spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රස පරික්ෂක වාර්තා නොමැති කමින් 8302ක් තවමත් රිමාන්ඩ් බන්ධනාගාරවල.

Must read

FB_IMG_1604675792150
රස පරික්ෂක වාර්තා ප්‍රමාදවීම පිළිබදව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිය නොසතුට පළකරයි..

බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කරගැනීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීමේදී රිමාන්ඩ් සිරකරුවන්ගේ ප්‍රමාණය අවම කර ගැනීම තුළින් යම් විසදුමක් ලබාගත හැකි අතර ඒ සදහා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පිරිසෙන් 8302ක් රස පරික්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින බව හදුනාගත් අතර එම වාර්තා කඩිනම් කිරීම මගින් ඔවුන් සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම්කර තීරණ ගැනීමට හැකිවන බැවින් රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැදවා මාස එකහමාරකට පෙර ලබාදුන් ඉලක්කය මේවන තෙක් සපුරා නොතිබීම පිළිබදව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිය නොසතුට පලකලාය.

අධිකරණ යටිතල පහසුකම් සංවර්ධන කමිටු ප්‍රධානී ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා සහ බන්ධනාගාර බලධාරීන් සමග බන්ධනාගාර තදබදය අවමකර ගැනීම පිළිබදව අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඇය මේ පිළිබදව සිය අදහස් දැක්වූවාය.

කොවිඩ් 19 ‍හේතුවෙන් සෞඛ්‍ය අවධානමකට ලක්ව පවතින බන්ධනාගාර පද්ධතිය තුළ සිටින බන්ධනාගාර රිමාන්ඩ් සිරකරුවන් ඉන් ආරක්ෂා කරගැනීම පිළිබදවත් බන්ධනාගාර තදබදය අවමකර ගැනීම පිළිබදවත් අවධානය යොමුකිරීමේදී රස පරික්ෂක වාර්තා කඩිනම්කර තිබුනේ නම් මේවන විට ඔවුන් නිදහස් කිරීමට හෝ පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකර ගැනීමට හැකියාව තිබූ බව රාජ්‍ය ඇමතිනිය මෙහිදී සදහන් කලාය. එවැනි තත්වයක් තුළදී වෛරසයේ පැතිරීම අවම කර ගැනීමට හැකියාව පවතින බව ඇමතිනිය මෙහිදී විශ්වාසය පළකලාය.FB_IMG_1604675786532

බන්ධනාගාර තදබදය අවම කරගැනීම මෙන්ම වෛරසයෙන් බන්ධනාගාර ප්‍රජාව ආරක්ෂාකර ගැනීම පිළිබදව ගත හැකි උපායමාර්ග පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඇප කොන්දේසි සපුරාගත නොහැකිව බන්ධනාගාර ගතව සිටින 1990ක පමණ පිරිසක් සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබදව අධිකරණ සේවා කොමිසමේ අවධානයට ලක්කර ඇප කොන්දේසි ලිහිල්කිරීමට හැකියාව පවතීද යන්න පිළිබදව සම්බන්ධීකරණය කරදෙන ලෙස ඇමතිනිය මෙහිදී යූ.ආර්.ද සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කරන ලදි. එමෙන්ම අධිකරණ සේවා කොමිසම හරහා මහේස්ත්‍රාත්වරුන් දැනුවත්කර බන්ධනාගාරවල සිටින රිමාන්ඩ් සිරකරුවන් හමුවී ඔවුන්ව නිදහස් කිරීමට හෝ ඔවුන් සම්බන්ධයෙන් ගතහැකි සුදුසු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබදවද අවශ්‍ය සම්බන්ධීකරණය කල හැකි බව ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා මෙහිදී ඇමතිනිය වෙත දන්වා සිටින ලදි.

මෙම සාකච්ඡාව සදහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගීතාමනී කරුණාරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, කොමසාරිස් පුනරුත්ථාපන චන්දන ඒකනායක, කොමසාරිස් බුද්ධි මෙහෙයුම් තුසිත උඩුවර යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගීවිය.

උපුටා ගැනිම -ඇමතිණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේගේ  මාධ්‍ය ඒකකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article