spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“ඉතාලිය අපි ඔබට ආදරෙයි”

Must read

FB_IMG_1584387672295ඊයේ ඉතාලි රාඡ්‍යය තම කඩාවැටුණු ඡනතාවගේ චිත්ත ධෛර්යය ඉහළට ඔසවා තැබීය

මෙි වනවිට මුලු ඉතාලියම ඡිවත්වන්‍‍නේ භිතියෙන් හා තැතිගැන්මකිනි. කිසියමිම ඉතාලියානුවකුගේ සුන්දර ඡීවිතය හෙට වන විට අඩමාන සහගතය. අවිනිශ්චිතය. මුලු යුරෝපා මහද්වීපයේම වැඩිම කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඇගේ නම ඉදිරියෙනි.එය අදවන විට 1809 කි. මාරාන්තික වෛරසය ආසාදිතයන් 29 දහසකට ලගාවී ඇත . පෙරේදා එය තවත් තීව්ර කරමින් එක් රැයක් තුල මරණ 368 ක් වාර්තා විය.

එබැවින් ඊයේ ඉතාලි රඡය සිය කඩාවැටුණු ඡනතාවගේ සිත් සතන් ධෛර්මත් කරනු පිනිස ගුවන් සංදර්ශනයක් පැවත්වීය.රෝමය, මිලාන් සහ නේපල්ස් හි ඉතාලියානුවන් දහස් ගණනකට නැරඹිය හැකි ලෙස ඔවුහු එය සංවිධානය කළහ. එය පැවතියේ ඊයේ දහවල් 12 ටය. ගුවන් යානා සිය ඡාතික කොඩිය ගුවනේ වර්ණවත් ධුමාරයන්ගෙන් සිතුවමි කළ අතර සියලු ප්‍රධාන නගරවල Fratelli d’Italia නැමති.ගීතය ගුවනට මුදා හලේය. එහි එක් ගී පදයක මෙසේ කියයි
‘‘ එන්න’ආදරයෙන් හා බලාපොරොත්තුවෙන් වෙවුලන තාරකාවන් නරඹන්න’

FB_IMG_1584387679893‘‘
මිලාන් රෝමය හා නේපල්ස් ඡනතාව සිය තටිටු නිවාසවල ඡනේල විවෘත කර ‘‘ සියල්ල යහපත්වනු ඇත’ ( Andra tutto benne’ ) අපි දිනන්නෙමු
‘( Vinceremo ) යනුවෙන් ප්‍රීතිඝෝෂා කළ බව කියවෙි. පසුව ඔවුහු සිය බැල්කනි මතට විත් ලෝහමය පිගන් වලට හැදි වලින් තටිටු කරමින් හා අත්පොලසන් දෙමින් ‘‘ එන්න ආදරයෙන් හා බලාපොරොත්තුවෙන් වෙවුලන තාරකාවන් නරඹන්න’ ‘‘ ගීතය ගැයූ බව ඡනමාධ්‍ය ඡායාරූප සහිතව වාර්තා කර තිබිණි. ඒ මොහොතේම ඇමෙරිකා එක්සත් ඡනපදයේ නායක ඩොනල්ටි ට්‍රමිප් සිය ටිවිටර් ගිනුම හරහා මෙසේ සටහන් තැබීය
‘‘ ඉතාලිය අපි ඔබට ආදරෙයි ! ‘‘
================================

උපාලි ජයසිංහ
https://www.dailymail.co.uk/news/article-8114549/Italian-airforce-plays-Pavarotti-singing-Nessun-Dorma-incredible-air-display.html

FB_IMG_1584387695874

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article