spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අද දිනය බැසිල් නමින් ලියවෙයි: ‘විස්ස’ මුස්ලිම් පක්ෂවල සහයෙන් 2/3 කින් සම්මතයි

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
රාජපක්ෂවරුන්ගේ පවුල් පාලනය තහවුරු කරලීම සඳහා බැසිල් රාජපක්ෂගේ සැලසුම් සහගත මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ විසිවන ව්‍යවස්ථා සංශෝධන මෙහෙයුම මිට සුළු මොහොතකදී නිමාවට පත්වුයේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමිනි.පනත් කෙටුම් පතේ ද්විත්ව පුරවැසිභාවයට අදාල වගන්තියට ආණ්ඩුවට පක්ෂපාති භික්ෂුන් වහන්සේලා ගෙන් හා ‘ජාතික සංවිධාන’ වලින් ද බලවත් විරෝධය මතුවුවද ඒ සියල්ල පරාජය කර විස්ස සම්මත කර ගැනීමට බැසිල් රාජපක්ෂ සමත්විය.

දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී……

පක්ෂව ඡන්ද  – 156

විපක්ෂව ඡන්ද – 65

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත විය.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි විය.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන මුස්ලිම් දේශපාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බව වාර්තා වේ.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article