spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අපිට නිදහස් මානසිකත්වයක් නැතිව නිර්මාණ කරන්න බැහැ.

Must read

sunil costa 1

 

1.මොකක්ද මේ සුනිල් කොස්තගේ අහන්න කෙනෙක් නෑ කියන අලුත්ම කතාව?

මගේ අලුත්ම ටෙලි නාට්ය Can You Hear Me ඒක අහලම බලන්න වෙනවා. දැනට ජාතික රෑපවාහිනයේ සඳුදා සිට බ්රහස්පතින්දා දක්වා රාත්රී 9.00ට විකාශනය වෙනවා වගේම ජාතික රූපවාහිනයේ Youtube නාලිකාව ඔස්සේ ඉංග්රීසි උපසිරස සහිතව ඕනෑම රටක ඕනෑම කෙනෙක්ට නරඔන්න පුළුවන්. අපේ මේ සමාජය ඇතුළේ මිනිස්සුන්ව අහන්න කෙනෙක් නෑ කියන එක කතාව හරහා මම කියලා තියෙනවා . මම කියනවට වඩා කතාව බලලම දැන ගන්න එක වඩා හොඳයි.

2.මේ දිනවල ඔබේ ටෙලි නාට්ය අතිසාර්ථක ලෙස ප්රේක්ෂකයා වැළඳ ගනිමින් ඉන්නවා. කොහොමද ලැබෙන ප්රතිචාර?

ඉතාම හොඳ ප්රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ වගේම රූපවාහිනියෙන් ප්රේක්ෂක ප්රජාව තදින්ම වැළඳගෙන ඇතිවග මට හිතෙනවා. යූ ටියුබ් එක හරහා ඉංග්රීසි පරිවර්ථනයත් එක්ක ආසියාතික , යුරෝපීය ඇතුළු ලෝකයේ විවිධ රටවල් වලින් අපිට විශාල ප්රතිචාර ලැබෙමින් පවතිනවා. ඔවුන්ගේ ප්රතිචාර ලෙස ඔවුන් විසින් පල කරන ලද වීඩියෝ දර්ශන අපිට සමාජ මාධ්යජාල හරහා දකින්න ලැබෙනවා . මම හිතන්නේ මේ එක්ක මොකක්ද වෙනසක් සිදු වෙනවා . අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා.

3.පහුගිය දවස් වල බණ්ඩාරවෙල රූගත කිරීමක් කරන්න ගිහින් මොකද්ද ඒ හදිසියෙම වුණ ඇබැද්දිය?

