spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආත්මාර්ථකාමි මිනිසුන් නිසා කිසිදා අවසන් නොවන දළුපත පෙත්තන් ඇලේ ඛේදවාචකය ….

Must read

පෙත්තන් ඇල1

දළුපත , පෙත්තන් ඇල  ගැන උනන්දුවෙන් කතාබහ කළ කාලයක් විය. ඒ මෙම ප්‍රදේශයේ ඩෙංගු වසංගතය තදින් පැතිර ගිය කාලයයි. මන්ද මෙම ඇලේ  සමහර ස්ථාන මදුරුවන්ගේ නිජභූමි ලෙස පවතින බව මීගමු නගරසභාව පවා හොඳින් දන්නා කරුණක් වන බැවිනි.

වැසි සහිත දිනවලදී මෙම ඇල අවට ජනතාව නිතර හැසිරෙන්නේ ඉමහත් බියකිනි. ඒ තමන්ගේ නිවෙස් ගංවතුරට යටවීමෙන් සිදුවන හානි දායක තත්වය නිසාය. තැනින් තැන කැලි කසලය. ඇලේ සමහර ස්ථාන හරස් කොට තාප්ප ගසා ඇත. එක් ස්ථානයක එක් ඉවුරක නිවෙසක් තනා ඇති අතර අනෙක් ඉවුරේ කොන්ක්‍රීට් දමා නිවසට අදාල ගේට්ටුව තබා තමන්ගේ පුද්ගලික ස්ථානයක් ලෙස භාවිතා කරනු දැකිය හැක. මෙසේ අවට මිනිසුන් අනිසි ලෙස තම අවැසිතා ඉටුකර ගැනීමට යාමද තෙප්පන් ඇල මෙසේ ජරාජීර්න වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.පෙත්තන් ඇල 2

නමුත් ඇල මෙවන් තත්වයකට නිර්මාණය වීමෙහිලා වැඩි වගකීමක් මීගමු නගර සභාව ඇතුළු රාජ්‍ය අායතනයන්ටත්, එම නිලධාරීන්ටත් , දේශපාලනඥයින්ටත් පැවරෙන බව පැහැදිළිය. මේ අය මුදල සහ බලය ප්‍රධාන කොට ගෙන කටයුතු කරති. අනවසර ගොඩනැගිලි තැනෙන්නේ එබැවිනි. ඇල හරස් කොට තාප්ප බැඳෙන්නේත් , කොන්ක්‍රීට් ලෑලි වලින් ඇල ආවරණය කෙරෙන්නේත් එබැවිනි. අහිංසකයෙකුගේ සුළු ක්‍රියාවන්ට පවා නීතිය ක්‍රියාත්මක වන නමුත් ඉහත සඳහන් සියළු දෑ සිදුවී ඇත. සිදුවෙමින් පවතී. ඒනිසාම ජනතාව පීඩාවට පත්කරන මෙකී තත්වය දළුපත පෙත්තන් ඇල සම්බන්ධව ගැලවී ගත නොහැකි යථාර්තයක් බවට පත්වීඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article