spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අහස පොළොව නුහුලන ,අහස උසට යන එලවළු මිල…

Must read

සාමාන්‍යයෙන් මීගමුව, කාමච්චෝඩය ඉරිදා සතිපොලට යන පාරිභෝගික ජනතාව සතියටම අවශ්‍ය එලවළු රැගෙන ගොස් තම එලවළුවල අවශ්‍යතාවය පිරිමසා ගනිති. කොරෝනා වසංගත තත්වයත් සමග එම සුපුරුදු ක්‍රියාව අතරමග නතර කිරීමට ඔවුන්ට සිදුවිය. 

එසේම නගරය පුරා එළවළු වෙළෙන්දන් බිහිවූ අතර සතිපොලට නොගොස් එවැනි ස්ථාන වලින් මිල ගැන නොතකා එලවළු මිලදී ගැනීමට පාරිභෝගිකයාට බලකෙරී තිබිණ. තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින විට නැවත පොළ වෙත ගිය නමුත් පොදුවේ සමස්ත රටේ පවතින තත්ත්වයට මුහුණ දීමට සිදුවිය . මේ අනුව පැවතුනේ මිල ඉතා ඉහළ මට්ටමකට වර්ධනයවූ තත්ත්වයකි .

පසුගිය ඉරිදා ( 28 ) අප මීගමුව, කාමච්චෝඩය ඉරිදා සති පොළෙන් මිලදී ගත් එලවළු මිල (05 ) මේ ඉරිදා වෙනසක් වී ඇතැයි බලාපොරොත්තුව ඇතිව පොළට ගියද එහි වෙනසක් දක්නට නොතිබිණ.
පොළ වෙත පැමිණෙන පාරිභෝගික ජනතාවගේ වෙනදා පැවති හැසිරීම මේ වනවිට දක්නට නැත. එසේම වෙළෙන්දා තුළින් මතුවී තිබුණේද කලකිරීමට පත්වූ ස්වභාවයකි.
: වෙ⁣ළෙන්දන් කිහිප දෙනෙකු හමුවී කතා කිරීමට අප උත්සාහ කළේ මිල පිළිබඳව පමණි . ලැබුණේ සරල උත්තරයකි. එනම් මිලෙහි වෙනසක් නැත යන්නයි . මෙවර අපට මිල ගැන අදහස් දැක්වූයේ කාන්තාවකි. මේ අනුව මිල සඳහන් වූයේ මෙසේය .
*බෝංචි – 400/
*කැරට් – 350/
*බන්ඩක්ක – 280/

  • වැටකොළු- 280/
  • අළුකෙහෙල් – 150/
  • ලීක්ස්- 300/
  • පතෝල – 300/
    *දඹල – 270/ ආදී වශයෙනි .

    සැම්සන් ඥානසිරි
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article