spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අවස්ථාවාදීන් ජාතිවාදීන් හා අවස්ථාවාදී ප‍්‍රාථමික පටුදේශපාලනය ගැන ප්‍රදිප් කියයි.

Must read

2012 සැප්: 23 මීපුර වෙබ් අඩවියෙහි මාගේ නමද සඳහන් වු හනුමා කව්ද??? හා බැදෙන සිද්ධිය කෙරෙහි හා එම විමර්ණ්‍යට පාදක වූ කරුණු සම්බන්ධව නිවැරදි තොරතුරු සමාජගත කිරීමට ඔබ පුවත් පත හා වෙබ් අඩවිය කටයුතු කරණු ඇතැයි මා විශ්වාස කරමි. එ් හෙයින් මෙම ආන්දෝලනාත්මක කරුණ හා එම කරුණු මත  නිර්මාණය වූ පසුබිම හුදු පටු දේශපාලන වාසි ලබා ගැනීමට දරණ උත්සාහයන් පිළිබදව නිතැතින් මේ දිනවල අසන්නට ලැබේ. අතීතයේ අමිහිරි අත්දැකීම් වර්ථමානයේදී මෙන්ම අනාගතයේදී නැවත නැවතත් සිදු නොවීමට වගබලා ගැනීම අප සැමගේ සමාජීය වගකීමකි.

1983 ජූලි කලබලය ඇති වූ වකවානුව තුළද ජාතිවාදය දඩමීමා කරගනිමින් මීගමුව නගරයේ ජීවත් වූ ද්‍රවිඩ ව්‍යාපාරික ප‍්‍රජාවගේ දේපල කොල්ලකෑමට හා  එයට නායකත්වය දෙමින් කටයුතු කලේ කව්රුන්ද යන්න මීගමු වැසියනට අමතකව නැතැයි මා සිතමි. එලෙස ජාතිවාදය බඩගෝස්තර වාදය කරගත් හා අන්වස්තු සුරාකන යටගියාවකට මීගමුව පුද්ගල සම්බන්ධතා පිළිබඳව විවරනයක් කිරීමට මෙය අවස්ථාවක් කර නොගනිමි. කාලානුරූපව පුද්ගලවාදය අභිබවාගිය ජන සම්මතවාදයක් තුළින් වඩාත් ජනහිතකාමී යහසමාජයක් ගොඩනැගීමට පෙළගැසීම වඩාත්ම වැදගත්ය.

2012 සැප්: 16 වෙනි ඉරු දින මීගමුව කතෝලික දේවස්ථානවල අතිගරු ආචාර්ය පැටි‍්‍රක් පෙරේරා නාහිමිතුමාගේ නමින් ”එදා අපගේ ක‍්‍රිස්තු ප‍්‍රතිමාව තෙල්වත්ත හන්දිය ආසන්නයේ තබන්නට පවරා ගත් ඉඩම් දෙන්න බැරි යැයි කී නගර සභාව අද එකී පවරාගත් ඉඩමේ අති විශාල බෞද්ධ ප‍්‍රතිමාවක් ඉඳිකිරීමට අවසර දුන්නේ කෙසේද” යන තේමාව ඔස්සේ බෙදා හරින ලද පත‍්‍රිකාව ද ඔබ ප‍්‍රවෘත්තියට පාදක වූ බව මා හට එ්ත්තු ගැන්වේ. මෙම කරුණ හා බැදෙන යටගියාව ආවර්ජනය කිරීම වැදගත් යැයි හැෙඟ්.

මීගමුව නගරසභා භූමියේ 2005 වසරේ පමණ ස්ථාපිත ක‍්‍රිස්තුස් වහන්සේගේ ප‍්‍රතිමාව එම භූමියේ ස්ථාපිත කිරීමට අවසර ලබා දෙනු වස් යෝජනාව මහා සභාවට ගරු ජූඞ් ලැන්ටි‍්‍ර ප‍්‍රනාන්දු මන්ත‍්‍රීතුමා විසින් සභාගත කරනු ලදුව එ්ක ඡුන්දයෙන් සභා සම්මත වූ බවට වර්ෂ 2002-2006 කාල පරිච්ෙඡ්දයේ මංත‍්‍රිතුමන්ලා සාක්ෂි දරුනු ඇත. එම අවස්ථාවේදී සමස්ථ නාගරික මංත‍්‍රී මණ්ඩලය හා එවකට නගරාධිපති ධුර දැරූ ගරු නිවටන් හෙන්රි මැතිතුමා ඇතුළු තවත් පිරිසක් ඉතා නිහඬව එම කටයුත්ත සඵල කර ගැනිමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරිමට තම දායකත්වය ලබා දුන් බව නොරහසකි. පසුව උසාවි නියෝගයද පදනම් කර ගනිමින් මෙම ක‍්‍රිස්තු ප‍්‍රතිමාව නගර සභා භූමියට රැුගෙන එන විට හා එසේ ස්ථාපනය කරන කාර්යයට මීගමුවේ බෞද්ධ ජනතාව බාධා කරන්නට හා එම ප‍්‍රතිමාව කඩා බිද දමන්නට යනවාය යන බොරු මතයක් මිගමුව කතෝලික ජනතාව අතර පතුරවමින් එතුවක් මෙම කාර්යයට කිසිදු කාර්ය භාරයක් ඉටු නොකල ගිහියන් කීපදෙනෙකු අවස්ථාවාදී රංගනයක යෙදෙමින් ආගම්, බේදය පතුරවිම්න් ‘වැඩර්ලා’ වන්නට ගත් ප‍්‍රයත්නයද ජනතාවට අමතක නැතැයි සිතමි.

