spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇඳිරි නීතිය කාලය තුල ධීවරයන්ට මුහුදු යන්න පුලුවන්ද ?බැරිද ?මාළු ප්‍රවාහනයට නම් අවසර තියෙනවලු ?

Must read

fisheryධීවර කටයුතු හා ආහාර සඳහා මතස්‍ය ප්‍රවාහනය වෙනුවෙන් ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළදිත් අවසර ලබා දීමට රජය තීරණය කර අද ඇතැම් මාධ්‍ය වාර්ථා කර තිබුණි.ඒ අද (24) පැවති පක්ෂ නායක රැස්වීමේදී  ගනු ලැබු තීරණයකට අනුවය.

රට තුළ පවතින තත්ත්වය හමුවේ ජනතාවට හිඟයකින් තොරව ආහාර සපයා දීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවද එහිදි වැඩිදුරටත් සාකච්ජා කර තිබුණි.
එහෙත් ගැටළුව වන්නේ එසේ මසුන් ප්‍රවාහනය කිරිමට නම් පළමුව ධීවරයන් මුහුදට කලපුවට යා යුතුය. මේ සම්බන්ධ දිස්ත්‍රික් ධිවර බලධාරින් අද සවස අප විමසා සිටියදි පවා ඔවුන්ට ඒ ගැන කිසිදු දැනුම් දිමක් කර නැති බව දැනගන්නට ලැබුණි.
මේ  අනුව ධිවරයන් දැන් සිටින්නේ දැඩි අවිනිශ්චිතතාවයකය.
මේ  ආණ්ඩුව තුල මේ දක්වා පවතින ප්‍රබලම දුර්වලතාවය වන්නේද මෙයයි.කෙලින් තින්දු නොගැනිමත් ගනු ලබන කුමන හෝ තින්දුවක් අදාල පිරිස් වෙත වඩාත් නිවරදිව සන්නිවේදනය නොකිරිමත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article