spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘ඇත්තටම ජේසු මැරුණද ?’

Must read

Macon JESUS මනුෂ්‍ය පුත්‍රයා ..
“ඇත්තටම ජේසු මැරුණද ?..
එසේ නැත්නමි ජේසුව මරා දැමුවාද ?  ” යන පැනය ප්‍රස්තුත කොටගෙන ආරම්භ වන” ජීසස්, මනුෂ්‍ය පුත්‍රයා ” පාස්කු දුක් ප්‍රාප්ති වේදිකා නාට්‍යය ඊයේ (25/03 2024) මීගමුව, නගර ශාලාවේදී වේදිකාගත විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය,සිනමා සහ රූපවාහිනි අධ්‍යයන අංශය,එලෙසම බටහිර සම්භාව්‍ය සංස්කෘතික අධ්‍යයන අංශය සහ ක්‍රිස්තියානි අධ්‍යයන අංශය සමග එකාබද්ධව මෙම වේදිකා නාට්‍යය නිර්මාණය කර තිබිණි.
බයිබල් විශාරදයන්ට අනුව ක්‍රිස්තු වර්ෂ 70 දී පමණ ලියවී ඇතැයි මත පල කරන ශුද්ධවර මාක් තුමාගේ සුවිශේෂයේ සඳහන් ජේසුතුමන් හා සම්බන්ධ, සත්‍ය ලෙසම සිදුවු යැයි විශ්වාසිත ප්‍රමුඛ සිද්ධීන් කිහිපයක් මුල්කර ගනිමින් සාම්ප්‍රදායික පාස්කු නාට්‍යයකට එහා ගිය වින්දනීය සහ ඥාණමය අත්දැකීමක් ලෙසින් රසවිඳීමට මෙම නාට්‍යය නිර්මාණය වී තිබේ.
මෙම නාට්‍යයේ පිටපත රචනා කොට ඇත්තේ,කැලණි විශ්ව විද්‍යාලීය ක්‍රිස්තියානි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත රෝහාන් මහතා විසිනි. මෙම නාට්‍යය අධ්‍යක්ෂනය කර ඇත්තේ කැළණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය,සිනමා සහ රූපවාහිනී අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතා විසින් වන අතර එම අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් මේ සඳහා රංගනයෙන් දායක වී තිබුණි.

බොහෝ දෙනකු සිතන පරිදි ජේසුස් වහන්සේ ජීවමාන දේවපුත්‍රයා වුවත් උන්වහන්සේ තුළින් විද්‍යාමාන වන්නේ සැබෑ මනුෂ්‍ය පුත්‍රයාගේ උතුම් වූ යහපත් මනුෂ්‍ය ගති ස්වභාවයයි. මෙම නාට්‍ය පුරාවටම ජේසුස් වහන්සේගේ චරිතය තුළ ඒ උතුම් වූ යහපත් මනුෂ්‍ය ගති ස්වභාවයේ ගුණ සමුදාය මැනවින් නිරූපණය වේ.
අප නිතර නරඹන සාම්ප්‍රදායික දුක්ඛප්‍රාප්ති පාස්කු නාට්‍යය සම්ප්‍රදායට එහා යමින් වින්දනීය පර්යේෂණාත්මක රංගකාරයයක් ලෙසින් ද මෙම වේදිකා නාට්‍ය හඳුන්වා දිය හැක.

මෙම වේදිකා නාට්‍යයේ සවස 6.30 දර්ශනය සඳහා මීගමු පුරවරයේ නාට්‍ය ලැදී බොහෝ දෙනෙකු එක්වී සිටින දක්නට ලැබුනු අතර මීගමු පුරවරයේ සහ ඊට තදාසන්නව වෙසෙන කතෝලික පියතුමන්ලා විශාල පිරිසක් ද නාට්‍ය නැරඹීමට පැමිණ සිටිනු දක්නට ලැබිණි. ඒ අතර අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන්ද, ජාතික ජනබල වේගයේ ප්‍රචාරක ලේකම් සහ දේශපාලන සභික ටිල්වින් සිල්වා මහතා ද මීගමු ප්‍රදේශයෙන් බිහි වූ නාට්‍යවේදී නෙවිල් ද සිල්වා මහතා ඇතුළු කලාකරුවන් රැසක්ම ආරාධිත අමුත්තන් ලෙස මෙම වේදිකා නාට්‍ය නැරඹීමට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

නාට්‍ය අධ්‍යක්ෂක- ජේෂ්ඨ කථිකාචාර්යය -ප්‍රියංකර රත්නායක මහතා
නාට්‍යවේදී නෙවිල් ද සිල්වා මහතා
ටිල්වින් සිල්වා මහතා

මෙම පාස්කු වේදිකා නාට්‍යය මීගමුව, නගර ශාලාවේ දී වේදිකාගත කරන්නට සංවිධානය කර තිබුණේ ජයන්ත මෝදරගේ මහතා , සමන් තුෂාර මහතා, අජිත් හැඩ්ලි මහතා සහ ජූඩ් ප්‍රේමන් මහතා ඇතුළු පිරිසකි.

තුෂාර රොහාන්

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article