මේ වසරේ අගෝස්තු 15 සිට සැප්තැම්බර් 19 වන තුරු අපි බණ්ඩාරවෙල සහ ඒ අවට දැනට විකාශනය වන කොටස් රූපගත කිරීම් සිදුකලා. හරියටම මාසක කාලයක්. අපි පලවෙනි රූපගතකිරීම නිම කරලා ආපසු ආවේ සැප්තැම්බර් මාසේ 19 වෙනිදා . එදිනම සවස අපට තිබ්බා රයිගම් සම්මාන උළෙල. එහි දී මාගේ පෙර නිර්මාණය, සුදු ඇදගෙන කළු ඇවිදින් නාට්ය විවිධ අංශ යටතේ නිර්දේශ වීම සහ එය වසරේ විශිෂ්ඨතම නාට්ය වීමත්, අපේ බොහෝ ශිල්පීන් සම්මානලාභීන් බවට පත්වීමත් හේතු කොට ගෙන විවිධ නාලිකා අධිපතිවරැන් කිහිප දෙනෙක්ගෙන්ම අපිට ආරාධනා ලැබුණා අපේ මේ අලුත් නාට්ය විකාශනය කිරීමට ලබා දෙන්න කියලා. මේ සමඟ සැප්තැම්බර් 20 වෙනිදා අපි තීන්දු කරනවා Season 01 හි රෑපගත කිරීම් අවසන් කිරීමට සහ 27 වන දින නැවත ඉතිරි වැඩ කටයුතු ආරම්භ කිරීමට. රෑපගත කිරීමකට අද ලෑස්ති වෙලා හෙට යන්න බෑ. අපේ නිර්මාණය සමඟ ඉන්න නළු නිලියන් ක්ෂේත්රයේ ඉතාමත් කාර්ය බහුල පිරිසක් . ඉතින් ඒ අයගෙ දින අපි මාසෙකට කලින් වෙන් කරගන්න ඕනෙ. ඉතින් මේ දින ගණන් එක්ක අපි 27 වැනි දින නැවත රූපගත කිරීම් ආරම්භ කරන්න කටයුතු සූදානම් කළත් ඇති වූ තාක්ෂණික ගැටළු කිහිපහක් හේතු කරගෙන අපට 30 වන දිනට කල් දැමීමට සිදුවුනා. ඒ වන විට ලංකාව පුරා Covid-19 පැතිරිලා තිබ්බේ, ඒ එක්කම 30 වැනි දින ඇඳිරි නීතිය දැමීමට සිදුවුණා. ඒ වන විටත් 27 වන දින වන විට මා රැඳී සිටියේ බණ්ඩාරවෙල. රජය පොදුවේ ජනමාධ්ය හරහා පොදු කාරණා ලෙස දැනුම් දුන් පරිදි Covid-19 සමඟ කොහොමද ජීවත් වෙන්නෙ කියන දේ සහ ඒ අනුව කොහොමද වැඩ කරන්නේ ,කොහොමද අපි පරිස්සම් වෙන්නේ කියන උපමානත් එක්ක තමයි අපි ගියේ. ඒ ගමනෙදි අපි සියළු ආරක්ෂාකාරී විධිවිධාන වගේම නිසි සනීපාරක්ෂණ ක්රියාමාර්ග සියල්ලම සිදු කළා. සැනිටයිසර් ගැලුම් ගනන් අපි අපේ ගමනට එකතු කරගත්තා. අඩුම තරමේ අපි යන වාහනයක්වත් අතරමග නවත්වන්නෙ නැතිව ගමාන්නතය දක්වා එක දිගටම ගමන් කරන්න අපි වග බලා ගත්තා.
ඊට පස්සේ 30 වැනි දින අපි අපේ රූපගතකීරීම් ආරම්භ කරන්න පටන් ගත්තා. දවල් වෙද්දි තමයි ආරක්ෂක අංශයෙන් සහ PHI මහත්වරැන්ගේ ඉල්ලීම මත නිරෝධායනය ලැබුවේ. ඒ වන විටත් අපිට තිබ්බා මැයි මාසයේ වෛද්ය අධිකාරිත්වය විසින් ටෙලි නාට්ය කිරීම සදහා ලබාදුන් නිර්නායකයන් . ඒ සියලු නිර්නායකයන් අද මේ මොහොත දක්වාත් වලංගුයි. ඒ අනුව තමයි අපි රූපගත කිරීම් ආරම්භ කලේ. මේ සදහා පිටස්තර පුද්ගලයන් කිසිම කෙනෙක් සහභාගී වෙන්නේ නැතිව අපි රූපගත කිරීම් කරගෙන ගියේ. ඒ අතරතුර තමයි මේ සිදු වීම සිදුවුණේ. අපිව PCR පරීක්ෂණ සදහා ඔවුන් යොමු කළා. අප කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ගේ PCR සාම්පල Negative වුනා. අපිට කාටවත් මේ රෝගය ආසාධිත පුද්ගලයන් සමඟ පුද්ගලික සම්බන්ධීකරණයක් තිබ්බේ නැහැ, ඒ වගේ තැනකින් අපි ඇවිල්ලා තිබ්බෙත් නැහැ. අඩුම තරමෙ රටේ Lock Down කරපු පැත්තකින්වත් ඇවිත් තිබ්බේ නැහැ. PCR පරීක්ෂණ වලින් පස්සේ වෛද්ය අධිකාරියයි, රජයයි එක්ක බොහෝ දෙනා කතා කරලා නැවත නිවෙස් කරා එන්න අපට හැකියාව ලැබුනා. අපි ඉක්මනින් නව උපමාන ටිකක් හදාගෙන රජයත්, සෞඛ්යය දෙපාර්තමේන්තුවත් සමඟ සාකච්ඡා කරලා අපේ මේ කාර්මාන්තයේ පැවැත්ම සඳහා නව වැඩ කටයුතු සකස් කරන්න උනන්දුවෙන් ඉන්නවා. මෙය තමයි වර්තමාන තත්ත්වය.

