spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ පොහොට්ටු නගරාධිපති ඒකාධිපතියෙක්!ජවිපෙන් චෝදනා!

Must read

gamini jvpnewමිගමුවේ පොහොට්ටු නගරාධිපති දයාන් ලංසා පැහැදිලි ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් බවත් වැඩකරන්නේ ඒකාධිපතියෙකු ලෙසින් බවත් මිගමුව මහනගර සභාවේ ජවිපෙ කණ්ඩායම් නායක ගාමිණි ප්‍රනාන්දු මිපුර වෙබ් අඩවියට පවසා සිටියේය.වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජවිපෙ විසින් හතර වතාවක් ඉදිරිපත් කරන ලද යෝජනා ඉදිරිපත් කර ඇතත් ඒවා කිසිවිටකවත් න්‍යාය පත්‍රයට ඇතුලත් කර නැති බවය.මේ පිළිබදව ලේකම්වරියගෙන් විමසා සිටි අවස්ථාවේදි ඇය කියා ඇත්තේ න්‍යාය පත්‍රයට ඇතුලත් කරන්නේ නගරාධිපතිවරයා කියන යෝජනා පමණක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය..එපමණක් නොව මහජන බදුමුදල් වලින් ලබාදෙන පාසැල් අභ්‍යාස පොත් දරුවන්ට ලබාදිම සම්බන්ධයෙන්ද ජවිපෙට හැමවිටම කැපිල්ලක් ඇති බවද ඔහු කියා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article