spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉදිරි දින 15 දක්වා ලාංකිකයන්ට ඉතාලියට ඇතුළුවිම තහනම් !

Must read

දකුණු ආසියාවේ පැතිර යන නව කොරොනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් අද (29දා) නව ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇතැයි චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට වාර්ථා කර තිබේ

මෙයට පෙර ඉන්දියානු හා බංග්ලදේශ ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් කර තිබේන බව මේ පුවත පළකර ඇති අද වෙබ් අඩවිය සදහන් කර තිබේ

මෙම නීතිය ඉතාලි ජාතික පුරවැසියන්ට බල නොපාන බවත් ඔවුන්ට ඉතාලියට ඇතුල්වීමට හැකියාව තිබෙන බවත් අමාත්‍යාංශය පවසයි.

ඉදිරි දින 15 ක් දක්වා මෙම නීතිය ක්‍රියාත්මක අතර ඉන් අනතුරුව තත්ත්වය සළකා බලමින් ඉදිරි තීරණ ගැනීමට නියමිතය.
මේ අතර ඉතාලියේ මිලානෝ නුවර කේන්ද්‍ර කොට ගනිමින් ජනප්‍රිය ෆේස් බුක් පිටුවක් පවත්වාගෙන යන එමිළ් රෝහාන් විසින් පළ කර තිබුන පුවතට අදහස් එක් අය විසින් තවත් කරුණක් මේ ගැන මතු කර තිබේ.
එනම් ඇතැම් ඉන්දියානුවන් ලංකාවට පැමිණ එහි සිට ඉතාලිය බලා යාමට කටයුතු කරමින් තිබිම මේ තත්වයට ආසන්න ලෙසින් බලපා ඇති බවය


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article