spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අපි කරන හොද වැඩ නොලියන්නේ ඇයි ! සරත් මිපුරෙන් අසයි !

Must read

සරත් ගුණරත්න යනු මීගමුව තුල දේශපාලනයේ යෙදෙන එක්තරා ජේෂ්ඨ දේශපාලකයෙකි.කිසිදා පිල් මාරු නොකළ අමාරුම කාලයේදිද පක්ෂය හැර නොගොස් ඒ වෙනුවෙන් ජිවිත අවධානම් මැද කටයුතු කළ අයෙකි.
අප මෙ සටහන තබන්නේ මීගමුව තුල අද තොරණ දේශපාලනයේ යෙදෙන ඇතැමුන් පිල් මාරුකරන්න කිසිදු ලැජ්ජාවක් නැතුව කටයුතු කළ අය බවද කිව යුතුව තිබෙන නිසාය.sarath G 100
පසුගිය දිනක මිපුර හා පැවැති කථාබහකදි හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න විමසා සිටියේ අප කරන හොද වැඩ ඇයි මිපුරෙන් වාර්ථා නොකරන්නේ යනුවෙනි.
දැන් අපට මතුවෙන ප්‍රධාන ප්‍රශ්ණය වන්නේ වත්මන නගර සභා පාලනය විසින් කරනු ලබන හොද වැඩ මොනවාද යන්නයි.
ලංසා පවුල අද මීගමුවේ බදුගෙවන ජනයාගේ මුදල් වලින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් තොරණ් දේශාපාලනයක නිරතව සිටි.dayan lansa 3
පාරවල් වලට ලයිට් දාන්නේද තාර දාන්නේද කාපට් කරන්නේද නිමල් ලංසා හෝ දයාන් ලංසාගේ පුද්ගලික මුදලින් නොවේ.
එසේත් නැතිනම් මීගමුව මහනගර සභාවට අහිමිකරමින් බිච් පාක් එක ඇතුලු මීගමුවේ අදායම් උත්පාදන මාර්ග රැසක් පවුලක අණසකට ගෙන ගෙවුන දශකයක තුල හම්බකරගත් මුදල් වැය කරමින් ද නොවේ.
පාරවල් වල ලයිට් දැමිමට නගර සභාවේ බදු මුදල් ඇත.ඒවා සවි කිරිමට කම්කරුවන් සිටින අතර අධික්ෂණය සදහා අදාල නිළධාරින් සිටින අතර ඒ අයට ඒ ඒ වගකිම් වෙනුවෙන් වැටුප්ද ගෙවනු ලැබේ.
ඒ සියල්ල එසේ වෙද්දි නගරයේ සවි කරන සෑම  විදුලි බුබුළුක් අසලම සිටිමින් පොටෝ ගහමින් ඒ ප්‍රචාරය කිරිමට කටයුතු කිරිමට නගරයක ප්‍රධාන පුරවැසියාට තරම් නොවන්නකි.
මින් කියැවෙන එක් සත්‍යයක් වේ. එනම් තමන් නගරයේ ඇත්ත නගරාධිපතිවරයා නොවේ යැයි තමන්ද ජනතාවද දන්නා  නිසා ලයිට් කණුඅල්ලාගෙන කාණු වලට බැස පොටෝ ගසා හෝ ඒවා ප්‍රචාරය කරන්න දැන් මේ අයට සිදුව තිබේ.
ඉතින් සරත් ගුණරත්න මහතා අපගෙන් අසා සිටින්නේ මේ මාධ්‍ය සංදර්ශන ගැන වාර්තා කරන්න කියා නම් අප ඒවාට සුදානම් නැත.
එහෙත් අප ඉතා හොදින් වඩාත් කල් ඇතිව කළ එක් පුරෝකතයක් වේ. එනම් මීගමුවේ නගරාධිපතිවරයා යනු කාණු පිරිසිදු කරන ලයිට් දාන කුණු අදින කෙනා යැයි පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව අප කියා සිටියෙමු.
දැන් ඇත්තටම සිදුවන්නේද එයයි.
මේ නිසාම යහපාලන රජය ක්‍රියාත්මක කරන දැවැන්ත සංවර්ධන කටයුතු තමන්ගේ දැක්ම මත සිදුවනවා යැයි කියා පට්ට කෙබර ගොතා ජනතාව අන්දවන්නට සිදුවන්නේද මේ ඇති හිනමාණය නිසාමය.

