සුදර්ශණිබන්ධනාගාර රැඳවියන්ට සිය නිවෙස් වෙත නොමිලයේ දුරකථන ඇමතුම් ලබාගැනීමට හෙට(16) සිට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යංශය පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ
කෝවිඩ්-19 තත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් හමුවීමට අමුත්තන්ට අවස්ථාව අහිමිවීම, මෙම සහනය ලබාදීමට හේතුව බවත්, ඒ අනුව මාසයක කාලයක් පුරා නොමිලයේ අවශ්‍ය පහසුකම් සපයන ලෙස ටෙලිකොම් සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බවත්, රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා ඇතැයි වැඩිදුරටත් එහි සඳහන්යරැඳවියන්ගේ ආහාරපාන සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස බන්ධනාගාර පාලනාධිකාරිය වෙතට උපදෙස් දී ඇතැයිද ඇය සඳහන් කර තිබුණි.
සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිධුරය භාරගැනිමෙන් සිරකරුවන්ගේ සුභ සාධනය සම්බන්ධයෙන් මෙතෙක් සිටි කිසිදු ඇමතිවරයෙකුට වඩා වැඩි මැදිහත්විමක් සිදුකරමින් සුබ සාධනයට අදාලව පුලුල් පරාසයක කටයුතු කරගෙන යමින් සිටිනු පෙනේ.
සිරකරුවෝද මනුස්සෝ යැයි බිත්තියකට සිමාවු තිබුන වැකියකට හැකි අයුරින් සාධාරණය ඉටු කිරිම සඳහා ඇය මේ වන විටත් කටයුතු අරඹා තිබේමේ පිළිබදව ඇයගේ ෆේස් බුක් පිටුවේ වැඩිදුරටත් මෙසේ ද සදහන්ව තිබේ

ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 තත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැදවියන් හමුවීමට ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට අවස්ථාව අහිමිවී ඇත. එවැනි තත්වයක් යටතේ රැදවියන්ට තම ඥාතීන් සමග සබදතා පවත්වාගැනීමට නොහැකිවී ඇති බැවින් බන්ධනාගාරවල සවිකර ඇති පොදු දුරකතන මාර්ගයෙන් රැදවියන්ට සිය නිවෙස්වෙත කතාකිරීමේ අවස්ථාව සලසන ලෙස බන්ධනාගාර ප්රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්ය අමාත්ය විශේෂඥ වෛද්ය සුදර්ශිනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. එම දුරකතන ඇමතුම් මාසයක කාලයක් පුරා නොමිළේ ලබාදීමට අවශ්ය පහසුකම් සලසන ලෙස අමාත්යවරිය විසින් ශ්රී ලංකා ටෙලිකොම් සමාගමෙන්ද ඉල්ලීමක් කර ඇත.ඒ අනුව හෙට (16) දින සිට රැදවියන්ට සිය නිවෙස්වෙත නොමිළේ ඇමතුම් ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

 

භාහිර පාර්ශවයන්ට බන්ධනාගාර පද්ධතිය වසා ඇති තත්වයකදී සිය ඥාතීන් සමග සබදතා පවත්වා ගැනීමට නොහැකි වීමෙන් රැදවියන්ගේ මානසික මට්ටම පහත වැටීමට එය හේතුවක් වීමට ඉඩ ඇති බැවින් රැදවියන්ට සිය නිවෙස් සමග දුරකතන මගින් හෝ සබදතා පවත්වා ගැනීමට අවස්ථාව සැලසීම මගින් රැදවියන් තුල ඇතිවන ආතතිය යම්තරමකට හෝ අවමකර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

 

එමෙන්ම රැදවියන්ගේ කෑම බීම සහ අනෙකුත් අවශ්යතා සම්බන්ධයෙන්ද සැලකිලිමත් වන ලෙස බන්ධනාගාර පාලනාධිකාරිය වෙත ඇමතිවරිය විසින් උපදෙස් ලබාදී ඇත. කොරෝනා තත්වය හේතුවෙන් රැදවියන්ගේ ඥාතීන්ට ඔවුන් හමුවීමට ඔවුන්ගේ අවශ්යතා බැලීමට අවකාශ නොමැති බැවින් ඔවුන් පිළීබදව විශේෂ අවධානයක් යොමුකරන ලෙස මෙහිදී උපදෙස් ලබාදී ඇත.