spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉම්රාන් ඛාන්ගේ නව පකිස්ථානයක් සිහිනය සැබෑ කර ගත හැකිවේවිද?

Must read

IMran k දේශපාලකයකු බවට පත්වු පකිස්ථානයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් දූෂණය මුලින් උපුටා දමා නව පකිස්ථානයයක් බිහිකරීමට තමා කැපවෙන බවට ප්‍රතිඥා දී ඇත.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන් පකිස්ථානයේ පැවති මහා මැතිවරණ තුනකට තරග කරමින් අවසානයේ පාර්ලිමේන්තුවේ තම පක්ෂය විසින් පැහැදිලි බහුතරයක් පසුගියදා පැවැති මැතිවරණයෙන් ජයග්‍රහණය කලේය. ඉදිරි දින කිහිප තුලදී ඉම්රාන් ඛාන් පකිස්ථානයේ නව අගමැතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිතය. ” නව පකිස්ථානයක්..වංචාවෙන් දූෂණයෙන් තොර රටක්. අපි කිසි දිනක නොවූ පරිදි පකිස්ථානය පාලනය කරමු” ඉම්රාන් ඛාන් තම මැතිවරණ සටනේදී ප්‍රකාශ කර සිටි අතර තමා සමග අත්වැල් බැඳගන්නයි එරට තරුණ තරුණියන්ට ඔහු විශේෂයෙන් ආරාධනා කලේය. ”
මේ අරගලය මා පටන් ගත්තේ දැනට වසර 22 කට පෙරය. මට මේ අවස්ථාව අද ලැබීම ගැන ස්තූතිවන්ත වන අතට මා දුටු සිහිනය සක්ෂාත් කරගැනීමට දැන හැකිවනු ඇත. අපි පකිස්ථානයේ දිළිදු ජනතාවගේ සහ කම්කරුවන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට කටයුතු කරන්නෙමු.” ” දූෂණය පකිස්ථානය පුරා පිළිකාවක්සේ පැතිර රට කාබාසිනියා කර දමා ඇත. අපි ආදර්ශයක් වීම තුලින් රටේ නීතිය සැමට එක සමාන බව පෙන්වමු” ඉම්රාන් ඛාන් පවසයි. ඉම්රාන් ඛාන්ගේ මැතිවරණ ජයග්‍රහණය පකිස්ථානයද ලෝකය දැන් ඇදීයන ගෝලීය අර්ථ ක්‍රමයට වැඩි වශයෙන් යොමුවීමක් බව විචාරකයන් සදහන් කරන අතර ඔහු ඉදිරියේ ඇති අභියෝගය ඉතා සංකීර්ණ බවද ඔවුන් පවසයති.
රාජ්‍ය තන්ත්‍රයේ ඉහල තලයේ සෑම අංශයක් පුරාම පැතිරී ඇති දූෂණය සහ වංචාව ජය ගැනීමට ඔහුට එරට පොලීසියේ සහ අධිකරණයේ සහය අවශ්‍ය වන අතර හමුදාමය අතගැසීම් අවම මට්ටමක පවත්වාගෙන යාමට නිසි ක්‍රම වේදයක් සකස් කල යුතු වන්නේය. ඔහු ඉස්ලාම් අන්තවාදී කොටස් සමග කෙලෙස ගනුදෙනු කරනු ඇද්ද යන්න තවත් බොහෝ දෙනෙකුගේ විමසීමයි. පකිස්ථානයට ප්‍රථම වරට ක්‍රිකට් ලෝක කුසලාන ගෙන ඒමට ඉම්රාන් ඛාන් තම කණ්ඩායම මෙහෙයවූවාසේම “නව පකිස්ථානයක් ” බිහිකිරීමට ක්‍රීඩකයෙක්ව සිට දේශපාලකයකූවූ මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට හැකි වනු ඇතැයි පකිස්ථානය ජනතාව දෑස් දල්වා බලා සිටිති.
අරුණ ශාන්ත නෝනිස්
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article