මෙහිදි සරත් ගුණරත්න මහතාද ඉතා හොඳින් දන්නා එක් කරුණක් වේ.එනම් ගෙවන දශකය තුල මීගමුව සුරා කමින් එය හපකරන්නට කටයුතු කළ දේශපාලන පවුලක් කටයුතු කිරිම ගැනය.
මීගමුව දවල් ලයිට් දැම්මද ඒ පාපයෙන් ගැලවිමට ඒ අයට නොහැකිය යන්න අපටත් වඩාත් හොඳින්ම දන්නේ සරත්ය.
රාජපක්ෂ මුදලිදු මිගමුවේ ජනතාවට දුන් රාජපක්ෂ උද්‍යානයේ ඔප්පුවද විනාශ කරමින් එය කොම්පැමිණියකට බදු දි එහි නම පවා වෙනස් කළ ලංසලා ඒ රාජපක්ෂ පරපුරේ අවසන් පුරුක වු අබේසිංහ මහතාගේ අවසන් කටයුතු කිරිම සදහා පාරවල් සුද්ද කරමින් සුසාන භුමිය පිරිසිදු කරමින් ඒවාද ෆොටෝ ගාසා මුහුණු පොතේ දාන්නට තරම්න නරුමයන් වි ඇත.Dayana abeshinahadayan abe(1922 වර්ෂයේ මීගමු පුරවරයේ ප්‍රථම වරට ආරම්භ කල නගර සභාවේ සභාපති වන A.C රාජපක්ෂ මුඩ්ලියර් තුමාගේ මුනුබුරා සහ 1949 මීගමුව මහ නගර සභාවේ නගරාධිපති A.N.D අබේසිංහ මැතිතුමාගේ පුතනුවන් වූ ශ්‍රීලංකා ස්වේච්ඡා බල සේනාවේ හිටපු බ්‍රිගේඩියර් වරයෙකු වූ (විශ්‍රාමික) ඇලෙක්ස් අබේසිංහ මහතාගේ අවසන් කටයුතු පූර්ණ හමුදා උත්තමාචාර ඇතුව සිදු කිරීමට නියමිත අතර ඒ සදහා අවශ්‍ය සියලු පහසුකම් නගර සභා සේවකයන් යුද්ධය හමුදා සාමජිකයන් හා එක්ව අද “දවසකට එක වැඩක් ” වැඩසටහන යටතේ ඉටු කර දෙනු ලැබින.
දයාන් ලාන්සා – මීගමුව නගරාධිපති.
2018.06.06)

මේ අය හිතන්නේ මිගමුවේ සිටින අතිබහුතරයන් මැට්ටයන් යැයි කියාය.
මීගමුව තුල කොට්ටාශ 29 න් 19 ක් තුල ලංසාලට පැහැදිලි විරෝධක් මතුවි ඔවුන්ට අන්ත පරාජයක් හිමිවන්නේ නිකම්ම නොවේ.

රාජපක්ෂ පාක් යන නම පවා වෙනස්කරමින් ඇමති නිමල් ලංසා කටයුතු කිරිම
රාජපක්ෂ පාක් යන නම පවා වෙනස්කරමින් ඇමති නිමල් ලංසා කටයුතු කිරිම

Rpark
ලංසා මහත්තුරු නම් කළ යුතුව තිබුනේ රාජපක්ෂ පරපුරේ අවසන් පුරුක වු අබේසිංහ මහතාගේ මළගේ දවසේ පාරවල් පිරිසිදු කිරිම නොව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා මුළු මිගමුව පුරාම බැනර් ගැසිමය.

ඒ රාපක්ෂ මුදළිදුගේ හොඳ හිතට එරෙහිව රාජපක්ෂ උද්‍යානයට කරන ලද ජාතික අපරාධය ගැන සමාව ඉල්ලමින්ය.
මේ අනුව ගෙවුන දශකය තුල මීගමුවට  ලංසාලා කරන ලද විනාශය පාරවල් වලට ලයිට් දමා කාණු වල බැස පිරිසිදුකොට ඒවා මුහුණ පොතේ දමා ගෙවා ගන්නට බැරිය.මේ ගැන අපටත් වඩා හොදින්ම දන්නේ සරත්ය.
හැබැයි දැන් සරත් ඒවා ගැන කියන්නට බැරි බවද අප දනිමු.
ඒ නිසා අප මේවා ලියා සිටියේද ඔහුටද ප්‍රසිද්ධියේ කිව නොහැකි තිත්ත ඇත්ත යළිත් මීගමුවේ බුද්ධිමත් ජනාය අතරට ගෙන යාම වෙනුවෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article