spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”එක මවකගේ දරු කැල ලෙස නව දේශපාලන සංස්කෘතියක් බිහි කරමු” -රනිල් වික්‍රමසිංහ

Must read

Ranilජයග්‍රාහකයින් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් නොකර එක මවකගේ දරු කැල ලෙස නව දේශපාලන සංස්කෘතියක් බිහි කරමු යැයි බහුතර ජන කැමැත්තෙන් ජය ගෙන ඇති එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

“ජනවාරි 08 වන දා විප්ලවය ඉදිරියට ගෙනයමින්, යහපාලනය සහ සම්මුතිවාදය ඉදිරියට ගෙන යාම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමි වී තිබේ.

මැතිවරණ කාලය පුරා ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ සියළු පාර්ශ්වයන්ට මාගේ ස්තුතිය පළ කරමි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ සාමකාමී පරිසරය මේ මැතිවරණයේ දී උදා කර ගැනීමට අපට හැකි විය. ඒ යහපත් පරිසරය නිරන්තරව ආරක්‍ෂා කර ගැනීම අප සතු වගකීමකි.

දැන්, ජයග්‍රාහකයින් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් අනවශ්‍යය. එක මවකගේ දරු කැල ලෙස අපි දැන් මෙරට නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීමේ කාර්යයයට එක් විය යුතු වෙමු. නව යුගයේ අභියෝගයන්ට මුහුණ දී අපේ දේශය ඉහළට ඔසවා තැබීමේ වෑයමට එක හදින් උර දිය යුතු වෙමු.

ඒ අභියෝගාත්මක කාර්යය සඳහා අප හා එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරන්නෙමි.

අපි එකට එක්ව ශීලාචාර සමාජයක් බිහි කරමු. සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නංවමු. සැමට සමාන අවස්ථා සපිරි අලූත් රටක් නිර්මාණය කරමු.“

රනිල් වික්‍රමසිංහ

2015 අගෝස්තු 18

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article