spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘ඇදිවතවත් නැතිවයි අපිට බෝට්ටුවට නගින්න වුනේ

Must read

දෙසැම්බර් මස 29 දින මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය ” චතුරානි 01′ නැමති බහුදින ධීවර යාත්‍රාව පසුගිය පෙබරවාරි මස 13 වන දා ගැඹරු මුහුදේදී  අකුණු සැර වැදීමෙන් ගිනිගෙන තිබේ. මීගමුව සිට කිලෝමීටර 330 බටහිර ජාත්‍යන්තර මුහුදු සීමාවේදි මෙම අනපේක්ෂිත සිදුවීමට මොවුන් මුහුණ පෑ අතර එම  මොහොතේදි ධීවරයින් 7 දෙනෙකු යාත්‍රාවේ සිට ඇත.
මොවුන් කල්පිටිය කටුනේරියා හා කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.  මෙම යාත්‍රාවට අසලින් ගමන්ගත් චතුරානි 03 ධීවර යාත්‍රාව මෙය දැක ඇති අතර ඔවුන් හට  මුහුදුබත් ධීවර යාත්‍රාවේ ධීවරයින් බේරාගැනීමට හැකි වී ඇත. තම ඇදිවත් පමණක් ඉතිරිව ඔවුන් සතුව තිබූ සියලු  දෙයම මෙම යාත්‍රාව සමග මුහුදුබත් වූ බව ධීවරයන් පවසති. එම යාත්‍රාවේ ගමන් ගත් ධීවරයන්ගේ ජාතික හැදුනුම්පත් හා රියදුරු ගමන් බලපත්‍ර හා ධීවර අ‍යදුම්පත් ඇතුලු වටිනා ලියකියවිලි රැසක් මුහුදුබත් වී තිබේ

IMG_6086

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article