spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලිය, ඉරානය හා ද.කොරියාවේ සිට පැමිණෙන සියලු දෙනා දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට තීරණයක්

Must read

Anil_Jasingha_L

දකුණු කොරියාව,ඉරානය හා ඉතාලිය යන රටවල් වල සිට මෙරටට පැමිණෙන සියලුම ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශිකයන්ද දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට රජය තීරණය කල බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

පෙබරවාරි 25 – 29 දක්වා දින 5ක කාලය තුල දකුණු කොරියාවෙන් 419 ක් හා ඉතාලියෙන් 726 ක් ලංකාවට පැමිණ ඇතැයි ද පැවසු වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නිරෝධායන කටයුතුවලට ලක් කරන බව පැවසු විට ලංකාවට පැමිණෙන සංඛ්‍යාව අඩු වෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් පැවසීය.

කෙසේ වෙතත් මෙම කර්තව්‍ය ඉතාමත් අපහසු කාර්යයක් වන බවත් , ඒ සදහා යම් කාලයක් අවශ්‍ය බවත්,ඒ සදහා ගැලපෙන නිෂ්චිත ස්ථාන හදුනා ගැනීමට අවශ්‍ය බවත් පවසන ජාසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ විදේශිකයන් විශාල වශයෙන් මෙරටට පැමිණෙන්නේ නම් ඔවුන්ට විවිධ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන බවයි. ඒ හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා තානාපති කාර්යාල හා රටවල් දැනුවත් කර ඔවුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජාසිංහ මහතා පවසයි.

එමෙන්ම මේ වන විට මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම  ද තහනම් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article