2012 සැප්: 16 කතෝලික දේවස්ථානවල බෙදා හරින ලද අතිගරු ආචාර්ය පැටි‍්‍රක් පෙරේරා නාහිමි තුමාගේ නමින් නිකුත් ලිපියට යම් කණ්ඩායමක් ව්‍යාජ තොරතුරු කීපයක් ඉදිරිපත් කරමින් ගරු මන්ත‍්‍රීතුමන්ලා හා නගර සභා නිලධාරින් මෙම කාර්යයේදී කටයුතු කර ඇති ආකාරය පිළිබඳව විවේචනාත්මකව කරුණු ගෙන හැරපාමින් කීපදෙනෙකු පමණක් සුදනන් කරවීම අරඹයා නාහිමිපාණන්ද නොමග යැවීමට ගත් උත්සාහය පිළිබඳව කරුණු විග‍්‍රහ කිරීම වැදගත්ය.

මීගමුව අභයසේඛරාරාම විහාරාධිපති මීගමුවේ සුමේධ තිස්ස ස්වාමින් වහන්සේ විසින් වර්ග අඩි 218 ක භූමි ප‍්‍රමාණයක් බුද්ධ ප‍්‍රතිමාව හා බුදු කුටිය සංවර්ධනය සඳහා ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීමේ ලිපිය 2012 ජුනි 07 වැනි දින පැවති සභා රැුස්වීමේදී කියවා සභා ගත කර ඇත.

ඊට අදාලව ගරු නගරාධිපතිතුමා විසින් කර ඇති ප‍්‍රකාශය ලෙස ”සියළු ආගම් නියෝජනය කරණ නගරාධිපතිවරයෙකු වශයෙන් තමන්ට මේ සඳහා විරුද්ධ විය නොහැකි බවත් එම ලිපිය මගින් ඉල්ලා සිටින්නේ දැනට බුද්ධ ප‍්‍රතිමාව පවතින ප‍්‍රදේශය තුළ වර්ග අඩි 142 ද ඇතුලත්ව මෙම වර්ග අඩි 218 ක භූඹි ප‍්‍රමාණයක් බැවින් මේ සඳහා සියළු දෙනාගේ එකඟතාවය ලබා දෙන ලෙසට ගරු නගරාධිපතිතුමා විසින් දැන්වීය” යන්න එම සභා වාර්තාවේ සඳහන්ය.

ඉහත ඉල්ලීමට යම් මන්ත‍්‍රීවරයෙකු විරුද්ධ වූ බව දේවස්ථානවල බෙදා හරිනු ලැබු ලිපියේ සඳහන් වුවද ජූනි මස සභා වාර්ථාවට අනුව එවැනි විරුද්ධ වීමක් එම අවස්ථාවේ සිදුවී නොමැති අතර ”එ් සඳහා අවසර ලබා දීමට සභාව තීරණය කරන ලදී.” යන්න සභා තීරණයයි. නගර සභා නිලධාරින් හටද එම දේවස්ථානවල බෙදා හරිනු ලැබූ ලිපියේ දෝශාරෝපනය කර ඇති අතර ඍජුව නාගරික මංත‍්‍රී මණ්ඩලය විසින් කිසිදු නිලධාරි නිර්දේශයකින් තොරව අනුමත කළ කටයුත්තකට නගර සභාවේ නිලධාරින් වග කිවයුත්තේ මන්ද?  දේවස්ථානවල බෙදා හැරුණු ලිපියට අනුව ජූලි මස පැවති මහා සභාවේදී මංතී‍්‍රවරයෙකු යම් ප‍්‍රකාශයක් කර ඇති නමුත් සත්‍ය වශයෙන්ම එය විරුද්ධවීමක්ද යන්න සවිස්තරව අධ්‍යයනය කල යුතු  කරුණකි.

