spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාස්කු ඉරිදාට පල්ලිවලට දැඩි ආරක්ෂාවක්

Must read

මෙවර චතාරික සමය අවසානය , මහ සිකුාදා මේ මස 29 වනදාට යෙදි ඇති අතර පාස්කු ඉරිදා දිනය 31 වනදාට යෙදි තිබේ. මෙම දින දෙකෙහිම ලංකාවේ සියලූම දේවස්ථාන තුළ ආරක්ෂාව දැඩි කිරිමට  සියළුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා උපදෙස් දී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් සියලුම කිතුණු දේවස්ථානවලට පැමිණෙන බැතිමතුන් සහ ඔවුන්ගේ ගමන් මලු  පරීක්ෂා කිරිමේ විශේෂ වැඩපිළිවලක් දේවස්ථානවල පියතුමන්ලා සමග සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

 

දිවයිනේ සියළුම මූලස්ථාන පොලිස් පරීක්ෂවරුන් සහ ස්ථානාධිපතිවරුන් හෙට (26) සහ අනිද්දා (27) තම පොලිස් වසමට අයත් සියලු කතෝලික, ක්‍රිස්තියානි හා වෙනත් දේවස්ථාන වෙත පෞද්ගලිකව ගොස් ඒවායේ පියතුමන්ලා සහ එම දේවස්ථානවල පරිපාලන සාමාජිකයින් හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස්කර ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාල දේවස්ථානවල පියතුමන්ලා හා සංවිධායකවරුන් සමග ඒකාබද්ධව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියළුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත. මේ අනුව මිගමුවේද  සියලු දේවස්ථාන  වලටද මෙම දිනයන්හි විශේෂ ආක්ෂාවක් සැපයිමට  පොලීසිය හා හමුදාව  සූදානම් කර ඇති බව වාර්තා වේ.

 

 

 


 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article