spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අපිළිවෙලට කැමැති තිදෙනෙක් නිසා මීගමුවේ රථවාහන සැලැස්ම අර්බුදයක!

Must read

Outside-lead-1-traffice-policeමීගමුව තුල අතිසාර්ථකව ක්‍රියාත්මක වු රථවාහන සැලැස්ම අපිළිවෙලට කැමැති උද්දච්ච මිනිසුන් තිදෙනෙකු නිසා දැන් අර්බුදයකට  ලක්ව තිබේ.
මේ නිසා දැන් මතුව තිබෙන බරපතල අවුල ගැන බහුතරයක් දෙනා සිය අප්‍රසාදයක පළකර සිටි.
මේ රථවාහන සැලැස්මට එරෙහිව සිටියේ එක් ව්‍යාපාරිකයෙකු පමණි. ඒ ඔහුගේ කඩයට සෙනග එන්නේ නැතැයි කියාය.අනික් තැනැත්තා ඉන්ධන පිරවුම් හලක හිමිකරුවෙකි.අනිකා වන්නේ මිගමුවට කිසිදු සම්බන්ධයක් නැති අයෙකි.මේ තුන්කට්ටුව නිසා අද මිගමුවේ රථවාහන සැලැස්ම තාවතාලික අර්බුදයකට ලක්ව තිබේ.
අද ඇත්තේ නුනත වෙළදාමකි..
මිගමුව දිනෙන් දින හෙටට ගැලෙපෙන නගරයක් ලෙසින් පෙරට යමින් තිබේ.
එයට අනුගතව නුතන වෙළදාමට හැඩගැසෙන්නට බැරි පැරණි වෙළෙන්දෝ මේ ව්‍යාපාරික ලෝකයෙන් හැලි යෑම අනිවාර්යකි.
මීගමුව තුල මේ අතිසාර්ථක රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරිමට එඩිතරව කටයුතු කළ එක් පොලිස් ප්‍රධානියෙකු විය.
ඔහු මිගමුවේ හිටපු මුල්ස්ථාන පොලිස් පරික්ෂ සමන්තිලක වැලිවිට මහතාය.HQI samanthilaka.jpg

ඔහුට අනගි සහයන් දුන් තවත් නිර්භිත නිළධාරියෙකු විය .
ඔහු රථාවහන අංශයේ ප්‍රධානියා වන ගජනායක මහතාය.
පිළිවෙලට කැමැති නැති මෝඩයන් සුළු පිරිසක් විසින් කෙනහිලි කම් කරද්දි ඔහු එඩිතරව කොන්ද කෙලින් තියාගෙන ඒ සියල්ලට මුහුණ දෙමින් සිය ඉහල නිළධාරින්ගේ මෙන්ම නගරයේ බුද්ධිමත් පුරවැසියන්ගේද සහය ඇතිව මේ රථවාහන සැලැස්ම ක්‍රියාවට නගා තිබුණි.
මේ නිර්භිත නිළධාරින්ට එවකට සිටි සියලු උසස් නිළධාරින්ගේ සහය ඉහලින්ම ලැබි තිබුණි.
සහකාර පොලිස් අධිකාරි ගමගේ මහතා ගැන මෙහිදි සටහන් කළ යුතුම වේ.අප කළින්ද සදහන් කළ අපිළිවෙලට කැමැති තිදෙනාගේ බලපෑමට ලක්ව මිට වසරකට පමණ ඉහතදි වන්වේ සැලැස්ම ඉවත් කරන්නට වරක කටයුතු කර තිබුණද සහකාර පොලිස් අධිකාරි ගමගේ මහතාගේ ක්ෂණික මැදිහත්විම නිසා දෙවියන් ඉදිරියේ මෝඩයන්ට පිණුම් ගැනිමට නොහැකි විය.
මේ සාර්ථක සැලැස්ම නිසා රථගාලක් නැති මිගමුවට තාවකාලික සහනක් ලැබුණි. එපමණක් නොව හොරකමක් කර මේ වන්වේ පාරවල් වලින් ගමන් කිරිමට ඇති නොහැකියාව නිසා ආරක්ෂාව පැත්තෙන්ද බලන කළ මහත් ප්‍රයෝජනයක් ලැබි තිබුණි.
එහෙත් ඒවැනි ප්‍රයෝජන  තේරුම්ගත හැක්කේ දියුණු මනසක් ඇති මිනිසුන්ට පමණි.
එවන් එඩිතර නිළධාරින් සිටින නගරයක පිළිවෙල අංක එකට ගතහැකි බව සමන්තිලක මහතා ක්‍රියාවෙන්ම ඔප්පු කළේ මීගමුව තුල අතිබහුතරයකගේ ප්‍රසාදය හිමිකරගනිමිනි.
මීගමුවේ මේ අපිළිවෙල තවත් දින කිහිපයක් පමණක් ක්‍රියාත්මක වනු ඇත. බුද්ධිමත් පුරවැසියා සහ ඉහල නිළධාරින්ගේ මැදිහත්විම මත යළිත් මීගමුව තුලට පිලිවෙල පැමිණෙනු ඇත.
ගණිතඥයන් ඇවැසි තැනට නැට්ටුවන් පැමිණි විට ඇතිවන අවුලට අද මිගමුව තාවකාලිකව මුහුණ දි සිටි.
මීගමුවට පිළිවෙල කැදවිය හැක්කේ ප්‍රතිපත්තිගරුක එඩිතර කොන්දක් ඇති නිළධාරින් මෙන්ම බුද්ධිමත් පුරවැසියන්ගේ හවුල් ක්‍රියාකාරිත්වය තුල පමණි.එය මීගමුව තුල වසර 3 ක් තුල අතිසාර්ථක රථවාහන සැලැස්මක් ක්‍රියාවට නගමින් ඔප්පුකර තිබේ.මුලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක යනු එහි ප්‍රධානතම ආදර්ශමත් චරිතය ලෙසින් දැන් මිගමු ඉතිහාසයට එක්වි හමාරය.මහත් වෙහෙසක් දරා මේ සැලැස්ම නඩත්තු කළ ගජනායකලාට මීගමුවේ බුද්ධිමත් පුරවැසියන්ගේ ප්‍රණාමය හිමිවේ .
දෙවියන් නැති මෝඩයෝ පිණුම් ගසති..
එහෙත් මේ කරණම් ටික දවසකට පමණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article