spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අලුත් පරපුරකට රට භාරදීම එජාපයේ අරමුණයි ! මිගමුවේ එජාපයත් අළුත් වෙන ලකුණු ?

Must read

 අලුත් පරපුරකට පක්ෂය සහ රට භාරදීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවැසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (24 වැනිදා) තරුණ ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව කීවේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසුවේය.

‘‘මහ මැතිවරණයේදී නවක අපේක්ෂකයන් බහුතරයක් ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයයි. ජනතාව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම දියවන්නාවට දැමිය යුතු බවයි.

එම නිසා තරුණයන්ට අලුත් මුහුණු අවශ්‍ය වුණා. පැරණි දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපය විවේචනයට ලක් වුණා. දේශපාලනයෙන් ඉවත් වන තරුණයන් යළි දේශපාලනයට ගෙන ඒම අපේ පක්ෂයේ අරමුණයි.

එක්සත් ජාතික පක්ෂයත් විටින් විට අලුත් වෙනවා. අලුත් මත ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳව දැකගන්න සජීව විකාශයක් ආරම්භ කළා. තරුණයන් ඔවුන්ගේ හැසිරීම හොඳින් නිරීක්ෂණය කළා.

දෝෂාරෝපණයට ලක් කළා. එම නිසා තමයි ජනාධිපතිවරණයේදී කිසිදු දේශපාලනයක් නොකළ පුද්ගලයකු ජනාධිපති ධුරයට පත් කළේ. අපේ පක්ෂය විනාශ කිරීමට කටයුතු කළ අයට විරුද්ධව විනය පියවර ගත්තා.

මෙවර විවිධ වෘත්තිකයන් අපි මැතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රතිපත්තිය ඉදිරිපත් කර විකල්පය ගෙන ආ යුතුයි.

පොහොට්ටුව ගැන කතා කරලා වැඩක් නැහැ. විකල්ප දෙස බැලිය යුතුයි. ඉන් පසු මනාප ලබාදෙන්න. අලුත් මුහුණු අවශ්‍ය නම් තරුණ නායකයන්ට ඡන්දය ලබාදෙන්න. අලුත් පරපුරට රට භාර දිය යුතුයි. වගකීම් භාර ගන්න, අලුත් වෙන්න පුළුවන් එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි.’’
මේ අතර මිගමුවේ එජාපයද මේ අනුව යමින් අලුත් මගකට පිවිසිමට පටන් ගැනිමට නියමිත බව සැලය.
විශේෂයෙන්ම එජාප මහලේකම් විසින් දැනටමත් දැනුම් දි ඇති පරිදි වෙනත් පක්ෂයකට සහය දෙන එජාප පළාත් පාලන නියෝජිතයන්ගේ තනතුරු අහෝසි වනු ඇත.
ඒ අනුව එසේ ඉවත්කෙරෙන් මන්ත්‍රින් වෙනුවට ඒ ලයිස්තුවල සිටින ඉහල මනාප සහිත අයවලුන් පත්විමට නියමිත බව දේශපාලන නිරික්ෂකයන්ගේ අදහසයි.
දැනට ලංසා පවුල හා සමිප සම්බන්ධතා පවත්වාගෙන යන එජාප නාගරික මන්ත්‍රින් වෙනුවට අලුත් මන්ත්‍රින් පිරිසක් බිහිවනු ඇත. එය මීගමුව දේශපාලනයද අලුත් කරනු ලබන හැරවුම් ලක්ෂය වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article