4.රූගත කිරිම් වලට කණ්ඩායමක් සහභාගි වුණාට, සමාජ මාධ්ය විසින් උලුප්පලා පෙන්නුවෙ ශලනි තාරකාව. මොකද්ද මේ ශලනිව විතරක් highlight වෙන්න හේතුව?

ශලනි තමයි මේ මොහොතේ අපි සමඟින් හිටපු ජනප්රියම තාරකාවිය, රංගන ශිල්පිනිය සහ අපේ සහෝදරිය. ඇය මේ අවුරැද්දෙ රයිගම් සම්මාන උළෙලෙ දක්ෂමතම නිලිය සහ ජනප්රිතම නිලිය යන සම්මාන ද්විත්වයම ලැබුවා. නිරෝධායනය වූ ඒ අවස්ථාවේ අපි නොදැනුවත්ව ආ මාධ්යවේදියෙක් තමයි රූපගත කිරීම් කරලා තිබ්බේ, ලංකාවෙ බොහෝ මාධ්යවේදීන් අපත් සමඟ බොහෝම සමීපව වැඩ කරනවා . අපි එකිනෙකාට අඳුරනවා. නමුත් ඒ මොහොතේ සිටි ඒ පුද්ගලයා ගැන කතා කළොත්,ඇත්තටම අපි දන්නේ නැහැ ඔහු මාධ්යවේදියෙක් කියලවත්. අපව නිරෝධායනය සඳහා පොලීසියත්, PHI මහත්වරැත් සමඟ නිල ඇඳුම් සහිත සිවිල් පිරිසකුත් හිටියා. එක පුද්ගලයෙක් ඔහුගේ ජංගම දුරකථනයෙන් ඒ අවස්ථාවේ වීඩියෝ දර්ශන ලබාගෙන තිබ්බා. අපි හිතුවේ PHIකෙනෙකු හෝ පොලිස් නිලධාරියකු කියලා.ඒ නිසා අපි ඒ සම්බන්ධව ලොකුවට තැකීමක් කලේ නැහැ. ඒ අවස්ථවේ මම සහ නිෂ්පාදන අංශයේ මලිත් එළියේ නිලධාරීන් පිරිසක් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරමින් හිටියේ. ඒ අතරතුර තමයි කාන්තාවන් ඉන්න කාමරයට කිහිපදෙනෙක් ගිහින් ශලනි තාරකා සහ මාලි ජයවීර සමඟ වන කතා බහ වීඩියෝ කරලා එය සමාජ මාධ්යට මුදා හරින්නෙ. නිරෝධායනය කරපු කෙනෙක් අවසරයක් නැතිව මාධ්ය අවභාවිතා කරන්න බැහැ. ඒක රජයේ නීතියක්. ඔවුන් මේ සියල්ල අවලංගු කරලා ඒ නිලියන් දෙදෙනා ඉන්න කාමරයට ගිහින් එයාලා අතර වන සංවාදය රෑපගත කරලා සමාජමාධ්ය හරහා දැමීම නීති විරෝධීයි. මේ සම්බන්ධව අපට නීති ක්රියාමාර්ග මගින් ඔවුන්ට නඩු දමන්න පුලුවන්. අපි දැනට අවශ්ය නීතිමය ක්රියාමාර්ග ලබා ගැනීමට ඒ ගැන සාකච්චා මට්ටමින් කටයුතු කරගෙන යනවා. අපිට ආයේ අමුතුවෙන්ම කියන්න දෙයක් නෑ ඔහු කල ඒ වීඩියෝ පටයෙම සාක්ෂි තියෙන නිසා.

