spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අලුත් චක්‍ර ලේඛනයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙයි !

Must read

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අලුත් චක්‍ර ලේඛනය නිසා වෛද්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමේ අවධානමක් මතුව ඇත.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පවසන්නේ, රජය නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව වසය අවුරුදු  60 පිරුණු රාජ්‍ය සේවකයන් විශ්‍රාම යා යුතු බැවින්, දැනට රජයේ රෝහල්වල සේවය කරන වයස අවුරුදු 60 ඉක්ම වන විශේෂඥ වෛද්‍යවරුන් 300ක් සහ වෛද්‍යවරුන් 3110 විශ්‍රාම යාමට නියමිත බවයි.එකවර විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් රජයට අහිමිවීම නිසා ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වඩාත් දුෂ්කර තාවයට පත්වන බව ද ඔහු පවසයි.

මෙම තීරණය රසායනික පොහොර ආයනයන එකවරම නතර කිරීමට ගත්තා වැනි අමනෝඥ තීරණයක් බව පවසන විශේෂඥ වෛද්‍ය ලක්කුමාර්, මේ හේතුවෙන් පිටපළාත්වල රෝහල්වලට විශේෂඥ වෛද්‍ය සේවයක් නැත්තටම නැතිවිමේ අවදානමක් පවතින බව කියා සිටියි.

”2025 වන තුරු පිළිකාරෝගීන පොරොන්තු ලේඛනවල ඉන්නවා. ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍යවරුන් 80ක් සිටිය යුතුයි. නමුත් දැන් සිටින්නේ 60ක් පමණයි. එස සංඛ්‍යාව ද 2023 ජනවාරි වන විට 40 දක්වා අඩු විය හැතියි.

නව චක්‍රලේඛයට අනුව 2022 දෙසැම්බර් මස වෛද්‍යවරුන් 3110ක් විශ්‍රාම යාමට නියමිතයි.
theleader.lk

Press statement 1

Press statement 2

Press statement 3

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article