spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අම්ෆන් හෙට බටහිර බෙංගාල වෙරළට ! පළාත් කිපයකට අදත් තද වැසි

Must read

wenn rain issue 1මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ප්‍රතිචණ්ඩ සුළි කුණාටුව වන ‘අම්ෆන්‘ ඊයේ(18) සවස වන විට ත්‍රීකුණාමලය සිට කි‍.මී.900 පමණ ඊ‍ශාන දෙසින් වු නැගෙනහිරට ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරන අතර හෙට(20) වන විට බටහිර බෙංගාල වෙරළට ගමන් කරනු ඇතැයි විශ්වාස කරයි.
මේ හේතුවෙන් දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවු වැසි ඇති වෙයි.
දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-60 ත් අතර වෙයි.
දිවයින පුරා අහස වළාකුළින් බරව පවතී. දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
නුවරඑළිය, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල , ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී.100 ඉක්මවු වැසි ඇති‍‍ වන බව සදහන් ය.
උතුරු හා උතුරු මැද පළාත්වලත් වැසි වාර කීපයක් ඇති වෙයි.
මුලාශ්‍රය – දිණමිණ
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article