spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

උසස් පෙළ විභාගෙන් පස්සේ බස් නවත්වන්න හදන ගැමුණුලා ……?

Must read

NGB bus terminalඅධ්‍යාපන පොදු සහිත පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වූ වහාම දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන බව අරුණ වෙබ් අඩවිය අද වාර්තා කර තිබුණි.
කොවිඩ් වසංගතය හේතුවෙන් ලීසිං වාරික ගෙවීමට හෝ ආදායමක් නොමැතිව පාඩු ලබමින් ව්‍යාපාර කිරීමට නොහැකිවීමෙන් මෙම තීරණය ගත් බව ඔහු කියා සිටි බවද වැඩිදුරටත් එහි සඳහන්ය

කොවිඩ් වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් හිමියා මුහුණ දෙන තත්ත්වයට විසඳුම්ද ඉදිරිපත් කරමින් හිටපු ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර වෙත පෞද්ගලික බස්රථ හිමියන් විසින් යෝජනාවක්ද ඉදිරිපත් කෙරුණද  ඇමැතිවරයාගෙන් අමාත්‍යාංශය ඉවත්වූ පසු එම යෝජනා පිළිබඳව අදාළ බලධාරීන් කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බව ගැමුණු විජේරත්න පවසයි. පෞද්ගලික බස් රථ හිමියන්ට ගැටලුවක් ඇති බව පිළිගන්නා බලධාරීන් ඊට විසඳුම් නොදෙන්නේ නම් කළ හැකි එකම දේ ධාවනයෙන් ඉවත්වීම පමණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට ධාවනය වන්නේද සමස්ත බස් රථ සංඛ්‍යාවන් 50%ක් පමණක් බව පැවසේ. මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජිත් පවසන්නේ තම සංගමය උසස් පෙළ විභාගයෙන් පසු ධාවනයෙන් ඉවත් වන බවට තීන්දුවක් නොගත්තද මෙරට ප්‍රධාන බස් සංගම් හතර සමග සාකච්ඡා කොට තීන්දුවකට එළඹෙන බවයි. දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයක් හමුවේ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අයකරන ලොග් බලපත්‍ර ගාස්තු සහ මාර්ග බලපත්‍ර ගාස්තු අය කිරීම තාවකාලිකව නතර කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් මාසිකව රුපියල් 1000 ක ගාස්තුවකුත් වාර්ෂිකව රුපියල් 5000 ක ගාස්තුවකුත් බස් හිමියන්ගෙන් අය කරයි.
මේ අතර බස්රථ වලින් කප්පම් ගන්නා පිරිසක්ද සිටින බව මාධ්‍ය විසින් පසුගියදා හෙළිදරව් කර තිබුණි. මේ එක් බස්රථයක් සෑම ගමන් වාරයක් සදහාම රු 300 ක මුදලක් කප්පම්කරුවන් හට ගෙවිය යුතු වේ.
මිගමුවේදි මාධ්‍ය විසින් හෙළිරව් කළ කප්පම්කරුවන් අතර දිවුලපිටියේ පොහොට්ටු නාගරික මන්ත්‍රිවරයෙකු සිටි අතර ඔහු ග්‍රාමිය මාර්ග රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ සමිපතම ආධාරකරුවෙකු බව දේශපාලන ආරංචි මාර්ග විසින් හෙළිකර තිබුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article