spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“ඉන්දීය පුරවැසි පනතේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ට ඉඩක් නැත්තේ ඇයි ‘‘ සුපිරි නළු කමල් හසන් විමසයි

Must read

_110073759_a8ceb6e6-0294-48db-8e0f-29dfc2509970ඉන්දීය රාජ්‍ය සභාව  විසින් සම්මත කොට ඇති නව පුරවැසි පනත් කෙට්මුපතක් (Citizenship Amendment Bill ) සම්බන්ධයෙන් එරට  තුළ විශාල විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ.  මෙම පනත මගින් පකිස්තානය,ඇෆ්ඝනිස්ථානය, බංගලාදේශ යන රටවල් විලින් සංක්‍රමණික පදනම මත ඉන්දියාවට ඇතුල් වී ඇති  මුස්ලිම් නොවන ජාතිකයින් හට ඉන්දීය පුරවැසිභාවය පිරිනැමීමට අවසර ලබාදීමට නියමිතය.  නීති විරෝධී සරණගාතයින් ලෙස ඉන්දියාවට ඇතුළු වූ මොවුන් ආගමික හිංසනය මත එම රටවල් තුළින් පිටුවහල් වූවන් වන අතර ඔවුන් හින්දු,කතෝලික, සීක්,බෞද්ධ, ජෙන,පාර්සි යන ආගම් වලට අයත්වූවන් වේ.
ඉන්දියානු ලෝක් සභාව විසින් මෙම පනත පැය 12ක විවාදයකින් පසුව පසුගිය සදුදා (09 ) පනතට  පක්ෂව ජන්ද 311කින් සම්මත කරගන්නා ලදී.
සදුදා සිට ඉන්දියාවේ උතුරු-නැගෙනහිර පළාත් තුල වෘත්තීය සමිති, ශීෂ්‍ය ව්‍යාපාර සහ ජනතා සංවිධාන විසින් විශාල ව්‍යාපාරයක් දියත් කර ඇති අතර පොලිස් පහරදීම් නිසා මේ වන විට එක් පුද්ගලයෙකු මියගොස් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ පාලක පක්ෂය වන  ඉන්දීය භාරත ජනතා පක්ෂය පවසන්නේ මෙම පනත නිසා ඉන්දියාවේ මුස්ලිම් ජනතාවට වදවීමට දෙයක් නොමැති බවත් ආගමික හිංසනය නිසා විපතට පත්වූවන්ට ජීවත්වීමට  ස්ථානයක් ලබාදීමක් පමණක් සිදුවන බවත්ය.
මෙම පනතට එරෙහිව ඇති එක් මතයක් වන්නේ ඉන්දීය භාරතීය ජනතා පක්ෂය (BJP) මේ මගින් ඉන්දීය මුස්ලිම් ජනතාව කොන්කිරීමට උතසාහා කිරීම හරහා තම දේශපාලන න්‍යාය පත්‍රය ඉටුකිරීමට උත්සාහ දරන බවයි. දැනටමත් පීඩාවට ලක්වෙමින් සිටින මුස්ලිම් ජනතාවට මෙය ඊටත් වඩා අවධානමක් ගෙන දෙනු ඇති බව විරෝධතාකරුවන්ගේ අදහසයි.
මෙම පනතට එරෙහිව හේතු දක්වමින් බුද්ධීමිතුන්,කලාකරුවන්,වෘත්තීයවේදීන් 700කගේ අත්සනින් යුතු පෙත්සමක් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත බාරදී තිබේ. ඔවුන්  විමසන්නේ සරණාගතයින් සඳහා අවධානය දීමේදී  රටවල් තුනක් කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇත්තේ ඇයිද යන්නයි.   ජාත්‍යන්තර නීතියට අනුකූලව සරණාගත ප්‍රතිපත්තියක් තිබීමේ අවශ්‍යතාව අවධාරණය වීම හැර දේශපාලන වාසි තකා ආගම භාවිතා කරන දෘෂ්ටිවාදයකින් නීති සම්පාදනය වීම වැරදි බවද ඔවුන් පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ පැවති  යුද්ධය හේතුවෙන්  ඉන්දියාවට පලාගොස් ඇති විශාල ශ්‍රී ලාංකික දමිළ ප්‍රජාවක් ද එහි ජීවත්වන අතර මෙම පනත තුළ ඔවුන් කෙරෙහි අවධානයක් දී නොමැති වීම පිළිබදව ද විරෝධය පළවී තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති දකුණු ඉන්දීය සුපරි නලු කමල් හසන් පවසා ඇත්තේ මෙම අවස්ථාව ශ්‍රී ලාංකික දමිළ ජනතාව වෙත ලබානොදී ඇත්තේ කුමක් නිසාද යන්නයි._110073757_c39ed5be-8c19-47dc-ba07-06b2b1089182
www.waymbatoday.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article