ශලනි මේ සම්බන්ධව කිසිදෙයක් දන්නේ නැහැ. ඇය දන්නේ රජය විසින් අපට අවසර ලබා දී ඇති බව විතරයි. සමහර සමාජ මාධ්ය ජාල, වෙබ් අඩවි වල ඉතාමත් අප්රසන්න විදියට ඇයව ගම්මුන් විසින් අල්ලා බැඳ නිරෝධායනයට අල්ලා දුන්නා වගේ කතාවක් දාලා තිබ්බේ. මේක සම්පූර්ණ අසත්යක්. මේ විදියට මාධ්ය භාවිතා කරන්න පුලුවන් ද ? මේ වගේ බොරැ කීවාම රටේ මිනිස්සු මාධ්ය විශ්වාස කරයි ද? තම තමන්ගේ තියෙන ඇරියස් කවර් කරගන්න මෙහෙම වැඩ කරන එක හරිද ? මාධ්යවේදියා මේ දේ කරලා නවතිවීවි , ඒත් මේ රංගන ශිල්පිනියගෙ අනාගතයට මොනවගේ බලපෑමක් ද මේ ඇතිකරන්නේ . විශේෂයෙන්ම කියන්න අවශ්යයි අපේ රටේ සමස්ථ ප්රධාන මාධ්ය මේ වෙනුවෙන් පෙනී සිටියා. රජය ,සෞඛ්ය බලධාරීන් , සමස්ථ මාධ්ය සත්ය වෙනුවෙන් පෙනී සිටියා. ඔවුනට ස්තුතිවන්ත වන අතර මම බෙහෙවින් ආඩම්බර වෙනවා සියළු දෙනාගෙන්ම මේ වෙනුවෙන් ලද සහයට. නැවත මම අවධාරණය කරනවා ඔවුන් ඒ සිදුකලේ නීති විරෝධී දෙයක්. මේ තමයි සිදු වූ සත්ය සිදුවීම.5.අදාළ සිදුවීමෙන් පස්සේ ඔබතුමන්ලා සෞඛ්ය අමාත්යාංශයේ අනුමැතිය සහිතව රෑගත කිරීම් සඳහා පිටත්වුණු බව තමයි සඳහන් කළේ. ඇත්ත තත්ත්වය ඒකමද? එහෙනම් ඇයි මේ වගේ තත්ත්වයක් උද්ගත වුණේ?අපි කලාකරුවෝ , අපි නිර්මාණවේදියෝ . මේ සිදුවීම එක්ක,මේ එන මාධ්ය වාර්ථා සහ චෝදනා එක්ක අපේ මනස විනාශවෙලා ගියා.අපි ගියේ දේශපාලන කාරණාවකට නෙමෙයි. අපි ගියෝ බොහොම සොඳුරු නිර්මාණයක ඉදිරි කටයුතු කරගෙන යන්න. අපේ නිර්මාණය විකාශනය වන්නේ රජයේ නාලිකාවක් වන ජාතික රූපවාහිනය ඔස්සේ . මෙය රජයට අනුබද්ධ ආයතනයක් . අපි ගියේ නිර්මාණ කාර්යකට . අපිට නිදහස් මානසිකත්වයක් නැතිව නිර්මාණ කරන්න බැහැ ඒ අපි නිර්මාණකාරයෝ නිසා . අපි 25 දෙනාම එකතුවෙලා තීන්දුවක් ගත්තා. අපි මේ මානසික මට්ටම සමඟ නිර්මාණය පටන් ගත්තොත් නිර්මාණයේ තියෙන ගුණාත්මකභාවය පිරිහිලා නිර්මාණයට හානියක් වෙයි කියලා . විශේෂයෙන් මට තිරපිටතේ තියෙන දේ රෑප බවට පත් කරද්දි මගේ මනස යකාගෙ කම්මල වගේ තියාගෙන මේ දේ කරන්න බැහැ. මට නිදහස ඕනෙ . මේ ගතවෙච්ච දවස් 5ට ලක්ෂ 10 ක් පමණ පාඩුවක් වෙලා තියෙනවා. මේවට කවුද වගකීමක් ගන්නේ. අපිට තීන්දු තීරණ ගන්න පුලුවන් කමක් තියෙන නිසා අපි කල්පනා කළා එළියට ඇවිත් කාලය ගතවෙන්න ඉඩ ඇරලා නීත්යානුකූලව අවසර ඇතිව නැවත රූපගතකිරීම් ආරම්භ කරන්න.විශේෂයෙන් මතක් කරන්න අවශ්යයයි. අපේ රටේ ටෙලිවිෂන් නාලිකා විශාල ප්රමාණයක් තියෙනවා . ඒවා පවත්වාගෙන යන්න මේ සිදුවීම් ඒ ඒ ආයතනවල සියලුම සේවකාරකාදීන්ට රැකියාව පවත්වාගෙන යන්න විශාල බලපෑමක් කරනවා . නිව්ස් කියන දේ අපිට විවිධ විදියට දැන ගන්න පුලුවන් ඕනෑම මොහොතක. හැබැයි රෑපවාහිනී නාලිකා සියල්ලට මිනිසුන් ඇදිලා එන්නෙ ටෙලි නාට්ය බලන්න. ඉතින් මේ ටෙලි කර්මාන්තය නැවතුනොත් එහෙම මේ Covid-19 සමග ගෙවල්වලට වෙලා ඉන්න මිනිස්සුන්ට බලන්න වෙන්නෙ ඉන්දීයානු නාට්ය. මේකට ද අපි මේ රටේ දේශීය ගුණාත්මක කලාවක් ගොඩ නගන්න හොද ආකල්ප දෙන්න මේ නිර්මාණ වෙනුවෙන් සටන් කරන්නේ. මිනිස්සු 100%ක් කැමති නැහැ විදේශීය නාට්ය බලන්න . එතකොට ප්රේක්ෂකාගාරය රෑපවාහිනියෙන් ඉවත් වෙනවා. එතකොට මේ කර්මාන්තයට මොකක්ද වෙන්නේ. මේ ව්යසනය සිද්ධ වෙන්න කලියෙන් නිවැරදි තීන්දු තීරණ අදාල බලධාරීන් ගත යුතුයි කියන මතයේ මම ඉන්නේ . අපිත් පුරවැසියන් විදියට දැන ගන්න ඕන අඩු පාඩු ,වැරදි රහිතව මේ වැඩකටයුතු කරන්න. අපි රටේ නීතියට ගරැ කරමින් අපේ උපරිමය ලබා දෙන්න ඕනම අවස්ථාවක සූදානම්.

