයි. පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරගාවලියට සහභාගී වූ අතර ඔහුගෙන් බලාපොරොත්තු වූ දක්ෂතාවයන් නොලැබීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වීමට ඔහුට සිදුවුණා.
    නමුත් ඔහු දේශීය තරගවලදී කැපී පෙනෙන දක්ෂතාවයන් පෙන්වමින් සිටින අතර මේ වන විට තරග 20කදී පිතිකරුවෙකු වශයෙන් 25ක හා පන්දුයවන්නකු වශයෙන් 28ක සාමාන්‍යයන් රදවාගෙන තිබෙනවා.

 

www.thepapare.com හි පලවූ ලිපියක් ඇසුරිණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article