spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අප මිළදී ගන්නේ කහ ද , හාල් පිටි ද?

Must read

turmeric-root-and-powderමේ වන විට වෙළඳපොළේ  කහ කෑලි කිලෝවක මිළ රු 2750 ක් වී ඇති බව කුළු බඩු ව්‍යාපාරිකයන් පවසයි.  කොවිඩ් 19 වසංගත තත්ත්වය ආරම්භවීමත්  ප්‍රදාන කහ සැපයුම්කරුවා වන ඉන්දියාවෙන්  කහ ආනයනය කිරීම සීමා කිරීමත් සමග කහ වල මිළ ඉහළ යන ලදී. ඒ වනවිට  මිළ රු 70-80ත් අතර පැවති  කහ ග්‍රෑම් 100 රු 500 දක්වා විකිණෙන්නට විය.   මීගමුවේද බොහෝ ව්‍යාපාරික ස්ථාන වල කහ අළෙවි කරනු ලබයි.  ග්‍රෑම් 100ක් රු 175 – 150 අතර වේ.  මීගමුවේ ප්‍රකට කුළුබඩු ව්‍යාපාරයක් වන මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය කහ අළෙවි කිරිම නවතා ඇත. එයට හේතුව ඔවුන්ට අනුව කහ කිලෝවක් රු 3000කට පමණ ගෙන පාරිභෝගිකයින්ට සාධාරණ මිළකට ලබාදීමට ඇති නොහැකියාව බව ඔවුන් පවසයි. නමුත් වෙළඳපළේ කහ මිළදී ගැනීමට තිබේ.  මොණිකා ආයතනය පවසන්නේ  බොහෝ තැන්වල අළෙවිවන කහ වලට කිසියම් අමුද්‍රව්‍යයක් කලවම් කර ඇති බවයි. එය ඔප්පුකර ගැනීමට අවශ්‍ය නම් ඔබ මිළදී ගත්  ‘කහ’  ස්වල්පයක් ගෙදරදී පිරිසිදු ජලය පිරි භාජනයකට දමා පැය කාලක් පමණ තබන්න. එවිට සායම් වැනි යමක් ජලයේ පාවෙන අතර අඩියේ පිටි වැනි ද්‍රව්‍යයක් ඉතිරිවනු ඇත. ස්වභාවික කහ ජලයේ මිශ්‍රකළ විට අඩියේ වැලි කැට වැනි යමක් ඉතුරු නොවන අතර කහ ව්‍යාජ ද යන්න සොයාගැනිමට ඇති හොදම ක්‍රමය එය වේ. හාල්පිටිි වලට ඩයි දමා අළෛවි කරන බවට ඇති සැකය ඉන් තහවුරුකරගත හැක. අප රු 175ක් දී මිලදී ගන්නා ‘ කහ ‘ ව්‍යාජ කහ බව එවිට ඔබට ඔප්පු වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article