6.ඔය සියලු කාරණා සිදුවෙමින් පවතින අතරතුරේ සමාජ මාධ්ය තුළ රාවයක් යනවා Can You Hear Me රූගත කිරීම් නතර වෙනවා කියලා. මොකද්ද ඒකේ ඇත්ත නැත්ත?

මේ උද්ගත වුණ තත්ත්වය නිසා තාවකාලික නතරවීමක් විතරයි සිදුවුණේ. සමහරවිට කාට හෝ වුවමනාවක් තියෙනවද කියන්න දන්නේ නෑ මේ කටයුතු අඩාල වෙනවා දකින්න.අපි ඉතාම ඉක්මනින් අදාල නීතිරීති රෙගුලාසි වගේම ආරක්ෂණ ක්රමවේද රජය හා සම්බන්ධ වෙමින් සම්පාදනය කරගෙන බොහොම කෙටි කාලයකින් නැවතත් නිත්යානුකූලව අපේ රූපගත කිරීමේ කටයුතු ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා.

7.ලංකාවේ තියෙන මේ සමාජ මාධ්ය අවභාවිතාව සහ ගොසිප් වෙබ් අඩවි සම්බන්ධයෙන් ඔබතුමාට තියෙන්නෙ මොනවගේ අදහසක්ද?

මේ සියළු මාධ්ය සහ ඔය කියන වෙබ් අඩවි තුළින් ඉතාම අල්ප පිරිසක් තමයි මාධ්ය අවභාවිතාවේ යෙදෙමින්, මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන ආකාරයෙන් කටයුතු කරන්නේ. 10% විතර පිරිසක් ඉන්නවා කිසිම දෙයක හොඳක් දකින්න බැරි. තම තමන්ගේ ජීවිත වල තියෙන හිස්තැන් පුරවගන්න එවැනි පහත් මට්ටමේ ක්රියාකාරකම් වල යෙදෙන.
ඉතින් මම විස්වාස කරනවා රජයක් වශයෙන් හරි මැදිහත් වෙලා මේ වගේ දේවල් පාලනය කිරීමක් හෝ ඒ වෙනුවෙන් අදාළ නීතීරීති සම්පාදනය කිරීමක් හෝ වෙනවා නම් හොඳයි කියලා.
අපිට සිදුවුණ මේ සිදුවීම එක්ක අපි දන්නවා සමාජ මාධ්ය තුළ පැතිරුන බොහොමයක් කතාවල තිබුණේ ඇත්ත ඇති සැටියෙන් නෙවෙයි. බොහෝමයක් කතා වල තිබුණේ ඔවුන් විසින් ඔවුන්ගේ පැවැත්ම උදෙසා නිර්මාණය කළ කතා.

