අන්තවාදය හමුවේ මනුෂ්‍යත්වයේ අභියෝගය !

0
70

IMG-20190928-WA0023IMG-20190928-WA0026අප්‍රෙල් 21 දා සිදුවූ ව්‍යසනයෙන් පසුව විවිධ වෙනස් කම් , සමාජය තුළ මතුවූ අාකාරය අපි අත්දැක්කෙමු , අත්දකිමින් සිටිනනෙමු. පසුගිය කාලය තුළ මෙකී වෙනස්කම ජාතිවාදී ස්වරූපයෙන් මතුවූ අාකාරයත්, එය අපගේ දෑස් අභියස ක්‍රියාත්මක වූ ආකාරයත්, අපි දැක්කෙමු .මේ තත්වය මත භේදභින්නවී ඇති සමාජය නිවැරදි තැනකට යොමුකරලීම උදෙසා විවිධ වැඩසටහන් නිර්මාණය වීම සතුටු දායක කරුණකි . අද මීගමුව , ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ රැස්වීම් ශාලාවේදී සංවිධානය කර තිබුනේද මෙවැනි වැඩසටහනකි.IMG-20190928-WA0028IMG-20190928-WA0025
මෙම වැඩසටහන සඳහා ආරාධිත කතිකයින් ලෙස සහභාගී වූයේ කරවිල කොටුවේ ධම්මතිලක ස්වාමීන්වහන්සේ සහ අම්හර් මව්ලවි තුමාය. එසේම සරත් ඉද්දමල්ගොඩ පියතුමා , ක්‍රිස්ටීන් කන්‍යාසොයුරිය , සමඟ මුස්ලිම් පූජක වරුන් ඇතුළු පිරිසක් සහභාගිවිය .
මෙහිදී අදහස් දැක්වූ ධම්මතිලක ස්වාමීන්වහන්සේ විශ්වයේ අනෙකුත් සතුන් සමඟ සැසඳීමේදී මිනිසුන්ගේ සංඛ්‍යාව අල්ප වන අතර මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම
ඉතා දුර්ලභ දෙයක් බව පැහැදිළි කරන ලදී . එසේම මගේ අය හැර අනෙක් අය ගැන අඩු තක්සේරුවක් කිරීම ඇරඹීමත් සමඟ රටවල් තුළ කුල, පංති, ජාති හැටියට බෙදූ බවත් නමුත් අවසානයේ ඉතිරි වූයේ මා පමණක් බවත් පෙන්වා දෙන ලදී . අපි අනෙකා ගැන හිතන්න ඕන. නමුත් අපි ලබල තියෙන අධ්‍යාපනයෙන් ඒක කරන්න බැරිවුනා.
මීලඟට අදහස් දැක්වූයේ අම්හර් මව්ලවි තුමාය . එකිනෙකා කුලල් කාගැනීම සහ ගැටුම් , ප්‍රදේශ මුල්කර ගනිමින්, ආගම් මුල්කර ගනිමින් සිදුවී ඇත .
එම ගැටුම් රාජ්‍ය පරිපාලනය සම්බන්ධ ගැටුම් මිස තව කණ්ඩායමක් , තව ජාතියක් , තව ආගමක් මුල්කරගෙන සිදුවූ සංහාරයක් නොවේ.අධිරාජ්‍යවාදීන් ගේ පැමිණීමත් සමඟ තමයි භේදභින්න පාලනය ඇතිවීම සිද්ද වෙන්නෙ
විවිධත්වය නොසලකා හැරීම ස්වභාවිකත්වයට විරුද්ධ දෙයක්. විවිධත්වය තේරුම් ගතහොත් සුන්දර ලෝකයක් හදන්න පුළුවන් ඔහු අවධාරණය කර සිටියේය.