spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

උපවාස කරන සිරකරුවන්ට සහය පළකරමින් මඩකලපුවේ හෙට විරෝධතා !

Must read

උපවාස කරන සිරකරුවන්ට සහය පළ කරමින් හෙට මඩකලපුවේ විරෝධතා ..

ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින ,මැගසින් බන්ධනාගාරයේ උපවාස කරන සිරකරුවන්ට සහය පළ කරමින් මඩකලපුවේ විරෝධතාවක් සංවිධානය කර ඇතැයි මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාසමානික්කම් සිය ෆේස් බුක් පිටුවේ සටහන් තබමින් දැනුම් දි තිබේ.

(16 ) හෙට සිකුරාදා පෙරවරු 07.00 සිට ගාන්ධි පාර්ක් ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පැවැත්විමට නියමිතව තිබේ.
මෙම මාරාන්තික ත්‍රස්ත මර්දන පනත ඉවත් කිරීමට සහ විශේෂයෙන්ම දෙමළ කතා කරන ජනතාව මත පනවා ඇති මෙම නීතියට එරෙහිව කරුණාකර සහභාගී වී ඔබගේ සහයෝගය ලබා දෙන්න යැයදි රාසමානික්කම් මන්ත්‍රිවරයා ඉල්ලා ඇත.
මේ අතර ත්‍රස්තවාදය වැලැක්විමේ පණත පිළිබදව මේ දිනවල දකුණේ දේශපාලන කවයන්හිදි ද වැඩි අවධානයක් යොමුව ඇති අතර අරගලයේ නියැලුණු ශිෂ්‍ය ක්‍රියාකාරින් තිදෙනෙකු මෙම පණත යටතේ දින 90 ක් රදවා තබාගැනිමටද නියෝග දි තිබේ.
ඊට ඒරෙහිව ලංකාවේ ස්ථාන කිපයදිම විරෝධතා පැවැත්වුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article