නමුත් ලංකාවේ තියෙන සියළුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා වලින් සැදුම්ලත් සංවිධානය මේ අසීරු මොහොතේ අපි සමඟ එකටම හිටියා, අපි වෙනුවෙන් පෙනී සිටියා. අපේ කණ්ඩායමට මුහුණ දීමට සිදුවුණ එම සිද්ධිය අනුසාරයෙන් විශේෂ ප්රකාශයක් සහිතව ඔවුන්ගේ ප්රධාන ප්රවෘත්තිය බවට මේ සිදුවීම ගෙනාවා. ටෙලි නාට්ය ක්ෂෙත්රය කියන්නෙ දැවැන්ත කර්මාන්තයක්. මේ කටයුතු යම්කිසි කෙනෙක් රූපරාමුවක් අරගෙන හිතෙන දෙයක් ටයිප් කරලා අන්තර්ජාලයට මුදා හරිනවා වගේ සරල දේවල් නෙවෙයි. සමාජ මාධ්ය ඔස්සේ ඕනෑම කෙනෙකුට මාධ්යවේදීන් වීමේ නිදහස ලැබිලනේ තියෙන්නේ. අඩුම තරමේ ඔවුන් නම්යශීලී නෑ සිද්ධියට මුහුණපාන පාර්ශ්යවයෙන් ඇත්ත තත්ත්වය අහලා දැනගන්න. ඒ ලැබෙන අනිසි නිදහස රජයක් විසින් හෝ කළමනාකරණය කරනවා නම් තත්ත්වය වඩාත් සුබදායක වෙයි.සමාජ මාධ්ය සම්බන්ධයෙන් නීතිරීති තිබුණටම මදි ඒවා ක්රියාත්මක වෙන්නත් ඕනි.8.ඉදිරි රූගත කිරීම් සම්බන්ධයෙන් මේ මොහොතේ රජයේ යම්කිසි මැදිහත් වීමක් හෝ සෞඛ්ය ආරක්ෂණ වැඩ පිලිවෙලක් ක්රියාත්මක වෙනවද?
මේ අවුරුද්දෙ උද්ගත වුණු කොරෝනා වසංගත තත්ත්වයේ පළමු රැල්ලත් එක්ක එවකට සෞඛ්යය අධ්යක්ෂක ජෙනරාල්වරයාගේ අත්සන සහිතව නියාමන පද්ධතියක් තියෙනවා. නමුත් මේ මොහොතේ වෛද්යවරු සහ ක්ෂේත්රයට සම්බන්ධ ප්රධාන වෘත්තිකයන් සම්බන්ධ කරගනිමින් සාකච්ඡාවක් පවත්වලා අදාළ නීතී රෙගුලාසි සම්මත කරගැනීමක් සඳහා තමයි අපි අවධානය යොමු කරමින් ඉන්නේ. එමඟින් සාකච්ඡාවට ලක් කෙරෙන කාරණා නියාමනයක් වශයෙන් ඉදිරි දින වලදී රටට දැනගන්න ලැබෙයි. මේක හොඳ ප්රවනතාවයක්. පවතින වසංගත තත්ත්වයට බැන,බැන, සාප කරමින් ඉන්න එක නෙවෙයි අපි කළ යුත්තේ. මේ තත්ත්වය මත සියළුම දෛනික වැඩකටයුතු අඩපණ කරමින් කටයුතු කරනවා වෙනුවට අසීරු අවස්ථාවන්ට ආරක්ෂණ ක්රියාමාර්ග අනුගමනය කරමින් කටයුතු කිරීම කරන්න පුළුවන් නම් තමයි හොඳ.
රජයක් මේ සියළු නීතීරීති සම්පාදනය කරමින් පුද්ගල ආරක්ෂාව සලසනවා. අපි නියාමනයක් යටතේ මේ කටයුතු වගකීමක් සහිතව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.9.ඔබගේ Can You Hear Me ටෙලි නාට්ය කතා මාලාවන් තුනකින් ඉදිරිපත් කරන බව අපිට දැනගන්න ලැබුණා. මොකද්ද ඔබ මේ ටෙලි නාට්ය ක්ෂෙත්රයට ගෙන එන නව සංකල්පය?මේක ලෝකය පුරා තියෙන සංකල්පයක්. අපේ රටට පොඩි අලුත් අත්දැකීමක් වුණාට, කතාමාලා වශයෙන් විකාශනය කතාංග වෙනත් රටවල තියෙනවා. මගේ මේ නිර්මාණය කොටස් 50, කතාමාලා තුනක් වශයෙන් විකාශනය වීමට නියමිතයි.
අපි උත්සහ කරනවා ඒ අත්දැකීම ලාංකේය ප්රේක්ෂකයාට සමීප කරන්න. ඔවුන් එය වැලඳගන්න විදිහ අනුව තමයි මේ ක්රමය සාර්ථකද, මෙවැනි නිර්මාණයක් ඉදිරියටත් කරනවද කියන දේ තීරණය වෙන්නේ.10.ඔබ මේ කතාව තුළින් සමාජගත කරන්න හදනවා අනෙකාට ඇහුම්කන් දෙන, අනෙකා තේරුම් ගන්න මිනිසුන් පිරිසක් ගොඩනැගීමේ වටිනාකම. Can You Hear Me තුළින් ඔබට සමාජය වෙනස් කළ හැකි වෙයිද?