මහ නගර සභා ආඥා පනත හා බැඳුනු සභා සම්මත අතුරු ව්‍යවස්ථාවට අනුව න්‍යායපත‍්‍රානුකූලව ලිපි සභාගත කරණ අවස්ථාවේදී එම ලිපි කියවා අවශ්‍යය පරිදි අදාල කාරක සභාවෙත යොමුකොට කටයුතු කරණවා විනා එ් මත පිහිටා තීරණ ගැනීමට බලයක් නගරාධිපති වරයාට හෝ නාගරික මංත‍්‍රිවරුන්ගෙන් සැදුම්ලත් සභාවට නොමැත. එසේනම් ජූනි මස පැවති සභා රැුස්වීමේදී ගත් ඉහත කරුණු හා අදාලව තීරණය නීති විරෝධි වන අතර එමගින් මහ නගර සභා ආඥාපනත අමු අමුවේ උල්ලංගනය කර ඇත. එසේනම් ඉහත ක‍්‍රියාවලියට විරුද්ධයැයි පවසන යම් අයෙක් වෙතොත්  විරෝධය ප‍්‍රකාශ කිරිමට ඔහු විසින් අනුගමනය කළ හැකි ප‍්‍රවේශයන් කීපයක් ඇත. එ් පිළිබඳව විග‍්‍රහ කිරීම ඉතා වැදගත් වේ.

1.            සභාව නියෝජනය කරණ මංත‍්‍රී වරයෙකු වශයෙන් ඉහත අනුමැතිය සදහා අනුගමනය කර ඇති ක‍්‍රමවේදය නීති විරෝධී බව සභාවේ ප‍්‍රකාශ කොට එය වාර්තා කරන ලෙස ඉල්ලා සිටීම.

2.            සභාවේදී අනුගමනය කර ඇති ක‍්‍රියා පටිපාටිය නීති විරෝධී වන බැවින් පලාත් පාලන විෂය භාර අමාත්‍යවරයාට මෙම නීති විරෝධී ක‍්‍රියා පටිපාටිය පිළිබඳව වහාම පැමිණිලි කිරීම කල යුතුය.

3.            බස්නාහිර පලාත් පාලන කොමසාරිස් වරයාට මෙම නීති විරෝධී ක‍්‍රියා පටිපාටිය සම්බන්ධව වහාම පැමිණිලි කිරීම කල යුතුය.

4.            අනුගමනය කර ඇති ක‍්‍රියා පටිපාටිය තුළ මහනගර සභා ආඥාපනත උල්ලංඝනය කර ඇති හෙයින් වහාම අධිකරණයේ සහාය පැතීම කළ හැක.

6.            ජුලි මස සභා වාරයට ‘කල් දී ඇති යෝජනාවක්’ අදාල විෂය සම්බන්ධව ඉදිරිපත් කරමින් තම මතය ප‍්‍රසිද්ධියේ සභා වාරයේදී ප‍්‍රකාශ කිරිමට අවස්ථාවක් ලබා ගැනීම. සභාවේ සභිකයන් අතර බෙදීමක් වෙතොත් ඡුන්දයකින් තම යෝජනාව ජයග‍්‍රහණය කරා මෙහෙයවීම කල හැක.

කරුණු මෙසේ හෙයින් නගර සභා භූමියේ බුද්ධ ප‍්‍රතිමාවක් ස්ථාපනය කිරීමට විරුද්ධ යැයි ගරු පියතුමන්ලා ඉදිරියේ රඟ දක්වන අයවලූන් ඉහත කරුණු 5 ට අනුකූලව කිසිදු ක‍්‍රියා මාර්ගයකට එලබ ඇති බවක් නොපෙනේ. එසේනම් මෙවැනි ද්වීත්ව චරිත රඟපාන නළුවන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප‍්‍රවේශම් වීමට අතිගරු සංඝරත්නයද, අති ගරු පියතුමන්ලාද, සමස්ථ මීගමු ජනතාවද කටයුතු අවබෝධ කරගනු ඇතැයි මා විශ්වාස කරමි.

අවස්ථාවාදය, ජාතිවාදයද පරදවා ආගමික හා ජාතින අතර සමගිය හා සහජීවනය වර්ධනය වන අකාරයට කටයුතු කිරීමට බුද්ධිමත්ව ආගමික මෙන්ම දේශපාලන නායකයින් ද සමස්ථ මිගමු වැසියන්ද ඉදිරියේදී කටයුතු කරණු ඇතැයි බලාපොරොත්තු වෙමු.

 

මීගමුව ගිනි තැබීමට වෙර දරන හනුමා කව්ද යන්න ඔබ පුවත්පත ඉදිරියේදී එලිකරන තුරු අප බලා සිටින්නෙමු.

 

 

ප‍්‍රදීප් පීරිස්

හිටපු නාගරික මන්ත‍්‍රී

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article