spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අලව්ව නගරය වසා දමයි!ගම්පහ කඩසාප්පු සේවකයන්ටත් PCR පරික්ෂණ ….

Must read

ගම්පහ නගරයේ වෙළඳසැල් ආශ්‍රිතව කෝවිඩ්  19 ආසාදිතයන් 58 දෙනකු හමුවීමත් සමඟම ඊයේ (11) උදෑසන සිට ගම්පහ නගරයේ සියලුම කඩ සාප්පුවල සේවයේ නියුතු සියලුම සේවකයන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.

නගරයේ බොහොමයක් වෙළෙඳසල් මේ වනවනවිටත් වසා දමා ඇති අතර පී.සී.ආර් පරීක්ෂණ 1000 පමණ ඊයේ දවස ඇතුළත සිදු කිරීමට බලාපොරොත්තු වු බවත් එහි ප්‍රතිඑල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ගම්පහ මහ නගර සභාව පවසා තිබුණි

මේ අතර අලව්ව නගරයේ සති පොළේ වෙළෙදුන්ගේ හා කොරෝනා වෙෙරසය ආසාදිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයන්ගේ පසුගිය (09දා) සිදු කළ PCR පරීක්ෂණ වල වාර්තාව ඊයේ (11දා) ලැබී ඇති අතර අතර පුද්ගලයින් 27 දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදිත වී ඇති බවට තහවුර වී තිබේ.

ඒ අනුව අලව්ව නගරයේ පවතින  කොරෝනා වෙෙරසයේ අයහපත් බලපෑම හේතුවෙන් අලව්ව නගරය වසා දැමීමට කටයුතු කරන ලෙස අලව්ව වෙළෙඳ සංගමය කළ ඉල්ලීමකට අනුව අලව්ව නගරය  දින  තුනක් වසා දැමීමට තීරණය කළ බව අලව්ව මහජන සෞඛ්‍ය පරීක්ෂක පරීපාලන වෙෙද්‍ය නිළධාරී ක්‍රියාකර තිබේ

 මේ අනුව 12,13,14, යන දින තුනම අලව්ව නගරය වසා දමන බවත් එම දින තුන තුළ අලව්ව සති පොළේ වෙළෙදුන්, අලව්ව නගරයේ වෙළදසැල් හිමියන් හා කොරෝනා වෙෙරසය ආසාදිත පවුල් වල ආශ්‍රිතයනි PCR පරීක්ෂණය සදහා යොමුකිරිමට නියමිතව තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article