සමාජ වෙනස් කිරීම නෙවෙයි, මගේ අරමුණ සමාජය තුළ සංසරණය වෙන ආකල්ප සංවර්ධනය කිරීම. මේ සමාජ ප්රවාහය ඇතුළේ අපි කවුරුත් තමන් කවුද කියලා තීරණය කරන්නේ ආර්ථික, සමාජීය සහ දේශපාලනික කරුණු කාරණා එක්ක. අපේ වගේ රටවල් වල මිනිස්සු පින්,පව් කියන දෙක මත විතරක්ම රැඳිලා කටයුතු කරන්නේ නැති තරම්. ඉතින් ඔය කියන ආර්ථික, සමාජීය සහ දේශපාලනික ව්යුහය එක්ක ජීවත් වීමට මිනිස්සු කරන අරගලයට තමයි Can You Hear Me කියන්නේ.

11.අවසාන වශයෙන් Can You Hear Me හී ඉදිරි දිශානතීන් ගැනත් යම්කිසි ඉඟියක් ලබා දෙනවා නම්?

අධ්යක්ෂකයාවරයා විසින් ඉදිරිය ගැන දේවල් කියනවට වඩා ඒ දේවල් ප්රේක්ෂකයාට විඳින්න අපි භාර කරමු. මම මෙහෙම කියන්නම් මගේ පිටපත් වල ස්වභාවයක් විදිහට කියන්න පුළුවන් සිදුවීම් ඉතා ඉක්මනින් ගලායාම, අවසානයේ බලාපොරොත්තු නොවන සිදුවීම් සිදුවීම වගේ දේවල්. ඒ වගේම මම කැමතියි නිතරම රූපරාමු, දෙබස්, රංගනය කියන කාරණා ප්රේක්ෂකාගාරය වෙත ගුණාත්මක විදිහට ඉදිරිපත් කරන්න. ඉතින් මේ සියළු කරුණු ඒකරාශී කරගෙන Can You Hear Me වෙනස්ම මානයකට යන්න සූදානමින් ඉන්නවා. මේ වෙනවිට පිටපත ලියා අවසන්. Can You Hear Me කණ්ඩායමක් වශයෙන් වෙනස් දිශානතියකට අවසානයේදී ළඟා වේවී.

ශ්රීලාංකීය නාට්ය කලාව නගා සිටවීම උදෙසා හරවත් නිර්මාණ බිහිකරමින් උසස් රසවින්දනාත්මක පරාසයක් සහිත ප්රේක්ෂක පිරිසක් බිහි කිරීමට උර දෙන මෙවැනි නිර්මාණකරැවන් හට දිරියක් වීම ප්රේක්ෂක ඔබෙත් යුතුකමකි. සමාජ මාධ්ය ඔස්සේ පැතිරෙන කටකතා බුද්ධියෙන් විමසා බලා කටයුතු කරනමෙන් නිරන්තරයෙන් හරවත් නිර්මාණ වෙනුවෙන් පෙනී සිටින Uncommon අපි ප්රේක්ෂක ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.

සැකසුම – එල්.වයි අයේෂා සුභානි

 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article