spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අවුරුදු 12 දි කොණ්ඩේ කපන වැඩේට බැස්ස ශිරාන්ගේ කථාව..

Must read

siranකොහොමද මේ රස්සාවට බැස්සේ  ?

මම මේක පටන් ගත්තේ අවුරැදු 12 දි වගේ  බාප්පා ලගට තමයි ගියේ අම්මා තමයි බාප්පාට කියල තිබුණේ මට මේක උගන්නන්න කියල වැඩේ අල්ල ගන්නත් අවුරුද්දක් විතර ගියා.ඊට පස්සේ ඉතින් දිගටම වැඩ.

එතකොට ඔබ පාසල් ගියේ නැද්ද

ගෙදර කරදරත් තිබුණා ඒ කාලේ අම්මා විතරයි හිටියේ.අක්කත් ඉගෙන ගත්ත නිසා  කරදර වැඩි වුණා ඉතින් මම නතර වුණා. එහෙම නතර වුණ ගමන්ම තමයි මම බාප්පත් එක්ක රස්සාවට ගියේ.

රැකියාව ඉගෙන ගත්තේ කොහොමද?

මේක සාමාන්‍යයෙන් මාස 6කින් වගේ අල්ල ගන්න පුළුවන් ඒත් මට වැඩි උනන්දුවක් තිබුනේ නැති නිසා අවුරුද්දක් විතර යනකොට තමයි වැඩ අල්ලගන්න පුළුවන් වුනේ. ඊට පස්සේ මට තේරුණා මේක කරගෙන ගියොත් හොදයි කියලා ඉතින් මේක දිගටම කරගෙන යනවා මුලින්ම බලාගෙන ඉන්න දුන්නා අළුත් කෙනෙක් නිසා මුලින්ම කපන්න දෙන්නත් බෑනේ.හැබැයි සමහරු එනවා පුරුදු වෙන්නනේ කපන්නේ කමක් නෑ කියලා කපන්න දෙන ඉතින් එහෙම අයගේ කපලා තමයි පුරුදු වුණේ. අපේ බාප්පාගේ යාළුවේක් හිටියා සීදුවෙ වැඩ කරන එයා වැඩ ඇරිලා එමින් ගමන් අපේ තැනටත් එනවා. එයා තමයි කීවේ මගේ කොහොම කැපුවත් කමක් නෑ ඔයා පුරැදු වෙනවනම් කියලා ඉතින් එයා ආපුවහම එයාගේ රැවුලයි කොණ්්ඩෙයි කපලා තමයි පුරුදු වුණේ. ඒකෙන් තමයි බය නැතිෙවලා අත හුරු වුණේ. මට මේක හොදටම පුරැදු වෙනකම්ම එයා ආවා.

තනියම වැඩ කරන්න පටන්ගත්තේ කොයි කාලෙද ?

මම බාප්පත් එක්ක අවුරුදු 10යි මාස 7ක් වැඩකරා.තනියම වැඩ කරන්න පටන් ගත්තේ 2000 වසරේදී. පස්සේ මම කාගෙන්වත් විස්තර අහනනෙත් නැතුව ලියනගේමුල්ලේ කඩයක් දැම්මා.ඒත් සතියක් විතර ගියා එක වැඩක්වත් ආවේ නැහැ.පස්සේ අහලපහල අයගෙන් මම ඇහුවාම එයාල කිව්වා කඩේ අයිතිකාර කට්ටිය ගමත් එක්ක එච්චර හොද නැහැ.ඉතින් ඔතන මොනා කරත් ගමේ මිනිස්සු එන්නේ නැහැ කියලා.ඊට පස්සේ මමත් ටික දවසක් බැලුවා හරි යන්නැති නිසා ඒක නවත්තලා කටුනායක කඩයක් දම්මා ඒකනම් ගොඩ කාලයක් කරා වැඩත් හොදටම තිබුණා. පස්සේ හිතුණා ගමෙිම එකක් පටන් ගත්තොත් හොදයි කියලා මෙහෙ ඒ වෙනකොට සැලුන් තිබුණෙත් නැහැ ඒකයි කුරණ එකක් පටන් ගත්තේ.

මේ රස්සාව ගැන ඔයාට මොනවද හිතෙන්නේ

රස්සාව ඇත්තටම ගොඩක් හොදයි.මේකට ගහන්න රස්සාවක් නැහැ කියලත් හිතෙනවා.ඇත්තටම අපි රට ගියොත් හොදට සල්ලි හම්බ කරන්න පුළුවන්.වියදමත් අඩු හොද රස්සාවක්.

බාප්පගෙන් ඇරෙන්න ඔයා වෙන කොහෙන්වත් මේක ඉගෙන ගත්තේ නැද්ද ?

