spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලි බඩු පෙට්ටි ප්‍රශ්ණය ගැන දංකොටුවේ ඉසුරු මිපුරට කතා කරයි !

Must read

දංකොටුවේ ඉසුරු
දංකොටුවේ ඉසුරු

(1.45 pm ) ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකියන් විසින් මෙරට එවන බඩු පෙට්ටි  සිය නිවෙස්වලට බෙදා හැරිම පමා විම සහ එකි බඩු පෙට්ටිවල ඇති විවිධ දේවල නැතිවිම පිළිබදව චෝදනා රැසක් මේ දිනවල  අදාල ඒජන්තවරුන්ට එරෙහිව එල්ලවෙමින් තිබේ.
බ්‍රෙෂියා සිට මෙසේ ලංකාවට බඩු පෙට්ටි දමන එක් අයෙකු වන්නේ මිලාන්ය. ඒවා ලංකාවේදි අදාල අය වෙත බෙදාහැරිම සිදුකරන්නේ දංකොටුවේ ගෝනවල පදිංචි ඉසුරු නැමති ඔහුගේ සොහොයුරා විසිනි.
බ්‍රෙෂියා සිට අදාල බඩු ටැංකියට දැමුවේ ජුලි 09 වෙනිදා යැයි මිලාන් කියයි. එහෙත් අදටත් ඒ බඩු ලංකාවේ නිවැසින් අතට පත්ව නැත.
මේ ගැන විමසිමට ඉසුරු නැමැත්තාට කථා කළද ඔහු පසුගිය කාලය තුල දුරකථනයට පිළිතුරු දි නොතිබුණ බව අදාල බඩු පෙට්ටි බලාපොරොත්තුවෙන් සිටි අය මිපුරට පවසා සිටියේය.
මිලාන් ද එසේම බව ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ වෙසෙන ශ්‍රිලාංකිකයෝ කියා සිටිති
එහෙත් අප විසින් ඊයේ කරන්නට යෙදුන හෙළිදරව් කිරිම හේතුවෙන් දැන් මේ දෙදෙනාම දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන තිබේ.
එපමණක් නොව ඉසුරු අද මිපුර ටද කතා කළේය.
පමාවක් ඇතැයි පිළිගත් ඉසුරු බඩු නැතිවෙන එකනම් පිළිගන්නට බැරි කථාවක් යැයි කියා සිටියේය.
කෙසේ වෙතත් අප ඔහුට අවධාරණය කර සිටියේ ඔබත් ඔබගේ සොහොයුරා වන මිලාන් යන අයත් බඩු නැතිවිමට අදාලව නිසි පියවරයන් ගැනිමට  වගකිමෙන් බැදි සිටින බවය.
කෙසේ වෙතත් රේගුවටද එල්ලවෙමින් ඇති මේ චෝදනාව ගැන  රේගුව භාර ඇමතිවරයා ලෙසින් මංගල සමරවිර ඇමතිවරයා හෝ මැදිහත්වි වහා නිසි පිළියමක් යෙදිය යුතුව තිබේ.
මහත්සේ වෙහෙසි මුදල් උපයන ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකියන් තමන්ගේ අදරැතියන් හට එවනු ලබන මේ බඩු අතරමගදි නැතිවිම පසුගිය කාලය තුල නිරන්තරයෙන් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
එක්කෝ මෙය රේගුවේ අය විසින් සොරා ගන්නවා විය යුතුය. එසේ නැති නම් එම සොරකම් කිරිම් වලට මේ බඩු ලංකාවේ අය සදහා බෙදාහරින අය වගකිය යුතුවේ.
කෙසේ වෙතත් මේ ප්‍රශ්ණය ගැන දැන් පළල් සංවාදයක් මතුව තිබේ. රජය මේ අවස්ථාවේදි මේ  ප්‍රශ්ණයට මැදිහත්වි යළිත් මේ භාණ්ඩ නැතිවිම සම්බන්ධයෙන් නිසි පියවරක් ගත යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article