spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඓශ්වර්යා රායි බච්චන් සහ දියණිය රෝහලෙන් පිටවේ.

Must read

 Aishwarya-Rai-Bachchan-825x412
කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිට පසුව රෝහලකට ඇතුළත් කෙරුණු බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන් සහ ඇගේ 8 හැවිරිදි දියණිය වන ආරධ්‍යා රෝහලෙන් පිටව ගොස් තිබේ.
ඇය සහ දියණිය සතියකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසුව මෙසේ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව ඇගේ සැමියා වන අභිෂේක් බච්චන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

කෙසේ වෙතත් වෛරසය ආසාදිතව රෝහල්ගත කෙරුණු අභිෂේක් බච්චන් සහ ඔහුගේ පියා වන ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් තවමත් ප්‍රතිකාර ලබමින් මුම්බායි රෝහලක රැඳී සිටින බව සඳහන් වෙයි.

“අයිශ්වර්යා සහ ආරධ්‍යා සෘණාත්මක පරීක්ෂාවක් සමග රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඔවුන් දැන් නිවසේ සිටිනු ඇති. මගේ පියා සහ මම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රැකවරණය යටතේ තවමත් රෝහලේ රැඳී සිටිනවා.” අභිෂේක් සඳහන් කර තිබුණි.
ada.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article