spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කනුවක් මැදිකර ගලන කානුවක දුඟඳ හමන කතාවක්…..

Must read

 

IMG-20201030-WA0017IMG-20201030-WA0020මීගමුව , දළුපත ප්‍රදේශයේ ඇති මෙකී කානුව හැඳින්වෙන්නේ පෙත්තන් ඇල නමින්ය. මෙම ඇලේ එක් ස්ථානයක හරි මැද විදුලිබල මණ්ඩලය විසින් විදුලි පහන් කනුවක් සිටුවා ඇත. මෙම කනුව සිටුවා ඇත්තේ අවට ප්‍රදේශවාසීන්ගේ නිවෙස් සඳහා තාවකාලිකව විදුලිය ලබා ගැනීමටය. පසුව ඔවුන්ට ස්ථිරව විදුලිය ලබාගත් පසුව මෙම විදුලි කනුව ඉවත් කළ යුතුව තිබින. අදාල බලධාරීන්ට මේ ගැන දැනුම් දුන්නද කිසිදු පියවරක් ගත්තේ නැත. පසුව ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත විදුලි බල මණ්ඩලය මෙම කනුව ඉවත් කරන ලදී. නමුත් ඔවුන් කළේ එය උදුරා දමනවා වෙනුවට කොටසක් ඉතිරි වනසේ කපා දැමීමයි. දැන් කනුවේ මුල් කොටස ඇල මැද ජලය ගලායාමට බාධකයක් ලෙස පවතී.

අඩි 4ක් පමණ කුඩා කානුවක් වූ ඇලේ මෙම ස්ථානයෙන් ජලය ගලායන්නේ ඉතා කුඩා ප්‍රමාණයකි. කලක විවිධ මතස්‍ය වර්ගයන්ට සුදුසු පරිසර හිතකාමී තැනක් වූ මෙහි අද මදුරුවන්ගේ නිජබිමකි. මේ අනුව වැසි නොමැති අවස්ථාවක මෙහි කෝටි සංඛ්‍යාත මදුරු කීටයින් දඟලන ආකාරය දැකගත හැක. මීගමුවේ ඩෙංගු වසංගතය ප්‍රබලව පැවති කාලයන්හි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ අවධානයටද ලක්වූ ස්ථානයකි.

කෙසේ නමුත් මැතිවරණ අවස්ථාවන්හිදී දේශපාලකයින්ගේ මැතිවරණ ප්‍රකාශන වල මෙකී ඇල සම්බන්ධ වැඩපිළිවෙලවල් සටහන්වී ඇත. දළුපත ප්‍රදේශයේ එ. ජා. ප.යට ( සමඟි ජන බලවේග⁣ය)අදාල මන්ත්‍රීවරු , පොහොට්ටුවේ දේශපාලන නායකයින් මෙම ඇල සම්බන්ධව විවිධ පොරොන්දු විවිධ අවස්ථාවල දී ඇත. නමුත් කළු පැහැයෙන් යුතු අපද්‍රව්‍ය මුසු කරගත් ජලය දුඟඳ හමමින් තවමත් ගලායයි. අවට ප්‍රදේශවාසීන් සමඟ සියළු වගකිවයුත්තෝ නිහඬය. අප අද මුහුණ දෙන කොරෝනා වසංගතය මෙන්ම පසුගිය කාලය තුළ ඩෙංගු උවදුරට ප්‍රධාන හේතුවක් වූයේ අයහපත් මිනිස් ක්‍රියාකාරකම්ය. විශේෂයෙන්
මෙකී ස්ථාන මත සිදුවන්නාවූ , දූෂණය වූ පරිසරය නිසාය.

සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article