නැහැ ඒකාලේ බාප්පා මාව එක එක පාඨමාලා වලට දාන්න හැදුවත් ඒ කාලේ මට ඒගැන එතරම් උනන්දුවක් තිබුණේ නැහැ.ඒවා කරානම් අද මීට වඩා හොද තැනක ඉන්න තිබුණා.

දැන් කාලේ නවීකරණය වෙලා තියෙන සැලූන් ඔයාලගේ වෘතියට බලපාන්නේ නැද්ද ?

මෙහෙම දෙයක් තියෙනවා දැන් කාලේ තියෙන්නේ ඔක්කොම පාඨමාලානේ ඉතින් එයාලට අපි වගේ කතුරෙන් කපන්න බැහැ.එයාලා මැෂින් එකෙන් තමයි හැමදේම කරන්නේ.ඒක ඉතින් එතරම් සාර්ථක නැහැ.හැබැයි එයාලා අපිට වඩා වැඩි දේවල් කරන්න ඉගෙන ගන්නවා. ෆේෂල් කරන්න වගේ දේවල්.ඇහිබැමි ඉවත් කරනවා වගේ දේවල් ඉතින් ඒවා අපි කරන්නේ නැතිනිසා එයාලා අපිට වඩා යමක් හොයනවා.

ඔයාලා මේ දන්න දේත් එක්ක තව ටිකක් ඒවා දියුණු කරගත්තොත් හොදයි කියලා හිතෙන්නැද්ද?

ඔව් එහෙම කරොත් ඔළුව උස්සගන්න පුළුවන් තත්වයකට එන්න පුළුවන් කියලා හිතනවා.දැන් මට එහා පැත්තේ කඩේ ඉන්න කෙනා රාගමින් මාස5ක පාඨමාලාවක් කරපු කෙනෙක්.නමුත් එයා ලගට මසාජ් කරගන්න ගිය කට්ටිය කියනවා වැඩක් නැහැ කියලා. නමුත් මගේ ලගට එන අය මාව අගය කරනවා

මසාජ් කරන එක ඔයා ඉගෙන ගත්තේ කොහෙන්ද ?

බාප්පාගෙනුත් ටිකක් ඉගෙන ගත්තා ඊට අමතරව මම වෙන සැලූන් එකකට ගියහමත් එයාලා මොකක්ද කරන්නේ කියලා බලන් ඉදලා ඒකත් ඉගෙන ගෙන ඒක දියුණු කරගත්තා.

ඔබ මේක දියුණු කරන්න හිතන් ඉන්නේ කොහොමද ?

මීට වඩා ලොකු කඩයක් අරගෙන ඒක පේන්ට් කරලා ගැහැණු අය සම්බන්ද වැඩ දැන් අපි කරන්නැහැ නේ ඒකට වෙනම ගැහැණු කෙනෙක්වත් දාල ඒ වැඩ පටන් ගන්න අදහසකුත් තියෙනවා.

සැලූන් කරන අය ගොඩක් ඉන්නේ වයික්කාලේ කියලද කියන්නේ?

වයික්කාලෙත් හිටියා ඒත් දැන් වැඩි කටානේ අපි කතාවට කියන්නේ එහෙ පදුරකට ගැහුවත් සැලුන් කරන අය ඕන තරම් හොයාගන්න පුළුවන් කියලා.

ඔබලා එකතු වෙලා සමිතියක් පටන් ගත්තා නේද ?

කුරණ කටුනායක බෝලවලාන කට්ටිය එකතු වෙලා සමිතියක් පටන් ගත්තා එකේ ඉන්න සාමාජිකයින්ගේ මලගෙයක් වුනොත් කට්ටියම උදව් කරන්න කඩේට කරදරයක් වුනොත් උදව් කරන්න ඒ වගේම හැමෝම එකම ගාණකට කොණ්ඩේ කපන්න ඒ කීවේ රැ.100 නම් හැම තැනම 100ක් ගන්න විදියට එකග වෙලා තිබුණා. නමුත් බෝලවලානේ සැලූන් කරපු කීප දෙනෙක් ඒ එකගතා වලට විරුද්ධව වැඩ කරලා තිබුණා. අඩුගාණට කොණ්ඩේ කපලා වගේ ඒවා. පස්සේ බෝලවලානේ සැලූන් කරන අනිත් කට්ටය මේකට විරෝධය පල කරා. ඉතින් ඊට පස්සේ සමිතිය කරගෙන යන්න පුළුවන්ු වුණේ නැහැ.

එහෙම සමිතියක් තිබුණොත් ඔබලාට තියෙන වාසි මොනවද ?

දැන් මම 100ට කපලා මගේ ඉස්සරහ ඉන්න කෙනා 50ට කැපුවොත් එතන ප්‍රශ්ණයක් තියෙනවානේ ඉතින් ඒවගේ දේවල් තියෙනවා.ඒවගේම සාමාජිකයන්ට උදව් කරන ඒවත් කරනවානේ.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article