spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉදිරි වැසි සමයටත් මීගමුව යට වෙයි ද ?

Must read

මේ දළුපත පෙත්තන් ඇලයි.

පසුගිය කාලයේ ඉතා සුළු වැස්සක දී පවා මීගමු නගරයේ සහ නගරයට ආශ්‍රිත මහා මාර්ග පවා ජලයෙන් යටවන තත්ත්වයක් දැක ගන්නට ලැබුණා. එහිදී බොහෝ දෙනෙකු පැවසුවේ ජලය ගලාගෙන යෑමට සකස් කර ඇති කානු පද්ධතිය සමහර ස්ථාන වලදී අවහිර වී නිසි ලෙස ජලය ගලාගෙන යාමට නොහැකි තත්ත්වයක් තුළ මෙලෙස මහා මාර්ග පවා ජලයෙන් යට වී ඇති බවයි. එලෙසම එවැනි වැසි කාලයන් වලදී කාණු වල ඇති ජලය නිසි ලෙස ගලා නොබැසීම හේතුවෙන් ඩෙංගු වැනි මාරාන්තික මදුරු කීටයන් බෝ වීමද සීඝ්‍රයෙන් වැඩිවිය හැකි බවයි.

මේ පිළිබඳ අදහස් දක්වු සමාජ ක්‍රියාකාරිකයෙකු වන සැම්සන් ඥානසිරි මහතා ප්‍රකාශ කළේ, එවැනි තත්ත්වයක් නැවත සිදුවීම වළක්වා ගන්නට හෝ අවම කර ගන්නට ප්‍රදේශයේ කානු පද්ධතිය ඉතා ඉක්මනින් ශුද්ධ පවිත්‍ර කළ යුතු බවයි. එහෙත් ඔහු පවසන්නේ ඒ සඳහා මූලිකව කටයුතු කළ යුතු මීගමු මහා නගර සභාව විසින් ප්‍රදේශයේ කානු පද්ධතිය සුද්ධ පවිත්‍ර කරවීමේ වැඩසටහන් සිදු කරනු ලබන බවට ප්‍රකාශ කළත් එලෙස තමන් වෙසෙන දළුපත ප්‍රදේශයේ හෝ ඒ ආශ්‍රිතව හෝ මෙතෙක් එවැනි දෙයක් නොදුටු බවයි.

කිසිදා සුද්ද නොවන පෙත්තන් ඇල වැනි  ඇලවල් බොහොමයක් නිසා මීගමුව නගරය අපායක් බවට පත්ව ඇති බව මීගමුවේ සියළු පුරවැසියන් දන්නා කාරණයක් . මේවා ගැන බලධාරීන් දැනුවත් කළද ඒවා බීරි අලින්ට වීණා වැයීමක් බව කිවයුතුය

මීගමුව පෙරියම්මුල්ලේ වෙසෙන සමාජ ක්‍රියාකාරිකයකු වන සුජායිල් මුනිර් මහතා ප්‍රකාශ කළේ තමන් වෙසෙන රාසික් ෆරීඩ් මාවතේ කාණු පද්ධතිය ශුද්ධ පවිත්‍ර කිරීම අද දින උදෑසනදී ආරමිභ කර තිබු බවයි. එහෙත් ඔහු පවසන්නේ කානු පද්ධතිය ශුද්ධ පවිත්‍ර කිරීමෙන් පමණක් මාර්ග ජලයෙන් යටවීම වළක්වාලිය නොහැකි බවයි. විශේෂයෙන්ම අවසානයේ වැසි ජලය ගලා බසින මීගමුව මහ නගර සභාවේ සහ කටාන ප්‍රාදේශීය සභාවේ මායිම වන දෙපා ඇල මාර්ගයද ශුද්ධ පවිත්‍ර කළ යුතුව තිබේ. එමෙන්ම ඔහු පවසන්නේ කලපුවට ජලය ගලාගෙන යන කානු පද්ධතිය සහ මහා මුහුදට ජලය ගලා යන කානු පද්ධතියද සුද්ද පවිත්‍ර කළ යුතු බවයි . සමහර ස්ථානවලදී කානු වලට උඩින් තාප්ප ආදිය ඉදිකිරීම් කර ඇති නිසා එවැනි තැන්වලින් වැසි ජලය ගලා යෑම අවහිර වී තිබේ. ඒ නිසා ඔහු වැඩිදුරටත් පවසන්නේ මාර්ග දෙපස කානු පද්ධතිය සුද්ද පවිත්‍ර කරනවා සේම වැසි ජලය ගලා යෑමට තිබෙන ප්‍රධාන ඇල මාර්ගයන්ද එයට සමගාමීව ශුද්ධ පවිත්‍ර විය යුතු බවයි. මහා නගර සභාව මැදිහත් වී එය සිදු කළ යුතු බවඔහුගේ අදහසයි.
මේ පිළිබඳව අප මීගමුව මහා නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතාගෙන් විමසන ලදී. එහිදී ඔහු ප්‍රකාශ කළේ නගරයේ සහ නගරය ආශ්‍රිත මාර්ග වල ඇති කානු පද්ධතිය , ලඟ එන වැසි සමයට ප්‍රථම සුද්ද පවිත්‍ර කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක වන බවයි. ඒ පිළිබඳව වැඩි විස්තර පැවසීමට ඔහුට නොහැකි බවත්, කොමසාරිස් තුමාගෙන් අවසරයක් ලදහොත් එම විස්තර පැවසීමට තමන්ට හැකි බවත් ඔහු අප වෙත පවසන ලදී.

මේ පිළිබඳව විමසීම සඳහා මීගමුව නාගරික කොමසාරිස්තුමන්ව 22/03/2024 දින දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කලද ඒ එක් අවස්ථාවකදී හෝ කොමසාරිස්තුමන්ව දුරකථනයට සම්බන්ධ කරගැනීමට අපට නොහැකි විය .

පෙරියමුල්ල රාසික් පරිස් මාවතේ කාණු සුද්ද කර තිබු අයුරු-

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article