spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එදා කම්කරුවන් මර්ධනය කරද්දි විපක්ෂය පාරට ආවා ! අද විපක්ෂය මර නින්දේ ??????

Must read

රජයේ පණතක් පළමු වරට පරාජය කරනු ලබමින් 2011 මැයි 30 දා කටුනායක නිදහස් වෙළඳ කලාප කම්කරුවන් ඇරඹු අරගලයට පසුගිය මැයි 30දාට අවුරුදු 9 ක් සම්පුර්ණ විය. මෙම ඓතිහාසික සටන ජය ගනු ලැබුවත් පොලීසිය විසින් සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරය හේතුවෙන් තරුණ කම්කරුවෙකුගේ ජීවිතයක් අහිමි වූ අතර, තවත් තරුණයන් හත්දෙනෙකු වෙඩි පහරට ලක්ව බරපතල තුවාල ලැබීය.
එමෙන්ම 200 කට වැඩි සේවක සේවිකාවන් සංඛ්‍යාවක් තුවාලකරුවන් බවට පත් විය.FTZ-protest-.107FTZ 101FTZ 107රොෂෙන් 102FTZ 100

මෙම මේලේච්ඡ මර්දනයට එරෙහිව නැගුණු ප්‍රබල විරෝධතාවයන් සමනය කර ගැනීම සදහා රජය විසින් මෙම ප්‍රහාරයට වගකිව යුතු බවට ප්‍රකාශ කරමින් පොලිස් ස්ථානාධිපතිවරයෙක් සහ තවත් පොලිස් නිලධාරියෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඞ් භාරයට පත් කරනු ලැබීය.
එමෙන්ම මේ පිළිබදව සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් ද පත් කරනු ලැබූ අතර, මානව හිමිකම් කොමිෂන් සභාවද මේ සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.
එහෙත් ඒ කිසිවකින් සාධාරණක් ඉටුව තිබුනේ නැත.FTZ 105

FTZ 106එදා කම්කරු මර්ධනයට එරෙහිව විපක්ෂ දේශපාලන ක්‍රියාකාරින් එවකට ගොඩනැගි තිබුණු පුලුල්ම පෙරමුණ වු නිදහසේ වේදිකාව හා එක්වෙමින් මහපාරේද සිය විරෝධතා දියත් කොට තිබුණි.
එහෙත් අද කම්කරුවන් රැකියාලින් නෙරපා දමා කම්කරු නිතිය බල්ලට දමා කටයුතු කරන පාලකයන්ට එරෙහිව මෙන්ම ඒ පාලකයන්ව සුරකින් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව වත්මන් විපක්ෂ නායකයා මෙන්ම විපක්ෂයද සිටින්නේ මර නින්දකය.

ftz3ftz5ftz6ftz7ftz8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article