spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අමතක කරදමාඇති කුඩාපාඩුව කුණු කානුව ඉදිරිපිට ඇති පුස්තකාලය….

Must read

kudapaduwa kanu 3 

පුස්තකාලයක් යනු දැනුම අවබෝධය වර්ධනය සදහා වන මධ්‍යස්ථානයකි. මෙවැනි සථානයක් මිනිස් සිත් සතන් සනහාලන තැනක් බවට පත්විය යුතුය. අප මේ කතාකරන්නේ එසේ වියයුතු නමුත් එසේ නොවන තැනක් පිළිබදවයි. ඒ කුඩාපාඩුව පුස්තකාලයයි. මෙහි අද දිස්වන්නේ ගොඩනැගිල්ලක් සහ නමක් පමණි. මීට පෙර මෙහි යම් ආකාරයක පොදු කටයුතු සිදුවු නමුත් මේ වන විට නිසි සැලකිල්ලක් මෙම ගොඩ නැගිල්ල කෙරෙහි දක්වා නැතිබවත්, පෝය දිනවලදී ත්‍රිවිල් රියදුරන්ගේ රැස්වීමක් පමණක් පවත්වන බවත් ප්‍රකාශවේ.

එසේම පුස්තකාලය ඉදිරිපිට ඇති කුනු කසල වලින් පිරි කානුවකි. කුඩාපාඩුව ප්‍රදේශයේ සමහර තැන්වලදී මෙම කානුව කැඩීබිදී ලෑලි වලින් වසාදමා ඇත. ප්‍රදේශයේ පැතිර පවතින ඩෙංගු උවදුර කෙරෙහි සෘජු බලපෑමක් මෙම කානුව විසින් ඇති කරන බව පෙනෙන නමුත් ප්‍රදේශ වාසීන් නිහඩව සිටින්නේ ඇයිද? යන්න ගැටළුවක් බව සමහරු පවසති. මන්ද මෙම කානු ප්‍රශ්ණය කලක සිට පැවත එන්නක් වන හෙයිනි. මේ අනුව මෙම ප්‍රදේශයේ ප්‍රශ්ණ ආකාර දෙකකින් මතුවී පෙනේ.

එකක් පුස්තකාලය හරහා මතුවී ජනතාවට බලපාන අධ්‍යාපන ප්‍රශ්ණය. අනික කානුව හරහා මතුවී ජනතාවට බලපාන සෞඛ්‍ය ප්‍රශ්ණය. මේ අනුව මීගමුවේ සංවර්ධන සැලසුම් වලදී කුඩාපාඩුව ප්‍රදේශයේ පවතින මෙම ප්‍රශ්ණ කෙරෙහි ද අවධානයට ලක්කරමින් එම සැළසුම් සැකසිය යුතුබව අපගේ අදහසයි.DSC_0057kudapaduwa kanu 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article