spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“රාජ්‍ය ආයතන ඔස්සේ දේශපාලනය කිරීමට මා අපේක්ෂා කරන්නේ නෑ” .-ජනපති SLBC ලොක්කන්ට කියයි !

Must read

GR 1SLBC 6

වත්මන් පාලනය යටතේ ගුවන් විදුලි සංස්ථාව පසුගිය කාලය තුල දැවැන්ත අර්බුදයකට මුහුණ දි තිබේ. බරපතල දේශපාලණිකරණයට ලක්ව ඇති එය සිය පැරණි සේවකයන්ට පවා සලකා ඇත්තේ අශෝභන ලෙසිනි.
වසර 25 කට වඩා වැඩි කාලයක් සේවය කළ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධාන නිළධාරින්ගේ සේවයද අනවශ්‍ය බව කියමින් වත්මන් ගුවන් විදුලි පාලකයන්ගේ සුරතලුන්ට පමණක් එහි වැඩ පවරා තිබුණි.එපමණක් නොව ගුවන් විදුලි ඉතිහාසයේ පළමු වතාවට පැරණි සේවකයන්ට පවා ලබා දි තිබුනේ සිය වැටුපෙන් භාගයකි.
මේ අතර ඊයේ දිනයේ ගුවන් විදුලියේ ප්‍රධානින්න කැදවා තිබුණ ජනාධිපතිවරයා ඔවුන් වෙත පළකරන්නට යෙදුන අදහස් සිය මුහුණු පොතේ පළකර තිබේ.

රාජ්‍ය ආයතන ඔස්සේ දේශපාලනය කිරීමට මා අපේක්ෂා කරන්නේ නැත. කළයුත්තේ ආදායම් ජනනය කිරීම මඟින් ආයතන දියුණු කිරීමයි. ඒ සඳහා කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කර වියදම් සහ නාස්තිය පාලනය කළයුතුයි. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ දහදිය හෙළමින් වෙහෙසී වැඩ කරන ජනතාව උපයන ආදායමින් බැවින් මෙම ආයතන ජනතාවට බරක් නොවිය යුතුයි. ඊයේ  (18) ජනාධිපති කාර්යාලයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී මම ඉහත කරුණු ඔවුන්ට අවධාරණය කර ප්‍රකාශ කළෙමි.SLBC 1SLBC 2
සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර මහජන සුබසාධන සේවා බැවින් ආදායම් උත්පාදනයක් ඒවායින් අපේක්ෂා නොකරන නමුත් සෙසු ආයතන තමන්ගේ නඩත්තුව සහ සේවක අභිවෘද්ධිය සඳහා අවශ්‍ය ආදායම් තමන්ම උත්පාදනය කළයුතු බව මාගේ දැක්මයි. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා ලෝකයේ සෙසු රටවල සේම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයෙහි බලවත් පරිහානියක් ඇතිව තිබේ. ලක්ෂ සංඛ්‍යාත රැකියා අහිමි වී ඇත. ආයතන ප්‍රධානීන් රට ගැන සිතා වැඩ කළයුතුයි. එසේ නොකළහොත් ආයතන කඩාවැටීමට පවා පිළිවන. මේ අර්බුදය ජය ගැනීමට පමණක් නොව අනාගත ආර්ථික සංවර්ධනය සඳහා ද රාජ්‍ය ආයතන සැලසුම්සහගතව ශක්තිමත් කළයුතුයැයි මම අවධාරණය කළෙමි.
ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් ක්‍රියාකාරිත්වය සමාලෝචනය කරනු පිණිස සාකච්ඡාව කැඳවා තිබිණ. සිය ශ්‍රාවක ප්‍රජාව කවුරුන්දැයි නිවැරදිව හඳුනාගෙන ඔවුන්ගේ රුචිකත්වයට ගැලපෙන අයුරින් ජනප්‍රිය වැඩසටහන් සම්පාදනය කරන ලෙසත්, නිසි සැලැස්මක් ඇතිව ආදායම් උපයා ගැනීමට කැපවීමෙන් ක්‍රියාකරන ලෙසත්
මම සංස්ථා ප්‍රධානීන්ට උපදෙස් දුන්නෙමි. ආයතනය පත්ව ඇති තත්ත්වය ගැන සේවකයන් නිරතුරුව දැනුවත් කර තමන් ගැනම නොසිතා ආයතනයේ දියුණුව සඳහා වෙහෙසී වැඩ කිරීමට ඔවුන් පෙළඹවීමට කටයුතු කළ යුතුය.
සංස්ථා සේවකයන්ගේ උපරිම කාර්යක්ෂමතාව සහතික කරන අතර විධිමත් සැලැස්මක් යටතේ ආදායම් වර්ධනයට ගතයුතු පියවර ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පැහැදිළි කළේය.
ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ, අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.
මේ අතර ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය සිය පුවතක් මගින් හෙළිදරව් කර තිබුනේ ….

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article