spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඊයේ කොච්චිකඩේ සිදුවූ කන්ටේනර් අනතුරේ මරණ පරීක්ෂණය අද.

Must read

 

ඊයේ (සැප්තැම්බර් 03)පෙරවරු 4.30ට පමණ හලාවත සිට ධාවනය වූ කන්ටේනර් රථයක් පොරුතොට හැරෙන හංදියේදී රියදුරුට රථය පාලනය කරගත නොහැකිව පෙරලීයාමෙන් අනතුරක් සිදුව ඇත. එහිදී කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වෙලදසැල් දෙකක ගැටී එක් වෙලද සැලක පඩිය මත නිදාගෙන සිටි පුද්ගලයෙකුගේ ගැටී ඇත.  බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පෙරවරු 9.10ට පමණ මියගොස් ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක් වන බටහිර උල්හිටියාව,වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි කළුගමගේ අනතෝනි ප්‍රනාන්දු යන අයෙකි. මේ වන විට අනතුරු සම්බනදයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (4) මීගමුව මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.

7(1)

2(2)

6(1)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article