spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

Must read

අබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරී සංවිධාන සාමාජිකයන් රැසක් අද (07) දින ජාතික ජනබල‌‌වේගයේ නියෝජිතයන් හමුවී ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශ‍නය තුළ ඇති ආබාධිත පුද්ලයන්ගේ අයිතිවාසිකම් පිලිබඳ ‌යෝජනා පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබේ. අනෙකුත් ප්‍රතිපත්ති ප්‍රකාශන සමග සසඳන විට සවිස්තරාත්මක සහ වැදගත් කරුණු ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අඩංගුව ඇති බවත් ඔවුන්ගේ පාර්ශවයෙන් අදහස් පළවී ඇත.

එසේම ‌ජාතික ජනබලවේගය මෙම ප්‍රතිපත්ති මැතිවරණ ‌පොරොන්දුවට සීමා ‌‌නොකරන සැබෑ ‌ලෙසම එම ප්‍රතිපත්ති පිළිගන්නා ව්‍යාපාරයක් බවත් ජාතික ජනබලවේගය පාර්ශවය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාර්ලිමේන්තු මන්ත්‍රී, සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරනය කර තිබේ.

එමෙන්ම ඉදිරියේදී ‌මෙම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අඛණ්ඩ මැදිහත් වීම් සිදුකරන බවට එහිදී අබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරී සංවිධාන සාමාජිකයන්ට සහතික වී ඇත.

මේ අවස්ථාව සඳහා ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා, නිහාල නිහාල් අබේසිංහ මහතා සහ මහින්ද රත්නායක මහතා සහභාගී වී සිටියහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article